ඊළඟ ආසාව සිනමාවට - THILINI JAYAMALI

මේ දවස්වල රූපවාහිනියෙන් විකාශය වන සින්ටො ටෙලි නාට්‍යයේ සිතාරාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඇය තිළිණි ජයමාලි, දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක්ද වන ඇය කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්විය. මේ ඇයත් සමග කළ සුන්දර කතාබහක සටහනයි...

 


කොහොමද මේ දවස්වල ජීවිතේ?

ගොඩක් හොඳින් සතුටින් කාලය ගත කරනවා. බොහෝ වෙලාවට දවස ගතවන්නේ රූගත කිරීම් සමඟයි. මේ දවස්වල සින්ටෝ, විසේකාරි සහ සික්ස් පැක් ටෙලි නාට්‍යවල රූගත කිරීම් වලට සම්බන්ධ වී සිටිනවා.


සින්ටො ටෙලිනාට්‍යයේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම රංගනයෙන් දායකත්වය ලබාදුන් අනිත් චරිත වලට වඩා වෙනස් චරිතයක්. මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර වෙනස්. මගේ අනිත් චරිතවලට ආදරය කරපු ප්‍රේක්ෂකයෝ මේ චරිතයට බණිනවා. මෙම චරිතය සමාජයේ කතාබහට ලක් වූ චරිතයක්. අපහාසයට ලැජ්ජාවට පත් වූ චරිතයක්. ඒ වගේම ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාරත් හුඟක් හොඳයි.


ඔබ ආදරවන්තියක්ද?

කමු

එන්නේ කුඩා රාජ්‍ය සහභාගි සර්ගේ වේදිකා න් චුලා ආරම්භ ගමන්

ඔව් මම ආදරවන්තියක්. ඔහු දමින්ද නන්දරතන ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මං ගැන මටත් වඩා හොඳට ඔහු හිතනවා. මගේ හැම දෙයක් ගැනම ගොඩක් සැලකිලිමත් වෙනවා. ඔහු ගොඩාක් ආදරණීය පුද්ගලයෙක්. සමහර දේවල් මම අතහරින්න හදන කොට ඔහු මාව උනන්දු කරවනවා ඒ දේවල් අත් නොහැර ඉන්න ඔහුත් සමග ගෙවන ජීවිතය හරිම පහසුයි.


ඉදිරි කටයුතු කොහොමද?

වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙන්න වගේම සිනමා ක්ෂේත්‍රයට ආරාධනාවක් ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉදිරියේදී වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වීමටත් අදහස් කරගෙන සිටිනවා. 

 

සටහන - ඉෂංකා ජයසූරිය 

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’ Read Previous

සත්තුන්ගේ බුද්ධිය ගැන ලෝකයම දරපු මතය වෙනස් කරපු අපූරු ගිරවෙක් තමයි ’’ඇලෙක්ස්’’

සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරු පර්යේෂණ ඒජන්සියක සංචාරය Read Next

සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරු පර්යේෂණ ඒජන්සියක සංචාරය

Realted Post

Leave a comment