නවසීලන්ත කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්...

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වී තිබෙනවා. 

ක්‍රයිස්චර්ච්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 113ක් පමණි.

 

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මනුදි නානායක්කාර ලකුණු 35ක් රැස්කර තිබුණා.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් බ්‍රී ඉලිං සහ ජෙස් කර් කඩුලු දෙක බැගින් දවාගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු කදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක Suzie Bates ලකුණු 47ක් රැස්කළ අතර Brooke Halliday නොදැවී ලකුණු 46ක් රැස් කළා. 

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment