ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩ භාරගනියි

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස තේරී පත් වූ ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ඊයේ (15) සිය ධුරයේ වැඩ භාර ගන්නා ලදී.

ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසා සිටියේ, විශ්වාසනීයත්වයෙන් සහ වලංගුභාවයෙන් යුතුව ඇගැයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ සියලුම නිළධාරීන් කැපවීමෙන් කටයුතු කරනු ලබන බවයි. 

වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ලබන වසරේ සිදුකිරීමට නියමිත බවත්, ඒ අනුව ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය වෙනස් වන බවත්, ඒ සඳහා ගුරුවරුන්ට අවශ්‍ය ඇගයීම් පිළිබඳව දැනුම ලබාදීමටත්, එම ඇගයීම් සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සියලුම කටයුතු සම්පාදනය කරන බව එතුමිය තවදුරටත් පවසන ලදී. 
එමෙන්ම නවීන තාක්ෂණය භාවිත කරමින් දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද සඳහන් කරන ලදී.

සටහන: විශ්වනී හසලා

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න... Read Previous

වයසට යන එක අඩු කරගන්න මේ එළවළු පලතුරු කන්න...

රඟපෑමෙන් අධ්‍යක්‍ෂණයට ගිය කලාකරුවා Read Next

රඟපෑමෙන් අධ්‍යක්‍ෂණයට ගිය කලාකරුවා

Realted Post

Leave a comment