මවක් වීමට සුදුසු ම වයස

මේ දිනවල දරුවන් බිහි කිරීම සහ ගැබිනියක් වීම සහ ඒ සඳහා සුදුසු වයස් සීමාවන් පිළිබඳව සමාජය තුළ වැඩි වශයෙන් කතා බහට ලක් වේ.

ඒ  42 හැවිරිදි ජනප්‍රිය බොලිවුඩ් නිළි  කත්‍රිනා කයිෆ්  සහ බොලිවුඩ් නළු විකී කෞෂාල් යුවළ ගේ පළමු දරු උපත පිළිබඳව සමාජ මාධ්‍ය  ඔස්සේ හුවමාරු කර ගැනීමත් සමඟයි.

ලෝකය තුළ මීට පෙරත් වයස්ගත කාන්තාවන් දරුවන් බිහි කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර මෙවර එය නැවත වැඩි වශයෙන් කතා බහට ලක් වන්නේ කත්‍රිනා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන නිසා විය යුතුය.

සැබෑවටම දරුවන් බිහි කිරීම සඳහා නිශ්චිත වයස් සීමාවන් පිළිබඳව දක්වා නොමැත.නමුත් දරුවන් බිහි කිරීමට සහ දරුවන් හදා වඩා ගැනීම,පෝෂණය කීරීම  ආදී කාරණා සැලකිල්ලට ගැනීමේදී  වයස් සීමාවන් පිළිබඳව අවධානය යොමු කරයි.

ඇතැම් අවස්ථාවන්හී වයස අවුරුදු 40 පමණ වන විට බොහෝ දෙනෙකුට විවිධ ලෙඩ රෝග, නිසා වෙන් කායික යහ පැවැත්ම අඩාල වේ. එනිසාම මෙවැනි වයස් සීමා තුළ දරු ගැබක් දැරිම මවට සහ කළලයට ද හානී ඇති කරයි.

ගබ්සා වීම්,මළ දරු උපත් ආදීන් සිදු වීමට වැඩි ඉඩක් ඒ  නිසා  පවති.බොහෝ දෙනෙක් තමා ආර්ථික සහ සමාජීය වශයෙන් ස්ථාවර වීමෙන් පසු විවාහය සහ දරුවන් සෑදීම ආදී කාරණාවන් පිළිබඳ සිතීම වර්තමානයේ දැඩි ලෙස දක්නට ලැබේ.


තම  ජීවිතයේ ගනු ලබන පෞද්ගලික තීරණ වලට බලපෑම් කළ නොහැක.නමුත් ඔබ නිරෝගී දරු උපත් බලාපොරොත්තු වන්නේ නම් මේ හේතූන් පිළිබඳව ද අවධානයේ තබා ගැනීම සුදුසු ය.

කෙසේ වෙතත් මානසික වශයෙන් ද ශක්තිමත් වීමට සහ මවක් වීම සඳහා සුදානම් වීම පහසු කටයුත්තක් නොවන අතර පවුලේ , සැමියාගේ හිත මිතුරන් ආදී  සෑම සමීපතමයෙකු ගේ ම උපකාර තුළින් විවිධ හේතූන් නිසා විවිධ වයස් සීමාවල දී මවක් වීමට සූදානම් වන කාන්තාවන් ට ශක්තිමත් මවක් ලෙස නිරෝගී දරුවෙකු බිහි කිරීම ට  හැකි වනු ඇත.


සටහන -  දුල්ෂරා මධුවන්ති

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Next

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Realted Post

Leave a comment