මධ්‍යම පලාතේ පාසැල් 38ක් වැසේ


මධ්‍යම පලාතේ  ඇතිවී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතූවෙන් ඇතිවූ අධික වර්ෂාවෙන් සිදුව තිබන ජප ගැලීම් නායයාම් සහ මාර්ග  වලට පස්කඳු කඩා වැටීම් නිසා මධ්‍යම පලාතේ පාසැල්  38  ක් වසා දැමීමට    තමන් පලාත් අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දුන් බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා   මධ්‍යම පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති  මාධ්‍ය සාකච්ඡාවකදී (21) පැවසීය

එහිදී වැඩිදුරටත්  කරුණු දැක්වූ  පලාත් ආණ්ඩුකාරවරයා මෙසේද කීය,

නාවලපිටිය ප්‍රදේශයේ පවුල්  66 ක්,මේ වන විට තාවකාලික ආරක්ෂිත කඳවුරුවල තාවකාලිකව නතර කර තිබෙනවා,තලවකැලේ  පවුල් 06 ක්  අවතැන්වී තිබෙනවා. ඔවුන් තාවකාලින රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා  සිටිනවා.

මධ්‍යම කඳුකරයේ ඔිනෑම ආපදා අවස්ථාවක මුහුණ දීම සඳහා  අදාළ රාජ්‍ය  නිලධාරින් සූදානම්ව සිටින  බවද    ආණ්ඩුකාර වරයා  මෙහිදී  පැවසීය.මෙම අවස්ථාවට  ආණ්ඩුකාර ලේකම්  නිශාන්ත කරුණාතිලක මහතාද   මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

ජේ  ඒ  එල් ජයසිංහ

මල් කියන්නෙ භාෂාවක් Read Previous

මල් කියන්නෙ භාෂාවක්

ලෝකයේ ප්‍රියතම ගමනාන්තය Read Next

ලෝකයේ ප්‍රියතම ගමනාන්තය

Realted Post

Leave a comment