වැටුප රකින - ක්‍රමේ රහස
වර්තමාන සමාජයේ බොහෝ දෙනා හුරුවී තිබෙන්නේ ලැබෙන ආදයමට වඩා වියදම් කිරීමටයි. බොහෝ වේලාවට ඔබගේ අවශ්‍යතා පිරිමසා ගැනීමට මුදල් හසුරුවාගත නොහැකිව ඔබ මානසිකව පීඩා විඳියි.
මෙම තත්ත්වයෙන් මිදී නිවැරදිව මාසික වැටුප කළමනාකරණය කර ගැනීමට ඔබ පුහුණු විය යුතුයි. ඒ සඳහා අනුගමනය කළ හැකි එක් ක්‍රමවේදයක් වශයෙන් 50/30/20 රීතිය හඳුන්වන්නට පුළුවන්.
- මොකක්ද මේ 50% කියන්නේ
මෙහිදී 50% යන්නට ඇතුළත් වන්නේ මූලික අවශ්‍යතා සඳහා යන වියදම් වේ. එනම් ආහාර පාන සඳහා යන වියදම්, ලෙඩ රෝග සඳහා යන වියදම්, දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා යන වියදම්, නිවසේ බිල්පත් වෙනුවෙන් දැරීමට සිදුවන වියදම් ආදිය ඇතුළත් වේ. මෙහිදී ඔබගේ මූලික අවශ්‍යතා නිවැරදිව හඳුනා ගෙන, වැටුපෙන් 50%ක් ඒ වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කරන්න.
- මොකක්ද මේ 30% කියන්නේ?
30% යන්නට ඇතුළත් වන්නේ වුවමනා වෙනුවෙන් දරන්නට සිදු වන වියදම් වේ. උදාහරණයක් ලෙස වර්තමානයේ පවතින මූලික අවශ්‍යතාවයක් වශයෙන් ජංගම දුරකථනය හැඳින්විය හැකියි. එහිදී ඔබගේ තත්ත්වයට සරිලන පරිදි උසස් වර්ගයකින් යුතු ජංගම දුරකථනයක් ඔබ තෝරාගන්නේ නම් එය ඔබ තුළ පවතින වුවමනාවකි.
මෙහිදී විනෝදාස්වාදය සහ විවේකය වෙනුවෙන් ඔබ විසින් දරන වියදම්, ඇඳුම් පැළඳුම් ගැනීමට දරන වියදම් යනාදිය ඇතුළත් වේ. මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ ඔබට පවතින වුවමනා අතරින් අවශ්‍යම වුවමනාවන් පමණක් තෝරාගෙන, ඒවාට ප්‍රමුඛත්වය ලබා දීමයි. එමෙන්ම ඔබගේ ඉතුරුම් වලට බලපෑම් කරන, අනවශ්‍ය දේවල් සඳහා ඔබ විසින් දරන අධික වියදම් නවතා දැමිය යුතුයි.
- ඉතුරු 20% මොනාද?
20% යන්නට ඉතුරුම් අන්තර්ගත වේ.
අනපේක්ෂිත ජීවිතයේ විවිධ අවස්ථා කළමනාකරණය කර ගැනීම සඳහා ඉතුරුම් උපකාරී වේ. එමෙන්ම ආයෝජනයන් සහ ණය පියවීම් සඳහාද මෙම 20%ක ප්‍රමාණය ඉතුරු කිරීම වැදගත් වේ.
ඔබගේ මාසික වැටුප ඵලදායී ලෙස කළමනාකරණය කිරීම යනු වියදම් කපා හැරීම පමණක් නොවේ. අවශ්‍යතා සහ ඉලක්ක සමතුලිත කරන තිරසාර මූල්‍ය සැලැස්මක් නිර්මාණය කරගැනීම වඩා වැදගත් වේ.
සටහන: විශ්වනී හසලා
උපදෙස් : කළමනාකරණ සහ මනෝවිද්‍යා උපදේශක කෝසල කුමාරසිංහ
Leave a comment