කතා වෙන කච්චතිව්

කච්චතිව් කියන්නේ හරි ලස්සන දූපතක්. කච්චතිව් බෙහෙවින්ම ලස්සන වෙන්නේ කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යත් එක්ක. සෑම වසරකම උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන මෙම මංගල්‍යයට ශ්‍රී ලාංකිකයන් වගේම ඉන්දියානුවනුත් එනවා. 

ඉන්දියාව කියන්නේ ලංකාව වගේ 50 ගුණයකින් පමණ විශාල රටක්. එවන් ලොකු රටක් මේ වෙලාවේ වර්ග කිලෝමීරට 1.6ක් වගේ පොඩි දූපතක් වන කච්චතිව් ගැන කතාවක් පටං අරගෙන. මෙය හුදෙක් දේශපාලන කතාවක් බවට පත් වෙලා.

 ඉන්දියාවේ සිට කිලෝමීටර් 20ක සහ ලංකාවේ සිට කිලෝමීටර් 15ක් දුරින් පහිටි කච්චතිව් දූපත 1974 කච්චතිව් ගිවිසුමටත් පෙර ශ්‍රී ලංකාවට අයිතිව තිබුණු බව සදහන් වෙනවා. මෙම ගිවිසුම හිටපු අග්‍රාමාත්‍ය  සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඉන්දිරා ගාන්ධි අතර අත්සනින් 1974 පමණ ඉන්දිරා ගාන්ධි ගිවිසුමකින් කච්චතිව් ශ්‍රී ලංකාවට පවර දෙනවා. 

එම ගිවිසුමට අනුව ඉන්දියාවේ ධීවරයින්ට ධීවර රැකියාව කළ හැකි බවට සදහන් වූ නමුත් ඉන් අවුරුදු දෙකකට පසුව එම ගිවිසුම වෙනස් වෙමින් ඉන්දියාවේ ධීවරයින්ට කිසිවක් සදහා මෙම මුහුදු ප්‍රදේශයට ඇතුල් විය නොහැකි බවට සදහන් කර තිබෙනවා. ජාත්‍යන්තර මුහුදු සීමාවන්ට අනුව ලංකාවට අයිති මෙය දූපතේ ඉන්දියානු ධීවරයින් ධීවර කටයුතුවල නිරත වීමෙන්, විවිධ අවස්ථාවන්හිදී අත්අඩංගුවට පත් වුණේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට පැමිණීම හේතුවෙන්.

වසරේ එක කාල සීමාවක පමණක් මෙම දූපතේ පිහිටා තිබෙන ශාන්ත අන්තෝනි දේවස්ථානය වන්දනා කරගැනීම සඳහා ඉන්දියානුවන්ට මුහුදු මාර්ග ඔස්සේ කච්චතිව් දූපතට පැමිණීමට ශ්‍රී ලංකාව විසින් අවසර ලබා දී තිබෙනවා. 

නෛතිකව සහ අන්තර්ජාතික මුහුදු සීමා සම්මතයන්ට අනුව ශ්‍රී ලංකාවට මෙම දූපත අයත් වුවත්, ඉන්දීය ධීවරයින් සහ අනෙකුත් ජාවරම්කරුවන් තවමත් මෙම මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිටින බවට නන් අයුරින් වාර්තා වන පුවත් රැසක් තිබෙනවා. කෙසේවෙතත් මේ වන විට මේ ගැන කතාබවක් ඇති වීම අරභයා බොහෝ දෙනා කතා කරන කච්චතිව් ගැන වැඩි දුර විස්තර කියන්න අපි සුදානම්. ඒ තවත් මෙවන්ම ලිපියකින්.

අශන්ති වරුණසූරිය 

කුරුණෑගල ඓතිහාසික  විල්බාව පත්තිනි මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා Read Previous

කුරුණෑගල ඓතිහාසික විල්බාව පත්තිනි මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා

ආබාධය ජීවිතයට  බාධාවක්  නොකර ගත්  ඇය - වසන්තා Read Next

ආබාධය ජීවිතයට බාධාවක් නොකර ගත් ඇය - වසන්තා

Realted Post

Leave a comment