ඔප්රා වින්ෆ්‍රේ සාර්ථකත්වයට යන මාර්ගයේ ප්‍රේරණාත්මක කථාව

ඔප්රා ලෝකයේ අතිවිශිෂ්ට මාධ්‍ය ක්ෂේත්‍රයේ පුද්ගලයින් අතරින් එක් අයෙක්.  නමුත් ඇගේ සාර්ථකත්වය ඇයට සරලව ලැබුණේ නැහැ.  වයස අවුරුදු 10කදී දැරියක් වශයෙන් අසීරු තත්ත්වයන් ජය ගැනීමට සිදු විය. එහිදී ඇගේ ජීවිතයේ අභියෝග, පවුල් අර්බුද, ආර්ථික අපහසුතා ඇතුළු බොහෝ දේ ඇය ජය ගත්තා. 

ඔප්රාගේ ජීවිත කථාව අපට කියා දෙන්නේ “අභියෝග ඔබේ මිතුරා ලෙස සලකන්න". ඇය විශ්වාස කළේ, කටයුතු කිරීමෙන්, අධ්‍යාපනයෙන්, සහ මනෝබලයෙන් සියලු අසීරුකම් ජය ගත හැකි බවයි. ඇගේ සාර්ථකත්වයේ මුලික හේතු වන්නේ ඇගේ අධි උත්සාහය, ධෛර්යය සහ ජීවිතයට වටිනාකමක් දක්වන මනෝභාවයයි.

ඔප්රා වින්ෆ්‍රේ අපට පෙන්වා දුන්නේ, පසුබැසීමක් ජයග්‍රහණයට පාරක් බවට පත් විය හැකි බවයි. ඇය “The Oprah Winfrey Show” මගින් ලෝකයට පෙරදසුනක් ලබා දුන්නේ, අපි සියලු දෙනාට වටිනාකමක් ඇති බව, අපේ අත්දැකීම් වලින් තේරුම් ගත හැකි බවයි.

ඇය අවසානයේ වැඩිම මුදලක් අයකරන රූපවාහිනී නිවේදිකාව බවට පත් වෙනවා. 

ඔප්රාගේ ජීවිත කථාව අපට මග පෙන්වන්නේ:

සෑම අභියෝගයකම මුහුණ දීමට කැමති වීම

අභියෝගයන්ගෙන් පාඩම් ගැනීම

ඇතුළතින්ම ශක්තිමත් වීම

අනෙක් අයට ආලෝකයක් වීම

 

ඔප්රා වින්ෆ්‍රේ වගේම, අපටත් හැකියාව තියෙන්න අවශ්‍යයි. අපේ ජීවිතයේ අපහසුකම් ජය ගනිමින් සාර්ථකත්වයට ළඟා වීමට. ඇගේ ජීවිතය සහ අත්දැකීම් අපට මතක් කර දෙන්නේ, අභියෝග ජය ගැනීමෙන්ම ජීවිතය සාර්ථක බවට පත්වන බවයි.

 

සටහන - කසුනි විජේසිංහ 

MIND TALKS WITH KAWI 

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් සම්පූර්ණ කරයි Read Previous

Prime සමූහය The Colombo Border ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් සම්පූර්ණ කරයි

ගොළුබෙලි සත්කාරය හැමෝටම සුදුසුද? ඔබට ගැළපෙනවාද? Read Next

ගොළුබෙලි සත්කාරය හැමෝටම සුදුසුද? ඔබට ගැළපෙනවාද?

Realted Post

Leave a comment