රහස් පෙදෙසට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව

ළමා නිවාසයේ බාල වයස්කාර පිරිමි දරුවාගේ රහස් පෙදෙසට මිරිස් කුඩු දමා වධ හිංසා කරලා. ළමා නිවාසයේ යුවළක් රිමාන්ඩ්..

මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ රාජ්‍ය නොවන ආයතනයක්  විසින් මයිලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ළමා නිවාසයක නේවාසිකව සිටි 16 හැවිරිදි පිරිමි ළමයෙකුගේ රහස් පෙදෙසට  මිරිස් කුඩු දමා වධ හිංසා කල  එම ළමා නිවාසයේ පාළිකාව සහ ඇගේ සැමියා තලාතුඔය  පොලීසිය  මගින්  සැකපිට අත් අඩංගුවට ගත් බව තලාතුඔය පොලීසිය පවසයි,

වධ හිංසාවට ලක්වූ බාල වයස්කාර පිරිමි දරුවා ,මාරස්සන රෝහලට ඇුතුලත් කර,පසුව  මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම  සිද්ධියට සම්බන්ධ සැකකාරිය සහ සැකකරු මහනුවර මහේස්ත්‍රාත්  (02) දේවිකා සී ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්  07වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

තලාතුඔය  පොලීසිය  සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

ජේ.ඒ.එල් ජයසිංහ

 

 

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය Read Previous

මහියංගන ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට Read Next

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට

Realted Post

Leave a comment