තමන්ගෙම රාමුවක ජීවත්වීම සරලයි සුන්දරයි

කාලයක් ක්ෂේත්‍රයේ දකින්න හිටියෙ නෑ නේද?

ඔව්. ඒ දවස් වල මම ලංකාවේ හිටියෙ නැහැ. මේ දවස් වල මගේ පවුලේ අය සමග දෝහා කටාර්වල පදිංචි වී සිටිනවා. ඒ වගේම ඉක්මනින්ම ලංකාවට පදිංචියට ඒමට බලාපොරොත්තුවක් තිබෙනවා.

ඔබ නීතිඥවර්යක් ලෙස වෘත්තීය ආරම්භ කළාද?

තවම නැහැ. නිරූපණ රංගන යන ක්ෂේත්‍ර වලට යොමු වූ නිසා නීතීඥ වෘත්තිය සම්බන්ධයෙන් කටයුතු කරන්න නොහැකි වුණා. ඉදිරියේදී ඒ සම්බන්ධ වැඩ කටයුතු ආරම්භ කරන්නත් බලාපොරොත්තු වෙනවා.

පවුලේ කටයුතු සමබර කරගන්නෙ කොහොමද?

පසුගිය කාලයේ වැඩ කටයුතු සමබර කරගෙන යාමට නොහැකියාවක් තිබුණු නිසා මගේ කලා කටයුතු හුඟක් අතපසු වුණා. සමහර කාලවකවානුවලදී අපගේ පවුලට මූලිකත්වය ලබා දිය යුතුයි. මගේ දෙවැනි දරුවා ලැබෙන්න ඉන්න කාලයේ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා සිටියා. එම නිසා අවුරුදු හයක කාලයක් මගේ දරුවන්, පවුල සමග කාලය ගත කරන්න අවස්ථාව ලැබුණා. දැන් ඔවුන් දැනුම් තේරුම් ඇති දරුවන්. ඒ නිසා මගේ කලා කටයුතු නැවතආරම්භ කිරීමට සූදානම් වෙලා සිටිනවා. දැන් ඉතින් මුල සිටම හැම දෙයක්ම සමබර කරගෙන යන්න ඕනෑ.

පවුලේ ප්‍රශ්නයක් ඇතිවුණාම කොහොමද මුහුණ දෙන්නෙ?

මුල් කාලවලදී ප්‍රශ්න ඇති වීම් වැඩියි. නමුත් කාලයත් සමග ඒ දේවල් අපිටම මග හරවා ගන්න පුළුවන්. දෙදෙනාට දෙදෙනා ඒ අවබෝධ කර ගැනීමෙන් සහ විශ්වාසයක් ඇතිකර ගැනීමෙන්. අවබෝධය සහ විශ්වාසය පවුලක් සහ ආදරයක් රඳා පවතින්න අත්‍යවශ්‍යයි.

ඉෂංකා ජයසූරිය 

මහනුවර ඇසළ පෙරහැරේ තෙවන  රන්දෝලි පෙරහැර Read Previous

මහනුවර ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර

යක්ෂාව වේශය ළඟදීම තිරයට Read Next

යක්ෂාව වේශය ළඟදීම තිරයට

Realted Post

Leave a comment