තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි සැරයන්

පොලිස් කාන්තාවක් ලෙස පොලීසියට එක්වීමට ඉල්ලුම් පත් යැවූ 24 හැවිරිදි තරුණියට ඇගේ නිවසට ගොස් අමුතු පරීක්ෂණයක් කළ බණ්ඩාරවෙල පොලිස් බුද්ධි අංශ සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් කොස්තාපල් වරියක ලෙස පොලිස්  දෙපාර්තමේන්තුවට අයදුම් කළ වැලිමඩ පොලිස් වසමේ මිරහවත්ත පෙදෙසේ පදිංචි තරුණියකගේ නිවසට (01 වන දින) ගොස් ඇති බණ්ඩාරවෙල පොලිස් රාජ්‍ය බුද්ධි අංශයේ සැරයන් වරයෙක් එම තරුණියගේ සියලු තොරතුරු පොලීසියට අවශ්‍ය බව පවසා ඇගේ සිරුරේ තිබෙන කැළැල් ලප පි්ළිබඳ විස්තර විමසා සිරුරේ රහස් පෙදෙසේ කැලල් පරීක්ෂා කිරීමට අවැසි බව දන්වා ඇගේ රහස් පෙදෙස ස්පර්ශ කිරීමේ සිද්ධියක් දුර දිග යාමෙන් පසු එම තරුණිය සිද්ධිය වැලිමඩ පොලීසියට පැමිණිළි කර තිබේ,

තරුණියගේ පැමිණිල්ල මත වැලිමඩ පොලීසිය විසින් පොලිස් රාජ්‍ය බුද්ධි අංශ සැරයන් වරයා අත් අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි. මෙම තරුණිය පොලිස් කොස්තාපල්වරියක ලෙස පොලීසියට එක්වීමට අයදුම්පත්ද යොමු කර තිබේ. 

ඇය වෛද්‍යපරීක්ෂණයට යාමට පෙර ඇගේ සිරුරේ ලප කැලැල් පරීක්ෂා කළ යුතු බව පවසා සැකකාර පොලිස් බුද්ධි අංශ සැරයන්වරයා ඇයට මෙම අයුතු ලිංගික අතවරය කර ඇති බව පොලීසියට ලද පැමිණිල්ලෙන් අනාවරණය වූ බව පොලීසිය පවසයි.

ජේ.ඒ.එල් ජයසිංහ

 

First Capital Holdings PLC මීගමුව ශාඛාව Read Previous

First Capital Holdings PLC මීගමුව ශාඛාව

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි සැරයන් Read Next

තරුණියගේ රහස් ප්‍රදේශයේ ලප සොයා ස්පර්ශ කළ බුද්ධි සැරයන්

Realted Post

Leave a comment