අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

මාතලේ විජය ජාතික පාසලේ විශේෂ අධ්‍යාපන ඒකකයේ අධ්‍යාපනය ලබන සනුජ දුල්නෙත් දිසානායක සිසුවා මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 139ක් ලබාගනිමින් සුවිශේෂී දක්ෂතාවක් දැක්වීමට සමත්ව තිබේ.

අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි සනුජ, ADHD සහිත දරුවෙකු වන අතර, විශේෂ අධ්‍යාපන ඒකකයේ ගුරු මහත්ම මහත්මීන්ගේ කැපවීම, ආදරය හා මගපෙන්වීම මෙන්ම සිය පවුලේ නොමද සහයෝගය මත මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇත.

සනුජගේ පියා D.M. ප්‍රියන්ත කුමාර දිසානායක මහතා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු වන අතර, මව නදීකා ශ්‍යාමලී වන්සේකර මහත්මිය සනුජ සමඟ නිරන්තරයෙන් රැඳී සිටිමින් ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇතුළු දෛනික ජීවිතයේදී විශාල ශක්තියක් ලබාදෙයි.

සනුජට වැඩිමහල් සහෝදරයෙකුද සිටින අතර, ඔහු D.M. සස්මිත ඉඳුවර දිසානායක වන අතර අලවතුගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය ලබයි. පවුලේ ආදරය සහ සහයෝගය සනුජගේ සාර්ථකත්වයට විශාල ශක්තියක් වී තිබේ.

පාසලේ විදුහල්පතිනිය වන මිතුනි චන්ද්‍රසේකර මහත්මියගේ මගපෙන්වීම යටතේ සනුජගේ අධ්‍යාපන කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබූ අතර, ප්‍රාථමික අංශය භාර සහකාර විදුහල්පතිනි ලිලානි ගනේගොඩ මහත්මිය ඔහුගේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ අධ්‍යාපන කටයුතු නිරන්තරයෙන් සොයා බලමින් ඔහු ධෛර්යමත් කර තිබේ.

සනුජගේ අධ්‍යාපන ගමනේදී මේ වන විට ක්‍රිස්තු දේව විද්‍යාලයට මාරුවීම් ලබා ගොස් සිටින නිලූකා දමයන්ති ගුරු මහත්මිය විශේෂ කාර්යභාරයක් ඉටු කළ ගුරුවරියක ලෙසද සිසුවා විසින් ආදරයෙන් සිහිපත් කරයි.

එමෙන්ම ඔහුගේ පාසල් දිවියේදී ආදරයෙන් සහයෝගය ලබාදුන් හිටපු විදුහල්පති රජිත තීක්ෂණ මහතා සහ හිටපු ප්‍රාථමික අංශ සහකාර විදුහල්පතිනිය ද සනුජගේ සාර්ථකත්වයේදී විශේෂයෙන් සිහිපත් කළ යුතු චරිත වේ.

විශේෂ අධ්‍යාපන ඒකකයේ ශ්‍යාමලී විජේරත්න, දයානි හේමරත්න, නිශාන්ත ගුණතුංග, තරංගා ප්‍රියදර්ශනි සහ විකුම් රාජසිංහ යන ගුරු මහත්ම මහත්මීන්ද සනුජගේ අධ්‍යාපන කටයුතු සඳහා නිරන්තරයෙන් සහයෝගය ලබාදී තිබේ.

ලකුණු 139ක් ලබාගත් සනුජ, විශේෂ අධ්‍යාපන ඒකකයක අධ්‍යාපනය ලබන දරුවෙකු ලෙස තම හැකියාවන් මනාව ප්‍රදර්ශනය කර ඇති අතර, මෙම ජයග්‍රහණය ඔහුගේ කැපවීම මෙන්ම දෙමාපියන්ගේ ආදරය, ගුරුවරුන්ගේ කැපවීම සහ පාසල් ප්‍රජාවේ සහයෝගය එක්වූ සාර්ථක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය.

අධ්‍යාපනයට අමතරව සනුජ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායකයකු ලෙසද කටයුතු කරයි. පොත්පත් කෙරෙහි දැඩි ඇල්මක් දක්වන ඔහු කියවීමට ඉතා ප්‍රිය කරන දරුවෙකි.

තම ආදරණීය මාතලේ විජය ජාතික පාසලට දැඩි ආදරයක් දක්වන සනුජ, වෙනත් පාසලකට යාමට තමා අකමැති බවත්, තම පාසලේම ඉගෙනුම ලබමින් ඉදිරියට යාමට කැමති බවත් පවසයි.

සනුජගේ ජයග්‍රහණය විශේෂ අධ්‍යාපනය ලබන දරුවන් සම්බන්ධයෙන් සමාජයේ පවතින සීමාකාරී අදහස් වෙනස් කරමින්, අවස්ථාව සහ නිසි මගපෙන්වීම ලබාදුන් විට සෑම දරුවෙකුටම තම හැකියාවන් ඔප්නංවා ගැනීමට හැකි බව පෙන්වා දෙන ආදර්ශවත් කතාවකි.

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Previous

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment