ලෝකයම කතා වෙන Tang Weiගේ අලුත් වෙනස

ලෝකප්‍රකට නළු නිළියන්ට ආදරේ කරන ඔබට ආස හිතෙන නිව්ස් එකක් විදෙස් සිනමා පුවත් නිරීක්ෂණය කිරීමේදී හම්බ වුණා. ඒ ගැන කියන්නයි මේ සූදානම. චීන චිත්‍රපට රැල්ලක් මේ වන විට ලංකාවෙත් ඇති වෙලා තියෙන නිසා ජනප්‍රිය චීන නිළි Tang Weiට ආදරය ලංකාවේ රසිකයන් පිරිසකුත් ඉන්නවා. ඒ අයට ඔන්න තමන්ගේ අලුත්ම නිවුස් එකක් කියන Tang Wei පවසන්නේ තමන් නැවත ගැබ්ගෙන ඇති බව. තමන්ගේ නිල වශයෙන් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇය මේ ගැන නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඇයගේ ස්වාමිපුරුෂයා වන්නේ දකුණු කොරියානු චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන Kim Tae yong ය.

ඇය මෙම සතුටුදායක ආරංචිය 2026 අප්‍රේල් 29 වනදා තම සමාජ මාධ්‍ය ගිණුමක් හරහා බෙදා ගෙන තිබුණේ හරිම ආදරයෙන්. Tang Wei ගැබ්ගෙන ඇති බවට කටකතා මීට පෙර සති කිහිපයක් පුරාම පැතිර තිබුණා. මාර්තු මාසයේදී, ඇය සහ Kim Tae yong බෙයිජිං නගරයේ එකට සාප්පු යාමකදී ඇය පැළඳ සිටි ලූස් ඇඳුම් සහ ඇයගේ හැසිරීම දැකලයි මේ විදියට කතාවක් පැතිරිලා තිබුණේ. 

කොහොමවුණත් මේ වෙනකොට ඇය විසින්ම ඇගේ මව් පදවිය තම රසියකන්ට දැනුම් දීලා ඉවරයි. මෙම නිවේදනයෙන් පසු සමාජ මාධ්‍ය තුළ විවිධ ප්‍රතිචාර ලැබුණා. බොහෝ දෙනා ඇයගේ මෙම ගැබ් ගැනීම ගැන සතුට පල කරමින්, සෞඛ්‍යසම්පන්න දරු ප්‍රසූතියක් සඳහා සුභ පැතුම් එක් කර තිබෙනවා.

Tang Wei සහ Kim Tae yong 2014 ජූලි මාසයේදී විවාහ වූ අතර, ඔවුන් 2010 දී නිකුත් වූ Late Autumn චිත්‍රපටය හරහා එකට වැඩ කළ අවස්ථාවේදී හමු වෙලා තියෙනවා. ඔවුන්ගේ පළමු දරුවා 2016 දී උපත ලැබුවා. 

Tang Wei ලෝකප්‍රසිද්ධියට පත් වෙන්නේ Lust, Caution චිත්‍රපටය හරහාය. එය Ang Lee විසින් අධ්‍යක්ෂණය කළ, Golden Lion සම්මානය දිනාගත් නිර්මාණයක්. Finding Mr. Right, The Golden Era, Long Day's Journey into Night, Decision to Leave සහ Wonderland යන චිත්‍රපටවලින් හරහා ඉමහත් රසික අසරයක් දිනා ගත් ඇය ඉදිරියේදී ප්‍රසිද්ධ කොරියානු අධ්‍යක්ෂවරයෙකු වන Park Chan-wook ගේ The Brigands of Rattlecreek නම් බටහිර තේමාවක චිත්‍රපටයක ද පෙනී සිටීමට නියමිතයි. 

මෙම සියලු දේ අතරින්, ඇයගේ ජීවිතයේ නව පියවරක් ලෙස මෙම ගැබ් ගැනීම බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇති අතර, රසිකයින් ඇය වෙනුවෙන් ආදරය සහ සුභ පැතුම් අඛණ්ඩව පළ කරමින් සිටිනවා.

 

දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළා පූර්ණ යුද්ධ හමුදා ගෞරව සහිතව අවසන් ගමන් යයි Read Previous

දුම්රිය අනතුරකින් මියගිය යුද්ධ හමුදා සෙබළා පූර්ණ යුද්ධ හමුදා ගෞරව සහිතව අවසන් ගමන් යයි

සරලකමත් දක්ෂතාවත් එකට එක්ව ලස්සන වූ Renée Zellweger Read Next

සරලකමත් දක්ෂතාවත් එකට එක්ව ලස්සන වූ Renée Zellweger

Realted Post

Leave a comment