මෙරට තුන්වරක් රාජ්‍යත්වය හිමි වූ හෙළ රැජිණ ලීලාවතී
හෙළ රාජවංශයේ කාන්තාවන්ට හිමි වී තිබෙන්නේ සීමිත ඉඩක්. ඒ අනුව අපට හමු වන තවත් සුවිශේෂී රැජිණක් ලෙස ලංකාව තුන්වරක් පාලනය කළ එකම රැජිණ වූ ලීලාවතී රැජිණ හැදින්විය හැකිය.
ශ්‍රී වල්ලභ රජු සහ සුගලා දේවියගේ දියණියක් ලෙස උපත ලැබූ මැයගේ කුඩා කළ විස්තර හෙළ ඉතිහාසයේ සොයා ගන්න තරමක් අපහසු කරුණක් වුණත් සොයා ගැනීමට හැකි වූ කරුණු කිහිපයක් මෙලෙස කතාව විත් අශ් හෙළයේ අඩහැරය වෙතින් සටහන් කිරීමට කැමැත්තෙමු.
සුන්දර රු සපුවකට හිමිකම් කියන්නියක වූ ලීලාවතී කුමරිය පාණ්ඩව සම්බවයකට හිමිකම් කියන්නියක්. මහා පරාක්‍රමබාහු රජු ගේ අග මෙහෙසිය වූ ලීලාවතී කුමරියගේ ආදරයට මව් බිසවුන් දැක්වූ විරුද්ධත්වය නිසා පරාක්‍රමබාහු රජුට කේළම් කිවූ බවත් ඒ නිසා රජු සිය අගමෙහෙසිය ගැන සැකයෙන් පසු වූ බවත් පැවසේ. එම නිසා රජු සිය දෙවන රැජිණිය වූ රූපවතී රාජිණියට වැඩියෙන් ඇල්මක් දක්වා ඇත.
පරාක්‍රම බාහු රජුගෙන් පසු රජකම ලබා ගැනීමට පුත් කුමාරයෙක් නොසිටි බැවින් රජුගේ වියෝවෙන් පසුව දෙවන විජය බාහු රජුට රාජ්‍යත්වය හිමිව තිබේ. ඉන්පසුව රජවරුවරුන් කිහිපදෙනෙක් කෙටි කාලවලදී රජකම් උසලා ඇති අතර විවිධ කුමන්ත්‍රණ හමුවේ රජවරුන්ට එලෙස සිය රජකම අහිමි වෙද්දී නැවත ගෘහස්ත දිවියක් ගත කරමින් සිටි ලීලාවතී රැජිණ ක්‍රි.ව.1197 පමණ කාලසීමාවේදී මෙරට රැජිණිය ලෙස පාලන බලය හිමි ඇත.
ඇයගේ කාලසීමාවේදී මෙරට සාහිත්‍ය මෙන්ම බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවයක් සිදු කළ ඇත. අනුරාධපුර පුලියමන්කුලම් සෙල්ලිපියේ සදහන් වන තොරතුරුවලට අනුව දැහැමින් රට පාලනය කළ රැජිනක් ලෙසටත් දුගී ජනතාවට උදව් කරමින් දන් දුන් බවත් සතුරු කුමන්ත්‍රණ හමුවේ ඇයගේ පාලනය අරාජික වූ බවත් සදහන් වේ
කුමන්ත්‍රණකරුවන් හමුවේ වසර දෙකකට පසුව රාජ්‍ය බලය නැවත අහිමි වන ලීලාවතී රැජිණ ක්‍රිව 1200 සමයේදී නැවත මෙරට රැජිණය බවට පත් වේ. නමුත් නැවතත් ඉන්දීය ආක්‍රමණයක් හමුවේ පරාද වී රාජ්‍යත්වය අහිමි වුවත් ලීලාවතී රැජිණ කාලයත් සමඟ සටන් කර නැවත තෙවන වරටත් ලංකාදීපයේ රැජිණ ලෙස රාජ්‍යත්වය හිමි වී ඇත. එතනින් සත්මසකට පසුව පරාක්‍රම පාන්ඩේගේ ආක්‍රමණයෙන් නැවත රාජ්‍යත්වය අහිමි වන ලීලාවතී රැජිණ ඉන්පසුව පොළොන්නරුවේ වාසය කර තිබේ.
මෙරට ඉතිහාසයේ දරුණුතම ආක්‍රමණය ලෙස කාලිංග මාඝ යුද්ධය හැදින්විය හැකියි. දරුණු මිනිස් සංහාරයක් සිදු වූ මෙම සටනේදී ලීලාවතී රැජිණ ද මිය යන්නට ඇතැයි විස්වාස කෙරේ. ඉතින් ඉතිහාසය සැකවින් මෙලෙසයි අපට සටහන් කළ නොහැක. අපි නොදන්නා, සොයා ගැනීමට පවා නොහැකි බොහෝ තොරතුරු තවත් කොතකුත් ඇති බවත් සදහන් කරමින් මේ සටහන මෙලෙසින් තාවකාලිකව නතර කරමි.
- අශන්ති වරුණසූරිය
Leave a comment