යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස්

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මැදිහත් වී සිටින අතර, යුද්ධය අවසන් කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දරණ උත්සාහය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පැසැසුමට හේතුවක් වී ඇත.

රුසියන් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා ඉතා වටිනා අදහස් රැසක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සතු බවය.

ඊයේ (2) මොස්කව් නුවර පැවති ජාත්‍යන්තර රුසියානු විද්වතුන්ගේ ‘වල්ඩායි සංසදය’ අමතමින් පුටින් මෙසේ පැවැසීය.

‘ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මා ඉතා යහපත් සහ මිත්‍රශීලී පුද්ගලික සබඳතා පවතිනවා. ඔහු මට ඉතා හොඳ මිතුරෙක්. ගෞරවණීය ලෝක නායකයෙක්. රුසියන් යුක්රේන යුද්ධය අවසන් වෙනවා දකින්න ඔහුට ඕනෑ. මෝදි සතුව ඉතා හොඳ අදහස් කීපයක් තියෙනවා.’ යැයි රුසියන් ජනාධිපති පුටින් පැහැදිලි කළේය.

රුසියන් ජනාධිපති යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ  යුක්රේනය, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකයකු වීමට උත්සාහ දැරීමය.

‘නේටෝ’ යනු යුද සංවිධානයකි. ඇමෙරිකාව ඇතුළු බටහිර යුරෝපා රටවල් එක් වී, ​‘නේටෝ’ සංවිධානය පිහිටුවීමේ අරමුණ, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමය. එබැවින්, යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම යනු රුසියාවට විශාල තර්ජනයකි. පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර ඇත්තේ ඒ නිසාය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමගත් යහපත් සබඳතා පවත්වයි. යුද්ධය නැවැත්වීමට, මෝදිගේ මැදිහත් වීමෙන් මීට පෙර අවස්ථා කීපයකදී සාම සැලැසුම් සකස් කෙරුණත් ඒවා සාර්ථක වූයේ නැත.

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi Read Previous

වියට්ජෙට් වෙතින් නොමිලේ අධිවේගී Wi-Fi

මාෂ් හුනී Read Next

මාෂ් හුනී

Realted Post

Leave a comment