බෙල්ලන්විල පොසොන් කලාපය දින 3ක්..

පොසොන් පොහොය වෙනුවෙන් බෙල්ලන්විල පොසොන් කලාපය  මෙවරත් දින 3ක් පැවැත්වේ.

බෙල්ලන්විල නගරසභාව සහ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම බෙල්ලන්විල අනුබුදු පොසොන් කලාපයේ මිහින්තලා අනුරුවක් නිර්මාණය කෙරේ.

 බෙල්ල රජමහා විහාරස්ථානයේ පොසොන් පෝ දා සීල සමාධි වැඩසටහන් රාශියක් සිදු කරන බව විහාරස්ථානය පවසයි. 

 බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති  ආචාර්ය ධම්මරතන නහිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පොසොන් පොහෝ දින වැඩසටහන් රාශියක් මෙල්ස සිදුවේ. 

  විහාරස්ථානය ඇතුළත දන්සැල් ලබාදීමේ හැකියාවක් නොමැති අතර පොසොන් කලාපයේ දන්සැල් ලබා දෙනවා නම් අදලා අවසරයන් ලබා ගෙන ඔබට දන්සැල් සදහා සම්මාදන් විය හැක.

 පොසොන් කලාපය වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් විශාල ජනකායක් පැමිණෙන නිසා ඒ සියලුම ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක කටයුතු මෙන්ම ජනතාව ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් මෙන්ම රථවාහන සැලැස්මක් ද බෙල්ලනිල පොලිසිය විසින් දියත් කර ඇති බව බෙල්ලන්විල රජමහා විහාරයේ දායක සභාවේ සභාපති චිත්‍රාල් ලියනපතිරණ මහතා පවසුවේය.

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි? Read Previous

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි?

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි? Read Next

බබාගේ කැස්ස සති ගණනක් පවතින්නේ ඇයි?

Realted Post

Leave a comment