විද්‍යාඥයන්ට විශ්වයේ ඈතින් මිදුණු ජලය හමුවෙලා

විශ්වයේ ඈතින් පිහිටි ‘තරුණ’ තාරකා පද්ධතියකින් මිදුණු ජලය සොයා ගත් බව නාසා විද්‍යාඥයෝ පවසනවා.

පෘථිවිය අයත් අප අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් විශ්වයේ ඈතින් මේ අයුරින් මිදුණු ජලය සොයා ගැනීමක් සිදුවූයේ පළමු වරට යැයි විද්‍යාඥයන් පවසන්නේ මහත් උනන්දුවකිනි.

විද්‍යාඥයන්ට මෙම සොයා ගැනීම කළ හැකි වී ඇත්තේ, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය ආධාරයෙනි බව ද පැවැසෙයි.

 ‘ජේම්ස් වෙබ්’ යනු අති නවීණ තාක්ෂණයෙන් නිර්මාණය කෙරුණු, අභ්‍යවකාශයේ රඳවා ඇති දුරේක්ෂයකි.

මිදුණු ජලය හමුවී ඇත්තේ, ආලෝක වර්ෂ 155 ක් දුරින් පිහිටි තාරකා පද්ධතියකිනි.

 මෙම තාරකා පද්ධතිය 'තරුණ ' තාරකා පද්ධතියක් යැයි විද්‍යාඥයන් පවසන්නේ එහි වයස අවුරුදු මිලියන 23 ක් පමණක් වීම නිසාය.

විද්‍යාඥයන් ‘එච්.ඩී. 181327' යන නමින් මෙම තාරකා පද්ධතිය නම් කර ඇති අතර, මෙම පද්ධතිය පිහිටා ඇත්තේ තැටියක ආකාරයෙනි. තාරකා පද්ධතියට අයත් තාරකාව අප හිරුට වඩා උණුසුම් බව ද පැවැසෙයි.

සටහන - කසුනි විජේසිංහ

ලස්සනට අඳින්න කැමති ඔයාට Read Previous

ලස්සනට අඳින්න කැමති ඔයාට

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment