ලෝකේ ලස්සනම බිරිද ලංකාවට

ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින, ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

මෙම තරගාවලියේ අවසාන මහා තරගය මෙම 13 වැනි දින සවස 06.00 ට කොළඹ නෙළුම් කුළුණ රඟහල් පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර ඒ සදහා ශ්‍රී ලාංකික විවාහක කාන්තාවෝ 23 දෙනෙක් සහභාගී වෙති.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි‍ ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විවාහක රූ රැජින වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක , තරගාවලි කළමනාකරු නිමේෂ් බස්නායක යන මහත්වරුන් ඇතුළු මෙම වැඩසටහනේ සාමාජිකයන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ඇය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන නැරඹීමට ද නියමිතය.

ලංකාදීප Online - ටී.කේ.ජී.කපිල

 

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි Read Previous

මෙහෙම කළොත් කොන්ඩේ ප්‍රශ්න ටික ඉවරයි

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද Read Next

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද

Realted Post

Leave a comment