රිදී විහාරය සංචාරක ගමනාන්තයක්

ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ යෝජනාව පිළිබඳ මූලික සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23වනදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සංචාරක ආකර්ෂණය දිනා ඇති  රිදී විහාරය කේන්ද්‍ර කරගනිමින්, එහි පෞරාණික අනන්‍යතාවය හා ඒ ආශ්‍රිත පාරිසරක පද්ධතිය සුරැකෙන පරිදි විධිමත් ‍ සංවර්ධන සැලසුම් සකස් කර ‍සංචාරක ආකර්ෂණය තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී  සාකච්ඡා විය.

මේ අනුව අදාළ පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් කෙටි කාලයක් තුල සැලසුම් සකස් කර ඉදිරි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමටද  මෙහිදී තීරණය විය.

රිදී විහාරයේ භාරකාර විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නාහිමි,  පූජ්‍ය රිදීගම වනරතන හිමි ප්‍රධාන, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. එම්. අස්ලම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සුරංජිත් වෑවිට, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක අංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එච්. පී. සෝමතිලක, නියෝජ්‍ය සභාපති - SLAITO නිලාන් වික්‍රමසිංහ, රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ සභාපති උපාලි අනුර පල්ලෙමුල්ල, මහාචාර්ය ඩබ්ලිව්.කේ.සී.ඥානපාල, මහාචාර්ය මොහම්මදු හලිම් මොහම්දු අස්ලම් ,  රිදීගම ප්‍රාදේශීය ලේකම් කුෂාන් ධනංජය වික්‍රමසූරිය, වයඹ සංචාරක අධිකාරියේ අධ්‍යක්ෂ  ඒ.නාලක සිසිර කුමාර යන මහත්වරු ඇතුලු නිලධාරීහු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

මහනුවර මහ නගර සභාව ප්‍රථම වරට නගරයේ  අවමංගල්‍ය ශාලාවක් Read Previous

මහනුවර මහ නගර සභාව ප්‍රථම වරට නගරයේ අවමංගල්‍ය ශාලාවක්

බෙංගාල බොක්කේ පීඩනය වැඩි වෙයි! ඉදිරි පැය 24, වැසි සහ තද සුළං Read Next

බෙංගාල බොක්කේ පීඩනය වැඩි වෙයි! ඉදිරි පැය 24, වැසි සහ තද සුළං

Realted Post

Leave a comment