අනුදි ඇයගේ ඇඳුමෙන් පෙන්වපු ගැඹුරු අර්ථය

අනුදි කියන්නෙ දහසක් බාධක මැඳ ඉදිරියට යන අප්‍රතිහත ධෛර්යයෙන් යුතු ගෑණු ළමයෙක්. ලෝක නිර්මාණකරු සම්මානය හා ටොප් මොඩල් උදෙසා ධනංජය බණ්ඩාර විසින් නිර්මාණය කරන ලද නිර්මාණයේ අන්තර්ගතය ඉතා අපූරු කතාවක්. 

අනුදි ඇද හැඳ සිටි එම ඇඳුම පිළිබඳව නොයෙකුත් කතාබස් සමාජය පුරා මේ වන විට කතා කෙරෙනවා. 

එම රතු පැහැයෙන් යුත් විවිධ වර්ණවලින් යුත් මල් වලින් සරසා තිබූ ගවුමෙහි ගැඹුරු අන්තර්ගතයක් නිර්මාණය වනවා. 

තද රතු පාට ආරම්භයේ සිට මෘදු සුදු මැලි සන්සුන් භාවය දක්වා වු කාන්තාවකගේ ඔසප් ගමනේ අවධියක් පිළිබිඹු කරන අතර සෑම මලකම මාරුවන වර්ණ කාන්තාවකගේ ස්වාභාවික ඔසප් චක්‍රය පමණක් නොව, ඔසප් සත්කාර සඳහා ප්‍රවේශ වීමේ නිහඬ විෂමතා ද නියෝජනය කරනවා. 

ඇය මල් පෙත්තක් මෙන්, ඉතා අලංකාර වු වද බොහොදෙනෙක් නොදැන සිටියද ඇය විසින් නොකීවද ඇය tramp walk  සිදු කර තිබුනේ, talent challenge  අවසන් තරඟයේ නර්තනය අතරතුර ඇති වූ තුවාලයක් ද සමගින්. 

ඕනෑම මිනිසෙකුගේ සාර්ථකත්වය රදාපවතින්නේද සැම විටම රෝස මල් මතින් නොව කටු මත ද රුධීර වහනය වෙමින් ඇවිද ගොස් ලබන්නාවු සාර්ථකත්වයට පත් වීමෙනි.

අනුදි ගුණසේකර ඔබ ලෝක රූ රැජිණ තරඟය දිනා ගැනීමට දරන නොපසුබට උත්සාහයට සිරිකත අපි සුබ පතන්නේමු. 

සටහන - කසුනි විජේසිංහ 

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි Read Previous

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි

ස්ට්‍රච්මාක්ස්  වලට තිත Read Next

ස්ට්‍රච්මාක්ස් වලට තිත

Realted Post

Leave a comment