සෙමින් උයනකොට ඔයත් මේ වැරදි කරනවද බලන්න

ශීත කාලයේ හෝ කාර්යබහුල දිනවල පහසුවෙන් රසවත් ආහාර සකස් කර ගැනීමට බොහෝ දෙනා භාවිත කරන මුළුතැන්ගෙයි උපකරණයක් වන්නේ Slow Cooker ය. ආහාර ද්‍රව්‍ය එකතු කර පැය කිහිපයක් සෙමින් පිසීමට ඉඩ දෙන මෙම උපකරණය බොහෝ නිවෙස්වල ජනප්‍රිය වී ඇත.

නමුත් විශේෂඥයන් අනතුරු අඟවන්නේ අප බොහෝ දෙනා Slow Cooker භාවිතා කරන විට පොදු වැරදි රැසක් සිදු කරන බවයි. ඇතැම් ආහාර වර්ග මෙම උපකරණයට සුදුසු නොවන අතර, ඒවා නිසි වේලාවේ නොදැමුවහොත් ආහාරයේ රසය, ගුණය සහ ව්‍යුහය සම්පූර්ණයෙන්ම විනාශ විය හැක.

පාරිභෝගික උපදේශන ආයතනයක් වන Which අනුව, පහත සඳහන් ආහාර වර්ග Slow Cooker එකකට එකතු කිරීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.

පැස්ටා (Pasta)

සමාජ මාධ්‍යවල Slow Cooker පැස්ටා වට්ටෝරු ඕනෑ තරම් දැකිය හැකි වුවද, පැස්ටා ඉක්මනින් මෘදු වී කැඩී යාමට ඉඩ ඇත. එබැවින් සෝස් හෝ කරිය සම්පූර්ණයෙන්ම පිසුණු පසු අවසාන මොහොතේ පැස්ටා එකතු කිරීම වඩාත් සුදුසුය.

සහල් (Rice)

සහල් Slow Cooker එකක පිසීමට හැකි වුවද, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි දියර ප්‍රමාණයක් අවශ්‍ය වේ. එසේ නොකළහොත් සහල් හොඳින් පිසෙන්නේ නැති අතර තද ස්වභාවයක් ගත හැක.

මෘදු එළවළු

බ්‍රොකොලි, සුකිනි, බෙල් පෙපර් වැනි මෘදු එළවළු දිගු වේලාවක් පිසීමෙන් අධික ලෙස මෘදු වී පෝෂණ ගුණද අඩුවිය හැක. එබැවින් ඒවා ආහාරය අවසන් වීමට ආසන්නයේදී එක් කිරීම වඩාත් සුදුසුය.

නැවුම් කුළුබඩු කොළ (Fresh Herbs)

කොත්තමල්ලි කොළ, පාර්ස්ලි, බැසිල් වැනි නැවුම් කුළුබඩු දිගු කාලයක් තාපයට නිරාවරණය වීමෙන් රසය සහ සුවඳ අහිමි වේ. එබැවින් ආහාරය පිළිගන්වීමට මොහොතකට පෙර ඒවා එක් කිරීම වඩාත් ප්‍රයෝජනවත්ය.

වියළි බෝංචි (Dried Beans)

බොහෝ දෙනා Slow Cooker තුළට සෘජුවම වියළි බෝංචි දමන නමුත්, එය සෞඛ්‍යයට අවදානම් විය හැක. විශේෂඥයන් පවසන්නේ බෝංචි වර්ග Slow Cooker එකට දැමීමට පෙර අවම වශයෙන් විනාඩි 10ක් තම්බා ගත යුතු බවයි. පහසු විකල්පයක් ලෙස ටින් කළ බෝංචි භාවිත කළ හැක.

කුකුළු මස් පියයුරු කොටස් (Chicken Breast)

කුකුළු මස් පියයුරු කොටස්වල මේද ප්‍රමාණය අඩු බැවින් දිගු කාලයක් පිසීමේදී ඒවා වියළී දැඩි විය හැක. ඒ වෙනුවට කුකුළු මස් කලවා කොටස් (Chicken Thighs) භාවිත කිරීමෙන් මෘදු සහ රසවත් ආහාරයක් ලබාගත හැක.

අඩු මේද සහිත මස් (Lean Meat)

සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස බොහෝ දෙනා අඩු මේද සහිත මස් තෝරා ගන්නා නමුත්, Slow Cooker සඳහා එය සුදුසු නොවේ. එවැනි මස් වර්ග පහසුවෙන් වියළී යන අතර රසයද අඩුවේ.

විශේෂඥයන් නිර්දේශ කරන්නේ හරක් මස් ස්ටූ කට්ස්, ඌරු මස් ශෝල්ඩර් වැනි තරමක් මේද සහිත මස් වර්ග භාවිත කිරීමයි. මස් Slow Cooker එකට දැමීමට පෙර පෑන් එකක සැහැල්ලුවෙන් බැද ගැනීමෙන් අතිරේක රසයක් සහ වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබාගත හැක.

ආහාරයක් අපේක්ෂිත පරිදි නොපිසුණහොත්, එය අත්දැකීමක් ලෙස සැලකිය යුතු බව Which සඳහන් කරයි. Slow Cooker භාවිතයේදී බහුලව සිදුවන වැරදි වන්නේ, වැරදි මස් වර්ග තෝරා ගැනීම, අධික ලෙස දියර එකතු කිරීම, නැවුම් කුළුබඩු ඉතා ඉක්මනින් එක් කිරීම, පිසීමට සුදුසු නොවන ආහාර වර්ග භාවිත කිරීම, එමෙන්ම Worcestershire Sauce වැනි රසකාරක අවසානයේ එක් කිරීමෙන් ආහාරයේ රසය සැලකිය යුතු ලෙස වැඩි කර ගත හැකි බවද විශේෂඥයෝ පවසති.

Slow Cooker එකක් භාවිත කිරීම පහසු වුවද, සෑම ආහාර ද්‍රව්‍යයක්ම එයට සුදුසු නොවේ. නිවැරදි අමුද්‍රව්‍ය නිවැරදි වේලාවේදී එකතු කිරීමෙන් ඔබට රසවත්, සුවඳැති සහ පෝෂ්‍යදායී ආහාරයක් සකස් කර ගත හැක. එබැවින් ඊළඟ වතාවේ Slow Cooker එක භාවිත කිරීමට පෙර මෙම උපදෙස් මතක තබා ගැනීම වටී.

මේඝා චින්තාමණි

සෙමින් උයනකොට ඔයත් මේ වැරදි කරනවද බලන්න Read Previous

සෙමින් උයනකොට ඔයත් මේ වැරදි කරනවද බලන්න

මලක් වගේ ලස්සන එයා Read Next

මලක් වගේ ලස්සන එයා

Realted Post

Leave a comment