වීදී සුරතලෙක් සමගින් කොකෝ ලඟදීම තිරයට එක්වෙයි

වීදී සුරතලෙක් සමගින් කොකෝ ලඟදීම තිරයට එක්වෙයි .

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ වීදී සුරතලෙකු පාදක කර ගනිමින් නිර්මාණය කරනු ලබන ප්‍රථම සිනමා නිර්මාණය වූ ,කොකෝ  පුංචි සුරතල් බලු පැටවකු සහ කුඩා දියණියක වටා ගෙති ඇති අනුවේදනීය සිනමා නිර්මාණයක් වන අතර, හුදෙක්ම සිනමා නිර්මාණයකින් එහා ගිය සමාජ  ක්‍රියාකාරී ව්‍යාපෘතියක් ද වෙයි.  මෙම සිනමා නිර්මාණය තුළින් කුඩා දරුවන් ඇතුළු සමාජයේ ජීවත්වන විවිධ ජන කොටස්හි  සිත් සතන් සතුන් කෙරේ සහකම්පනයක් ඇතිකරවීම, සතුන් පිළිබඳව  වගකීමක් ඇති කිරීම, පදනම් විරහිත ආගමික හා සමාජ මතවාද වෙනස් කිරීම වැනි කරුණු අපේක්ෂා කෙරේ. කලර් චිත්‍රපටිය තුළින් සිනමාවට පිවිසී ඉසුරු වීරසිංහ මුදලි  සමගින් සසිකා වතුදුර එක්ව කොකෝ නිර්මාණය කර ඇත. සනුකි ගයංගා හේරත් සිනමාට හඳුන්වා  ළමා නිළිය සමඟින්  සෙනාලි ෆොන්සේකා, සුසිලා කෝට්ටගේ,  අමිත්ත වීරසිංහ, කුමාර තිරිමාදුර , ඉෂානි කෞශල්‍යා, ලෝචනා ඉසුරින්දි, නිම්මි මනෝහාරි, එස්. සුදර්ශන්, ආසිරි එදිරිසිංහ, එරංජන් සෝමසිරි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායකව ඇත.  ඉසුරු වීරසිංහ මුදලි තිර රචනය කළ කොකෝ ශිවංක විතානාච්චි  සමගින් ඉසුරු වීරසිංහ මුදලි එක්ව නිෂ්පාදනය කර ඇති මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් සිතාර කාරියවසම් සමගින් සුබෝධි දිසානායක , සංගීත අධ්‍යක්‍ෂණයෙන් අමා ජයවර්ධන සමගින් නෙතුල් පෙරේරා, සංස්කරණයෙන් සුබෝධි දිසානායක ,කලා අධ්‍යක්ෂණයෙන් සුරංජිත් යටවර, වේශ නිරූපණයෙන් සසිනි මදුමාලි, නිෂ්පාදන කළමනාකරණයෙන්  මනුකල්ප රත්නායක ,ශබ්ද සංකලනයෙන් සහ වර්ණ සංයෝජනයෙන්  ඩිලාන් ගුණවර්ධන, ඇඳුම් නිර්මාණයෙන් ගයාන්ති වීරසිංහ  මුදලි සමගින් දිල්මි නානායක්කාර, සහය අධ්‍යක්ෂණයෙන් රංගන නවරත්න , ගී පද රචනයෙන් සුබෝධි දිසානායක සමගින් ඉසුරු වීරසිංහ මුදලි, ගීත ගායනයෙන් දිල්මි නානායක්කාර, අමා ජයවර්ධන, විශාරද ශිරාණි විජයවර්ධන, නෙතුල් පෙරේරා, නවෝදා පතිරණගේ  එක්වී ඇත.   කොකෝ , කොළම්බෝ මූවී ප්‍රසන්ට් ඉදිරිපත් කිරීමකි.


ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

 

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි Read Previous

කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි

වීදී සුරතලෙක් සමගින් කොකෝ ලඟදීම තිරයට එක්වෙයි Read Next

වීදී සුරතලෙක් සමගින් කොකෝ ලඟදීම තිරයට එක්වෙයි

Realted Post

Leave a comment