කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි

කෙසෙල් කොළ සත්කාරය අමතක නොවන්නක්. ලංකාව වන් මනුස්සකමින් පිරුණු දේශයක් තවත් නෑ - පඤ්ඤාකර හිමි


මෙරට සාම පා ගමන් අවසන් කර නැවත ඇමෙරිකාව බලා වැඩි  වියට්නාම 
පඤ්ඤාකර හිමි එරට විශේෂ මාධ්‍ය සාකච්ඡාකට සම්බන්ද වෙමින් පවසා සිටියේ තමන් ලෝකයේ රටවල් රාශියක සංචාරය කර තිබුණද ශ්‍රී ලංකාව වැනි මනුස්සකමින් පිරුණු දේශයක් තවත් කොහේවත් හමු නොවූ බව. 

උන්වහන්සේ වැඩි දුරටත් සිය දේශනයෙන් මෙසේ පැවසූහ. 

 දඹුල්ලේ සිට කොළඹ දක්වා වූ සිය ගමනේදී දුටු වඩාත් අමතක නොවන දසුන කෙසෙල් කොළ මාවත. රජවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් ලෝකය පුරා රතු පලස් එලනවා මම දැක තිබෙනවා. නමුත් හිරු රශ්මියෙන් රත්වූ මහ පොළොව මත පාවහන් රහිතව වැඩම කළ අපගේ පාද සිසිල් කරන්නට සාමාන්‍ය ලාංකික ජනතාව සැතපුම් ගණනාවක් පුරා කෙසෙල් කොළ අතුරා තිබුණා. ඒ කෙසෙල් කොළ මත ඔවුන් ගලා යන සීතල පැන් ඉසිනවා මම දුටුවා. එය රතු පලසකට වඩා දහස් වාරයක් වටිනා ගෞරවයේ සළුවක් ලෙසයි මම දකින්නේ".

 මිනිසුන්ගේ අතේ මුදල් හිඟ වුවද ඔවුන්ගේ හදවත්වල ශ්‍රද්ධාව සහ කරුණාව ලෝකයේ වෙනත් කිසිදු ධනවත් රටකට සමාන කළ නොහැකියි.

"සමහර අවස්ථාවල මිනිස්සු අපේ ඇඟේ හැපෙන තරමට අපිට ආදරේ කළා. ඒක පීඩනයක් නෙවෙයි. ඒක ඔවුන්ගේ හදවතේ තිබුණ භක්තිය පිටාර ගැලීමක්.

 ලෝකයට සාමය සහ කරුණාව ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව දෙස බැලිය යුතු බවත්  හුදෙක් ආගමික වතාවත්වලට පමණක් සීමා නොවී පීඩාවට පත් වූවෙකු වෙනුවෙන් මාවතක් පුරා කෙසෙල් කොළ අතුරා දිය පොදක් පිරිනමන්නට තරම් උතුම් මිනිස්සු වෙසෙන ඒ දේශය ලෝකයටම ආදර්ශයක් බව උන්වහන්සේ මෙහිදී වදාළහ.

ලංකාවෙන් නික්ම ගියද ලාංකිකයන්ගේ ඒ කෙසෙල් කොළ සත්කාරය සහ නිහතමානී සිනහව තමන් වහන්සේගේ හදවතේ සදාකාලිකව රැඳෙන බව පඤ්ඤාකර හිමියන් සිය කතාව නිමා කළ සේක.

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Next

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

Realted Post

Leave a comment