අප සැමට අනෙකා ගැන වගකීමක් ඇත

වප් පුන් පොහෝ දා ගෙවෙද්දී දවස කම්පා කරවන සිදුවීමක් වාර්තා වෙනවා. ඒ බ්‍රේක් පැටලය මාරු වී තිදෙනෙක් මිය යන ගම්පොළ පුවත. ගම්පොළ දොළුව විහාරස්ථානයක් ඉදිරිපිටදී සිදු වූ මෙම රිය අනතුරෙන් පෙහෙවත් සමාදන් වූ කාන්තාවන් තිදෙනෙක් මිය යනවා.තවත් එක් කාන්තාවක් මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෝටර් රථය ලොරියකට ඉස්සර කරන්න යෑමේදී බ්‍රේක් පැටලය යැයි සිතා ඇස්ටලේටරය පෑගීමෙන් අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයට සහ ලොරියට මැදි වීමෙන් මෙලෙස කාන්තාවන් තිදෙනනා මිය යනවා.

මෙම සිදුවීම පැති කිහිපයකින්ම සිතීමේදී, " අනේ එහෙම වුණානම් මෙහෙම වෙන්නේ නැහැ නේද ?" යැයි සිතෙන තැන් කිහිපයකි. එලෙස මිය යන කාන්තාවන් තිදෙනාව විහාරස්ථානයේ සිල් සමාදන්වී මාර්ගයෙන් එහා පැත්තට මාරු වී ඇත්තේ වැසිකිළියට යාමට බව පැවසුණා. විහාරස්ථානයතුල වැසිකිළි තිබුණානම් අනේ මේ අනතුර වෙන්නේ නැහැ නේද ? නමුත් විහාරස්ථානයේ වැසිකිලි නැත්ද යන්න අපි හරිහැටි නොදනිමු. සමහර විට විහාරස්ථානයේ වැසිකිළි කැසිකිළි තිබ්බත් පෝ දා ඇති වන තදබදය සමග ඔවුන් මෙලෙස වෙනත් වැසිකිළියට යන්නට ඇත. 

මෝටර් රථය ධාවනය කළ කාන්තාව මේ සිදු වීම වූ අවස්ථාවේදී බෙහෙවින්ම කම්පා වෙමින් "අනේ මට සමවෙන්නැයි" හඬමින් පසුතැවෙන අයුරු දැක ගැනීමට හැකි විය. නිවාඩු දිනයේ ඇය මෝටර් රථය ධාවනය පුහුණු වීමට මෙලෙස මඟට බසින්නට ඇත. මෙවන් දෙයක් සිදු වෙතැයි කිසි විටෙකත් ඔවුන් නොසිතන්නට ඇත. තිදෙනෙක් ජිවිතයටම සමු දෙද්දී තව කෙනෙක්ට නිතිය ක්‍රියාත්මක වෙනවා. සියල්ලන්ගේම නිවැසියන් දුවා දරුවන් කෙතරම් දුක් වෙනවා ඇත්ද ? 

කෙසේ වෙතත් එකිනෙකා තමන් තමන්ගේ කෝණවලින් විවධ විවේචන එල්ළ කළත් අප සිතන්නට කරුණක් මෙහිලා ඉතුරු කරන්නේය. ඒ සියලුම පුද්ගලයන්ට අනෙකා ගැන වගකීමක් ඇති බවයි. 
තේ කඩේකින් උදේට දෙන තේ එක විෂ වුණොත්? ගන්නා ආහාරය ප්‍රමිතිගත නොවුවහොත්, බෙහෙතක් කල් ඉකුත් වී තිබී නොසැලකිලිමතකම නිසා එය රෝගියකුට දුන්නොත් ?මේ ආකාරයෙන් සියල්ලෝම තම තමන්ගේ රැකියාවන්ට නිසි ලෙස වග නොවුවහොත් සිදු වන්නේ විනාශයකි. කාර්මිකයා සිය රාජකාරිය නිසි ලෙසින් නොකළොත් ? 
උදැසන අවදිව ලිප තබන කේතලයේ අපි නොදැනුවත්ව විෂ සතෙකු සිටියහොත් ? 

මදක් හිතන්න...   
මෙලොව ජිවත් වන අප ජිවත් වන කාලයේදී, ගෙවෙන වේලාවන්හිදී ඉටු කරන කුමන කාර්යක් හෝ වේවා ඊට වගකීමෙන් වගවිය යුතුය. මනා සතිය පිහිටුවාගෙන කටයුතු කළ යුතුය. 
ඉතිං, ගෙවුණ වප් පුන් පොහෝය සමඟ ගෙවෙන මේ කථින පිංකම් කාලයේදී,
දේවේශය,වෛරය පසෙකලා, සිතන්න ....

අශන්ති වරුණසූරිය

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3 Read Next

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3

Realted Post

Leave a comment