රංගන ශිල්පී හේමාල්ට ඇප

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් 100,000ක ශරීර ඇපයක් මතයි සැකකරු මුදා හැරීමට නියෝග කර ඇත්තේ.

පසුගිය ජනවාරි මස 08 වැනිදා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව, ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ පසුබිමකයි අද නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු පොලිසියට භාර වී ඇත්තේ. 

සටහන - කසුනි විජේසිංහ 

හුන්නස්ගිරියෙ ජරාව විකුණූ හෝටල් Read Previous

හුන්නස්ගිරියෙ ජරාව විකුණූ හෝටල්

TVS Knowledge Center රාගමට Read Next

TVS Knowledge Center රාගමට

Realted Post

Leave a comment