දවල්ට ගෙදරින් හදන ගිහින් මෙහෙම කමු - Lunchbox ideas
දවස පුරා කාර්යශීලීව වැඩකරන ඔබගේ ශක්තිය සහ අවධානය පවත්වා ගැනීමට සරල හා පෝෂ්‍යදායී ආහාර කිහිපයකි මේ.
කාර්යබහුල ජීවිත රටාවක් තුළ බොහෝ දෙනාට දිවා ආහාරය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට කාලයක් නොලැබේ. රැස්වීම්, වැඩ කටයුතු සහ කාල සීමාවන් අතර ඉක්මනින් ගන්නා ආහාරයක් වෙනුවට, ශරීරයට අවශ්‍ය පෝෂණය ලබාදෙන හොඳ දිවා ආහාරයක් තෝරා ගැනීම ඉතා වැදගත්ය.
ප්‍රෝටීන් බහුල ආහාර දිගු වේලාවක් පිරුණු බවක් ලබාදෙන අතර, ශරීරයේ මාංශ පේශී සෞඛ්‍යය පවත්වා ගැනීමටත්, දහවල් කාලයේ ඇතිවන ශක්ති අඩුවීම අවම කිරීමටත් උපකාරී වේ.
ඉන්දියානු ආහාරවලට කැමති ඔබට කාර්යාලයට රැගෙන යාමට පහසු රසවත් සහ පෝෂ්‍යදායී දිවා ආහාර අදහස් 6ක් මෙන්න.
සෝයා චන්ක් “කීමා” මටර් Soya Chunk "Keema" Matar,
ශාකමය ප්‍රෝටීන්වලින් පිරුණු රසවත් ආහාරයක්. බොහෝ දෙනා නොසලකා හරින සෝයා චන්ක් යනු ප්‍රෝටීන් බහුල ආහාරයකි. සාමාන්‍ය සෝයා කරියක් වෙනුවට එය “කීමා” ආකාරයට සකස් කිරීමෙන් රසවත් වෙනසක් ලබාගත හැක. පොඟවාගත් සෝයා කැබලි කුඩාවට කපා, මුං ඇට, ඉඟුරු සහ කුළුබඩු සමඟ පිසීමෙන් රසවත් දිවා ආහාරයක් සකස් කළ හැක. තෙල් වැඩි නොවන නිසා කාර්යාලයට රැගෙන යාමටද ඉතා සුදුසුය.
රසවත් ඕට්ස් සහ මුං ඇට "Panki"
සැහැල්ලු නමුත් ප්‍රෝටීන් බහුල ආහාරයක්. සාමාන්‍ය ඕට්ස් වෙනුවට ඕට්ස් සහ මුං ඇට එකතු කර සකස් කරන මෙම ආහාරය සෞඛ්‍ය සම්පන්න විකල්පයකි. පොඟවාගත් මුං ඇට සහ ඕට්ස් මිශ්‍ර කර සකස් කරන මෙය තන්තු සහ ප්‍රෝටීන් බහුල වන අතර, දිවා ආහාරයෙන් පසු බරක් දැනෙන්නේ නැතිව වැඩ කිරීමට උපකාරී වේ.
පනීර් සහ බෙල් පෙපර් කඩයි ස්ටර්-ෆ්‍රයි Paneer and Bell Pepper Stir-Fry (Kadhai Style)
නිර්මාංශ ප්‍රෝටීන් විකල්පයක්. පනීර් යනු ජනප්‍රිය ප්‍රෝටීන් මූලාශ්‍රයකි. නමුත් එය සකස් කරන ආකාරය වැදගත්ය. වැඩි හොදි නොමැතිව පනීර් කැබලි සහ පාට පාට බෙල් පෙපර් සමඟ සකස් කරන කඩයි ස්ටර්-ෆ්‍රයි එක කාර්යාල දිවා ආහාර පෙට්ටියට ඉතා සුදුසුය. පනීර් තුළ ඇති කේසීන් ප්‍රෝටීනය සෙමින් ජීර්ණය වන නිසා දවස පුරා ශක්තිය පවත්වා ගැනීමට උපකාරී වේ.
පැළ කළ කාලා චනා (කළු කඩල) සලාදය
ප්‍රෝටීන් සහ ඛනිජ වලින් පිරුණු නැවුම් ආහාරයක්. කළු කඩල යනු අපගේ සාම්ප්‍රදායික ආහාරයක් වුවද බොහෝ විට නොසලකා හරින පෝෂ්‍යදායී ආහාරයකි. පැළ කළ කළු කඩල, ලූනු, තක්කාලි, කොත්තමල්ලි සහ කුළුබඩු සමඟ මිශ්‍ර කර සකස් කරන මෙම සලාදය රසවත් මෙන්ම සෞඛ්‍ය සම්පන්නය. එහි ඇති ප්‍රෝටීන් සහ යකඩ ක්‍රියාශීලී ජීවන රටාවකට උපකාරී වේ.
බහු ධාන්‍ය සමඟ බිත්තර භුර්ජි
ඉක්මනින් සකස් කළ හැකි ශක්තිමත් දිවා ආහාරයක්. බිත්තර ආහාරයට ගන්නා අයට බිත්තර භුර්ජි යනු පහසු සහ ප්‍රෝටීන් බහුල ආහාරයකි. එයට කැරට්, බෝංචි හෝ කැප්සිකම් වැනි එළවළු එකතු කිරීමෙන් පෝෂණය තවත් වැඩි කළ හැක. සුදු පාන් වෙනුවට බජ්රා හෝ ජෝවර් වැනි බහු ධාන්‍ය රොටියක් සමඟ ගැනීමෙන් ප්‍රෝටීන් සහ සෙමින් ශක්තිය ලබාදෙන කාබෝහයිඩ්‍රේට් එකට ලබාගත හැක.
කබුලි කඩල සහ නිවිති මිශ්‍රණය (Kabuli Chana) and Spinach Mash, සෞඛ්‍යයට හිතකර සැනසිලිදායක ආහාරයක්. කබුලි කඩල සාමාන්‍යයෙන් බරපතළ කරි සඳහා භාවිතා කළද, එය සෞඛ්‍ය සම්පන්න ආකාරයට සකස් කළ හැක. කඩල තරමක් පොඩි කර නැවුම් නිවිති සමඟ පිසීමෙන් ප්‍රෝටීන්, තන්තු සහ යකඩ බහුල රසවත් ආහාරයක් සකස් කළ හැක. මෙය බ්‍රවුන් රයිස් සමඟ හෝ තනිවම වුවද ආහාරයට ගත හැක.
කාර්යාලයට සෝයා, පරිප්පු, පනීර්, බිත්තර සහ කඩල වැනි ප්‍රෝටීන් බහුල ආහාර එකතු කිරීමෙන් රසවත් සහ සෞඛ්‍යයට හිතකර ආහාර වේලක් සකස් කළ හැක. හොඳින් සැලසුම් කළ දිවා ආහාරයක් ඔබට වැඩ කරන දිනය පුරා ශක්තිමත්ව, අවධානයෙන් සහ ක්‍රියාශීලීව සිටීමට උපකාරී වේ.
මෙම ලිපිය අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් වන අතර වෛද්‍ය උපදෙස් ලෙස සැලකිය නොහැක. කිසියම් සෞඛ්‍ය ගැටලුවක් සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න. msn ඇසුරින්.
අශන්ති වරුණසුරිය

Leave a comment