සමාජ මාධ්‍ය හරහා ළමුන් සහ කාන්තාවන් අලෙවි කිරීමේ ජාවාරමක්

මුහුණුපොත (Facebook) ප්‍රමුඛ සමාජ මාධ්‍ය අවකාශයන් තුළ සමූහ (Groups) මගින් ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ලිංගික දර්ශන සහ පුද්ගලික ඡායාරූප මිලදී ගන්නා සහ මුදලට අලෙවි කරන මාර්ගගත ජාවාරමක් පිළිබඳ වාර්තා වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

තවද මේ දිනවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් දැනටමත් මෙම තත්වය පිළිබඳ පරිශීලකයින් දැනුවත් කරමින් අමාත්‍යංශය ලිපි සහ වීඩියෝ පට විශාල ප්‍රමාණයක්ද ප්‍රචාරය කර ඇත.

ඒ අනුව අමාත්‍යංශය සිදු කළ මූලික සොයා බැලීම් හරහා අනාවරණය කරගත් කරුණු සහිතව ශ්‍රී ලංකා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර ඇත.

අදාළ සමූහ පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ ව්‍යාජ ගිණුම් හරහා තම සමීපතමයින්ගේ ඡායාරූප සහ වීඩියෝ පට මෙසේ විකිණීමට උත්සාහ කරන බව පෙනුනු අතර තම පවුලේම සාමාජික කාන්තාවන්ගේම ඡායාරූප සහ වීඩියෝ පට මෙලෙස බෙදාහැරීමට උත්සාහ කරන අවස්ථාද නීරීක්ෂණය වි ඇත.

එසේම මෙම සමූහ බොහොමයක් විදේශ රටවල සිට මෙහෙයවන බවද හඳුනාගැනීමට හැකිවි තිබේ. 

ඔබ පවුලේ කාන්තාවන් සහ ළමුන් ඔබ නිවස තුළදීම මෙලෙස අනාරක්ෂිත වීමේ අවදානම පවතින බැවින් දෙමව්පියන් තම දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ සහ ඔවුන් ඒ හරහා ඇසුරු කරන මිතුරන් පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය කාරුණිකව දැනුම් දෙයි.

තවද ඔබ පවුලේ අයෙකු එවැනි ජාවාරමක ගොදුරක් වන බවට, ඇබ්බැහි වූවෙකු වන බවට නිරීක්ෂණය වුවහොත් ඔවුන් මනෝ සමාජයීය උපදේශනය වෙත යොමු කිරීමට හෝ අනෙකුත් නෛතික සහය ලබා ගැනීමට 1938 සහ 1929 ගාස්තු රහිත උපකාරක සේවා දුරකථන අංක හරහා හැකියාව සළසා දී ඇත.

මෙම තත්ත්වය අප අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමු වී ඇති බවත් මේ හරහා කාන්තාවන් සහ ළමුන් වින්දිතභාවයට පත්වීම වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය කඩිනම් මැදිහත්වීම් සිදුකරන බවත් අමාත්‍යංශය වැඩිදුරටත් දන්වා සිටිමු.

බතේ රහස Read Previous

බතේ රහස

බතේ රහස Read Next

බතේ රහස

Realted Post

Leave a comment