උපන් ගමන් බිළිඳා නිවස අසළ වන ලැහැබට වීසී කල මවක්

තම කුසින් උපන් බිළිඳා කාටත් හොර රහසේ තම නිවස අසළ වන ලැහැබකට දැමූ මවක් තෙල්දෙණිය පොලීසියේ නිලධාරින් විසින්  පරීක්ෂණ  පවත්වා අත් අඩංගුවට ගෙන තිබේ.

මව බිළිඳා බිහිකිරීමෙන් පසුව අධික රුධිර වහනයට ලක්වීම හේතුවෙන් තෙල්දෙණිය  රෝහලට ඇතුලත් වීමෙන් පසු වෛද්‍ය වරුන් ඇය පරීක්ෂාකර බලා ,ඇය දරුවෙකු ප්‍රසූත කල බව අනාවරණය වීමෙන් පසු සිද්ධිය පොලීසියට දැනුම් දී තිබේ.

මව විසින්  බිහිකල  බිළිඳා පසුව  මව විසින්ම අසළ වන ලැහැබකට බැහැර කර  සිටියදී ,එම බිළිඳා හඬන  ශබ්දය  ඇසුණු , නිවසේ සිටි කුඩා දරුවන් ඒ බව සිය පියාට  දැනුම් දීමෙන් පසුව ,එම  පුද්ගලයා බිළිඳා වහා  රැගෙන   තෙල්දෙණිය  රෝහලට  බාර දී තිබේ. මෙම සංවේග ජනක පුවත වාර්තා වූයේ තෙල්දෙණිය  රෝහලෙන් සහ තෙල්දෙණිය පොලීසියෙනි.

රෝහලට ගෙන ආ බිළිඳා   වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණයෙන්  පසු , පේරාදෙණිය ළමා රෝහල  වෙත යවා තිබෙන අතර එහිදී බිළිඳා මිය ගොස් ඇති බව , තෙල්දෙණිය පොලිසිය             පවසයි.  .

කෙසේ වෙතත් දරු  උපත සඟවා  තම කුසින් මෙලොවට බිහි කල බිළිඳාගේ ජීවිතයට හානියක් කිරීමේ අදහසින්  ක්‍රියාකල  දෙදරු මවක් වූ  කාන්තාවට සහ ඇගේ සැමියාට එරෙහිව නීතීමය පියවර ගැනීම සඳහා  එම මව්පිය යුවළ සම්බන්ධයෙන් නීතීමය පියවර  ගන්නා බව පොලීසිය  ප්‍රකාශ කළේය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන්   තෙල්දෙණිය   පොලිස් අධිකාරී ජයන්ත සමරකෝන් මහතාගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඩී එම් . චන්ද්‍රපාල මහතා විසින් තෙල්දෙණිය  මහේස්ත්‍රාත් අධිකරණයේ  මහේස්ත්‍රාත් වරයා වෙත කරුණු වාර්තා කර වැඩිදුර පරීක්ෂණ කටයුතු  සිදු කරයි.

ජේ ඒ එල් ජයසිංහ  
තෙල්දෙණිය  චන්දන  උඩුවවාවල

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Previous

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

I Will Always Love You ඩොලී පාර්ටන් Read Next

I Will Always Love You ඩොලී පාර්ටන්

Realted Post

Leave a comment