පිං පුරන්න වප් පුර පසළොස්වක පොහෝ දා

වස්සාන සමයේ පෙරවස් එළඹුකු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම සිදු වන වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ අද වන් වප්පුර පොහෝ දිනකදීය.

 මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් රැසක් අද වන්  වප් පුන් පොහෝ දිනයේදී සිදු වූ බව ශාසනිජ ඉතිහාසයේ සදහන් වෙනවා. 

එවන් පිං සපිරුණ පුන් පොහෝදාවක් වන අද උදෑසන සිට උවැසි වැසියන් දාන සීල පාරමිතා පුරන්නට වෙහෙර විහාර්ස්ථානවල සිල් සමාදන් වෙමින් සිටිනවා..

 

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි? Read Previous

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි?

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි? Read Next

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි?

Realted Post

Leave a comment