සල්මන් ඛාන්ට මොකද වුණේ? What has happened to Bhai?

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම සුපිරි තරුවක් වන සල්මන් ඛාන්ගේ වෙනස් වූ පෙනුම මේ දිනවල සමාජ මාධ්‍යයේ  දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

වසර තුනකට අධික කාලයක් පුරා තරුණ පෙනුම, ශක්තිමත් පිරිපුන් ශරීරය සහ ආකර්ෂණීය පෞරුෂය නිසා රසිකයන්ගේ ආදරය දිනාගත් සල්මන්, බොහෝ දෙනා හඳුන්වා තිබුණේ “වයසට නොයන තරුවක්” ලෙසට.

කෙසේ වෙතත්, මුම්බායිහි පැවති මෑතකාලීන උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ ලබාගත් වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත පැතිර යාමත් සමඟ රසිකයන් අතර විවිධ කතාබහ ආරම්භ වී තිබෙන බව විදෙස් පුවත් විමසීමේදී පෙනී යනවා.

එම වීඩියෝවල සල්මන් ඛාන්, Slum Rehabilitation Authority ආයතනයේ Data Collection and Verification Support Centre (IT Server Room) විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වී සිටින අයුරු දැක්වෙන අතර එහිදී ඔහු ප්‍රතිලාභීන් වෙත නිවාස යතුරු ලබාදෙන අතරතුර පෙනී සිටියේ වෙනදාට වඩා පෙනුමකින්.

මෙය දුටු බොහෝ රසිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ තම කනස්සල්ල පළ කර තිබුණා. “ඔහු අසනීප වගේ පෙනෙනවා. දෙවියන් ඔහුව ආරක්ෂා කරත්වා” යනුවෙන් ඇතැමුන් අදහස් පළ කර තිබූ අතර, තවත් අය “අපේ වීරයා වයසට යනවා” යනුවෙන් සටහන් කර තිබෙනවා. තවත් රසිකයන් කිහිප දෙනෙක් සල්මන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කනස්සල්ල පළ කර තිබුණා.

කෙසේ වෙතත්, සල්මන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් ඇති බවට කිසිදු නිල තොරතුරක් තවම වාර්තා වී නැහැ. සමාජ මාධ්‍ය කතාබහට ප්‍රතිචාර දක්වමින් සල්මන් සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා කළු සුදු ඡායාරූප කිහිපයක්ද පළ කරමින් “ආප් ලොගොන් කි තබියත් කෛසි හයි?” (ඔබ සැමගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?) යනුවෙන් සඳහන් කර තිබුණේ රසිකයන්ගේ අවධානය වෙනත් අතකට යොමු කරමින්.

මේ අතර, සිනමා ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සල්මන් මේ දිනවල නව චිත්‍රපටයක චරිතයක් සඳහා දැඩි ශාරීරික පුහුණුවීම් සහ රූගත කිරීම්වල නිරත වන බව. ඔහු ඉදිරියේදී රංගනයෙන් දායක වන Mathrubhumi May War Rest In Peace චිත්‍රපටය සඳහා සොල්දාදුවෙකුගේ චරිතයක් නිරූපණය කරන අතර, එම චරිතය සඳහා දැඩි ශාරීරික කැපවීමක් අවශ්‍ය වී ඇති බව සල්මන්ම පවසා තිබෙනවා.

“දැන් පෙරට වඩා වැඩි කාලයක් සහ කැපවීමක් අවශ්‍ය වෙනවා. දිවීම, ව්‍යායාම කිරීම, සටන් දර්ශන සඳහා පුහුණුවීම වැනි දේවල් කරන්න වෙනවා” යනුවෙන් ඔහු පෙර සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබෙනවා. 

වයස අවුරුදු 60ට ආසන්න වුවද තවමත් ලොව පුරා රසික ආදරය දිනා සිටින සල්මන් ඛාන්ගේ පෙනුමේ මෙම වෙනස පිළිබඳ කතාබහ දිගටම පැවතිය හැකි නමුත්, ඔහුගේ රසිකයන් බලාපොරොත්තු වන්නේ තම ආදරණීය නළුවා සුවයෙන් සහ ශක්තියෙන් ඉදිරියටත් සිනමාව තුළ රැඳී සිටිනු දැකීමයි.

අශන්ති වරුණසූරිය 

මව් සෙනහස කාටත් එකයි. එළු බබා එක්ක වෛරල් වූ ඇය Read Previous

මව් සෙනහස කාටත් එකයි. එළු බබා එක්ක වෛරල් වූ ඇය

දවල්ට ගෙදරින් හදන ගිහින් මෙහෙම කමු - Lunchbox ideas Read Next

දවල්ට ගෙදරින් හදන ගිහින් මෙහෙම කමු - Lunchbox ideas

Realted Post

Leave a comment