උඩරට දුම්රිය ධාවනය ගැන සුබ ආරංචියක්

මේ වසර අවසන් වීමට පෙර  උඩරට දුම්රිය මාර්ගය ඔස්සේ පේරාදෙණිය සිට කොළඹට දුම්රිය ධාවනය ආරම්භ කරන බව ප්‍රවාහණ නියෝජ්‍ය අමාත්‍ය වරයා මාධ්‍යයට සහතික වෙයි..

දිට්වා ආපදාවෙන් ඇතිවූ නායයාම් සහ ගංවතුර  තත්ත්වය හේතූවෙන් හානි වූ පේරාදෙණිය යකඩ පාළම හෙවත් කළු පාළමේ ප්‍රතිසංස්කරණ කටයුතු  කඩිනමින්  නිමා කර , මේ වසර  අවසන්  වීමට පෙර ,කොළඹට දුම්රියක් ධාවනය කරවීමට අවශ්‍ය කටයුතු  සිදු කරගෙන යන බව  ප්‍රවාහණ නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ,මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය,

දැනටමත්  පේරාදෙණියේ සිට   දුම්රිය   ධාවනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ඉංජිනේරූවරුන් විසින් ආරම්භ කර ඇති බවද  නියෝජ්‍ය අමාත්‍ය වරයා මෙහිදී  කීය.

දිට්වා ආපදාවෙන් හානි වූ මාර්ග යථා තත්ත්වයට පත් කරන බවත්,එම මාර්ග තාර යොදා කාපට්කිරීමට අවශ්‍ය තාර ඉරානයෙන් ගෙන්වීමට සිදුවූ බවත් ඉරානයේ යුධ තත්ත්වය නිසා ඉරානයෙන් තාර ගෙන්වා ගැනීම අපහසු වූ බවද පැවසූ නියෝජ්‍ය අමාත්‍ය වරයා දැනට  වෙනත්  රටවලින්   උසස් තත්ත්වයේ  තාර ගෙන්වීම සඳහා අදාළ සමාගම්  මාර්ගයෙන් කටයුතු කරගෙන යන  බවද  කීය,

විදෙස් රටවලින්  දුම්රිය සහ වඩාත් හොඳ තත්ත්වයේ බස් රථ මෙරටට ගෙන්වීම සඳහා  කටයුතු කරගෙන  යන බවද  කී ප්‍රවාහණ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ,නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක්  මගින් දුම්රිය සහ බස්රථ ගෙන්වීමට  කටයුුතු කරගෙන යන බවද පැවසීය.ප්‍රසම්පාදන ක්‍රියාවලිය  ප්‍රමාද වීම හේතූවෙන් එම බස්රථ සහ දුම්රිය මෙරටට ගෙන්වීම ප්‍රමාද  වූ බවද ,නියෝජ්‍ය  ප්‍රවාහණ අමාත්‍ය  වරයා  වැඩි දුරටත් පැවසීය.

ජේ.ඒ.එල් ජයසිංහ..

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය Read Previous

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ Read Next

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

Realted Post

Leave a comment