ආධ්‍යාත්මික ජීවිතයක් එක්ක බැඳුණු නීටා ප්‍රනාන්දු

සිය ප්‍රතිභාපූර්ණ රංග කෞෂල්‍යය තුළින්  දශක ගණනක් තිස්‌සේ රසිකයන් තුළ නොමැකෙන රංගන මුද්‍රාවක් තැබූ රංගන ශිල්පිනියක් ලෙස නීටා ප්‍රනාන්දු නම් සම්මානනීය, ජ්‍යෙෂ්ඨ රංගනවේදිනිය හැඳින්විය හැක. ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙන චරිත තුළින් ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන රංගනවේදිනියක වන නීටා ප්‍රනාන්දු නව නිර්මාණ පිළිබඳව සේම, ජීවිතය මැනවින් වටහාගෙන ජීවත් වන කාන්තාවක් ලෙස ඇය සමාජය දෙස දකින ආකාරය පිලිබඳව සිරිකත පුවත්පතෙන් යෙනුණු කතා බහකි මේ....

 

ඇයගේ ජීවිතයෙන් බිඳක් අපත් සමග බෙදා හදා ගත්තේ මෙලෙසිනි... 

චමින්ද ඉලුක්වලගේ 'මාගම් සෝලි' චිත්‍රපටිය තමයි මම මෑතකම කළ ප්‍රධාන චරිතය සහිත චිත්‍රපටය. මෙතනදි කිවයුතුම කාරණයක් තමයි 'මාගම් සෝලි' සිනමා නිර්මාණය 'මාගම් සෝලිය' නමින් පළ කෙරුණු කෘතිය සමග කිසිම සම්බන්ධයක් නැති බව.

උදාර පල්ලියගුරුගේ නිර්මාණය කළ Gigallo (ජිගලෝ) කියන චිත්‍රපටියත් ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා නිලන්ත හපන්වීරගේ පළමු සිනමා නිර්මාණය වූ 'තේජා' ප්‍රදර්ශනය වීමට ඇති මම රංගනයෙන් දායක වූ තවත් චිත්‍රපටියක්. 

ප්‍රසාද් කළුපහනගේ 'කම්බිලි ' චිත්‍රපටියේත් සුවිශේෂී චරිතයක් මම නිරූපණය කළා.ජීවිතයේ හුදකලාව කියන දේ නැතිවෙන්නෙ නෑ. මම සිනමාවේ වැඩ කරන්න ගියත්, පල්ලියට ගියත් සමාජයට මුහුණ දෙනවා. මම සමාජයට නිතර මුහුණ දෙන නිසා හුදකලා වෙන වෙලාවල් අඩුයි . නමුත් තනිවෙන වෙලාවල් තියෙනවා. ආදරයෙන් හිටපු මහත්තයගෙ අඩුව කවදාවත් පුරවන්න බෑ. හුදකලාවට මුහුණ දෙන්න තමයි අපි අදහන ධර්මය ඕන වෙන්නෙ. අපි දෙවියන්, බුදුන්, ස්වභාවදහම ගැන විශ්වාස කරනවා නම් හුදකලාව නැති කරගන්න පුළුවන්

සටහන - නිරෝෂන් ප්‍රේමරත්න 

“Kalopsia – කැලොප්සියා” රූගතකිරීම් අවසන් Read Previous

“Kalopsia – කැලොප්සියා” රූගතකිරීම් අවසන්

24 Love Story Read Next

24 Love Story

Realted Post

Leave a comment