ආටිමිස් 3 චන්ද්‍ර මෙහෙයුමේ ගගනගාමීන් සිවුදෙනා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

ඇමරිකාවේ නාසා (NASA) ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඓතිහාසික ‘ආටිමිස් 3’ චන්ද්‍ර මෙහෙයුම සඳහා එක්වන ගගනගාමීන් සිවුදෙනා ඊයේ (9) නිල වශයෙන් හඳුන්වා දෙනු ලැබීය.

මෙම සුවිශේෂී චන්ද්‍ර මෙහෙයුම මෙහෙයවීම සඳහා අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් නම් කර ඇති අතර ඔවුන්ගේ වගකීම් මෙසේය:

  • අණදෙන නිලධාරියා (Commander): නාසා ආයතනයේ රැන්ඩි බ්‍රෙස්නික්
  • නියමුවා (Pilot): යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (ESA) ලූකා පර්මිතානෝ
  • මෙහෙයුම් විශේෂඥයන් (Mission Specialists): නාසා ආයතනයේ ෆ්‍රෑන්ක් රුබියෝ සහ ඇන්ඩ්‍රේ ඩග්ලස්
  • අතිරේක (Backup) ගගනගාමියා: බොබ් හයින්ස්

‘ආටිමිස් 3’ චන්ද්‍ර මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ 2027 වසර අවසානයේදීය.

මෙම මෙහෙයුමේදී ද ගගනගාමීන් සෘජුවම සඳ මතට ගොඩබෑමක් සිදු නොකරයි.

එසේ වුවද, පෘථිවි සහ චන්ද්‍ර කක්ෂයන්හි රැඳී සිටිමින් අනාගත ගවේෂණ සඳහා අතිශය තීරණාත්මක පරීක්ෂණ රැසක් සිදු කිරීමට නියමිතය. මෙම මෙහෙයුමේ මූලික අරමුණු වන්නේ:

* අභ්‍යවකාශ යානා එකිනෙකට සම්බන්ධ කිරීමේ ක්‍රියාවලීන් (Docking procedures) විධිමත්ව පරීක්ෂා කිරීම.
* සඳට ගගනගාමීන් ගොඩබැමේදී ක්‍රියාත්මක කෙරෙන පද්ධති (Human Landing Systems) ප්‍රායෝගිකව පරීක්ෂාවට ලක් කිරීම.

මෙම ‘ආටිමිස් 3’ මෙහෙයුමේ සාර්ථකත්වය මත නාසා ආයතනයේ ඉදිරි අභ්‍යවකාශ සැලසුම් රැසක් තීරණය වේ.

පළමු වරට සඳ මතට පිරිමියකු සහ ගැහැනියක ගොඩබෑම සිදු කිරීමට නියමිතව ඇත්තේ ‘ආටිමිස් 4’ චන්ද්‍ර මෙහෙයුමේදීය. ඉන් අනතුරුව, සඳ මතුපිට ස්ථිර නවාතැන්පොළක් (Lunar Base) ඉදි කිරීමට ද නාසා ආයතනය සැලසුම් කර ඇති අතර, ඒ සියල්ලේම පදනම වැටෙන්නේ ‘ආටිමිස් 3’ මෙහෙයුමේ සාර්ථකත්වය මතය.

සටහන: අංජු බණ්ඩාර

සෙමින් උයනකොට ඔයත් මේ වැරදි කරනවද බලන්න Read Previous

සෙමින් උයනකොට ඔයත් මේ වැරදි කරනවද බලන්න

සුපිරි එල් නිනෝ අවදානමට  ලංකාව සූදානම්ද? Read Next

සුපිරි එල් නිනෝ අවදානමට ලංකාව සූදානම්ද?

Realted Post

Leave a comment