මගේ ජීවිතය මට වුණු ලොකුම බිඳ වැටීම සහ ඛේදවාචකය තමයි තාත්තාගේ සමු ගැනීම

ආදරණීය මවක්, කලාකාරිනියක් සහ ව්‍යවසායිකාවක් ලෙස ජීවිතේ සි කියන දේ සොයාගන්නෙ කොහොමද? 

මේ වනවිට මම ඉන්නෙ සැනසීම කියන දේ ජීවිතේ මුලික අවශ්‍යතාවක් බවට පත්කරගෙන. විශේෂයෙන්ම සැනසීම කියන දේ වෙනුවෙන් කැප කරන්න තියෙන සියලු දේ කැප කරන. ඒ වෙනුවෙන් මහන්සි වෙන දේවල් කරන කාලයක ඉන්නවා.

බිඳවැටීමි හැලහැප්පවීම් හැම ජීවිතයකම තියෙන්න පුළුවන්. එහෙම තැන්වලදී ඔබේ ශක්තිය වුණේ කවුද?

මගේ ජීවිතය මට වුණු ලොකුම බිඳ වැටීම සහ ඛේදවාචකය තමයි තාත්තාගේ සමු ගැනීම. ඒ අහිමි වීම දරාගන්න මට ලොකුම ශක්කිය වුණේ මගේ දුව. දුව වෙනුවෙන් මම ජීවත් වෙන්න ඕනෑ කියන එක මගේ හිතේ දරුණුවටම මුල් බැසගෙන තිබුණා ඉතින් තාත්තාගේ අහිමිවීමේ මතකය එයා පිරෙව්වා.


ලස්සන කටහඬ වගේම ඊටම කැපෙන රූපයක් ජීවිතයට ලොකු ආශිර්වාදයක් නේද?

ඒක නම් උත්තර දෙන්න ටිකක් අමාරු ප්‍රශ්නයක් ඒක කියන්න ඕනෑ බලාගෙන ඉන්න අයම තමයි නමුත් මම හරි වාසනාවන්ත ගැහැනියක් කියලා මම හිතනවා. ඒ රූපය නිසාම නෙවෙයි. මගේ වටේ ඉන්න හිත මිතුරන් මගේ දුව‍, මහත්තයා පවුලේ අය අධ්‍යාපනය මේ හැමදේම මට ආශිර්වාදයක්. ඒකට මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා.

ලස්සනට අඳින්න කැමති ඔයාට Read Previous

ලස්සනට අඳින්න කැමති ඔයාට

ලස්සනට අඳින්න කැමති ඔයාට Read Next

ලස්සනට අඳින්න කැමති ඔයාට

Realted Post

Leave a comment