කේට්ගෙ ගමන බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායම වෙනස් කළ හැටි
ලෝකයම ආදරය කරන කේට් ගැනයි මේ කතාව.
ඔබ දන්නවා තිබුණු සම්ප්‍රදායට අනුව බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලට සම්බන්ධ වීමේ අවස්ථාව හිමිවූයේ රාජකිය වංශවලට පමණයි. ඒත් කාලයත් එක්ක මෙම සම්ප්‍රදාය වෙනස් වූ බවට හොඳම උදාහරණය වන්නේ වේල්ස් කුමරිය වන කැතරින් (කේට්) මිඩ්ල්ටන්.
කේට්ගේ පවුල වන මිඩ්ල්ටන් පවුල රාජකීය හෝ අභිජන පරම්පරාවකට අයත් නොවූවත්, තම ව්‍යාපාරික සාර්ථකත්වය, ඔවුන් සතු වූ සමාජීය වටපිටාව හේතුවෙන් බ්‍රිතාන්‍ය සමාජයේ ඉහළ තැනක් දිනාගැනීමට සමත් වුණා.
විශේෂයෙන්ම ඔවුන් ගොඩනැගූ Party Pieces නම් පාර්ටි භාණ්ඩ අලෙවි ව්‍යාපාරය පවුලට ආර්ථික ස්ථාවරත්වයක් සහ සමාජීය පිළිගැනීමක් ලබා දීමට සමත් වුණා. කේට්ටගෙ උසස් අධ්‍යාපනය ඇයට බ්‍රිතාන්‍යයේ අනාගත රජු වන විලියම් කුමරු හමුවීමටත් මඟ විවර කළා.
මිඩ්ල්ටන් පවුලේ නැගී එන ගමන බොහෝ දෙනාට පෙන්වා දෙන්නේ, ආර්ථික ශක්තිය, යහපත් හැසිරීම සහ සමාජීය පිළිගැනීම සමඟ සාමාන්‍ය පවුලකින් පැමිණි අයෙකුට පවා රාජකීය පවුලේ සාමාජිකයෙකු වීමේ අවස්ථාව ලැබිය හැකි බව.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ අභිජන පන්තිය සහ රාජකීය සම්ප්‍රදායන් පිළිබඳ විවාද තවමත් අවසන් වී නැත. කේට් මිඩ්ල්ටන්ගේ ගමන එම සම්ප්‍රදායන් වෙනස් කළ සංකේතයක් ලෙස බොහෝ දෙනා විසින් සැලකනවා.
අශන්ති වරුණසූරිය

Leave a comment