‎’’ සක්දෙවි රජුගේ ඉල්ලිම පවා පුතික්ෂේප කරමින් දසදහසක් අවුරුදු පතිවෘතතා ධර්මය ආරක්ෂා කළ යශෝධරා දේවි නමි උත්තමාවිය.’’

ගෞතම සමිමා සමිබුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව කිඹුල්වත් නුවරට වැඩ දෙවෙනි දවසේ පිය රජවු සුදොවුන් මහරජු  සෝවාන් ඵලයෙහි පිහිටුවා යශෝධරා දේවියගේ නිවසට වඩින්න තිරණය කර පිය මහරජු පළමු කොට යවා බුදුන් වහන්සේ පසු පසින් වඩින්නාහ. එම අවස්ථාවෙි බුදුන්වහන්සේ සැරියුත්  මුගලන් දෙදෙනා වහන්සේ අමතා මහණෙනි, මම රාගාධි කෙලෙස් මුහුද පිනා ගොඩ දැක සිටිමි. ඒ යශෝධරා දේවි  තව කෙළෙස් මුහුද ඇවිදිති. මා නැගියාවු තොටට පැනනැංග නුහුණුව ඔි මට සසර බොහෝ දුක්ගත. මා කෙරෙහි දිර්ඝ කාලයක් නොනැසි පැවැත්තාවු මහත්වු පෙු්ම සමුහයක් ඇත්තිය.ඇ සසරින් ගොඩ නැග ගන්නා තෙක් ඇගේම චරිතයෙන් ඇමසන්තෝෂ කරවනු කැමැත්තෙමි. අද ඔි තමා සිත්සේ අඩාපියා ආශ්වාදයක් නොලද්දි නමි මා කෙරෙහි ශෝකයෙන් ළය පැළි මියෙයි. ආශ්වාදයක් ලත්නමි මාගේ සසුන් වැද මහනව දහසක් බියෝවරුන් හා සමග අමාමහ නිවන් දකිති. එසේ හෙයින් ඇ තමා සිත්සේ අඩා වැලප ශෝක නිවාගන්නාතෙක් කවුරුත් නොවලකවයි වදාරා දේවින්ගේ ශුි යහන් ගබඩාවට වැඩ පනවන ලද බුද්ධාශනයෙහි වැඩහුන්හ.



‎එකෙණෙහි යශෝධරා දේවිය මම ස්තිුයකිමිවෙිද?මෙි ලොවුතුරා බුදුහු වෙිදැයි සිහි එළවා ගත නොහි බුදුන්වහන්සේගේ ශුි පාද මුලයේ වැද වැටි බුදුන් වහන්සේගේ දෙපය ගොප්මස අල්වාගෙන ශුිපාදය තමන් ඉස්මුදුනේ තබා ගෙන හඩ හඩා ශෝක සන්සිදුවා සිහි එළවාගෙන නැවත බුදුන් වහන්සේ කෙරෙහි හා මයලනුවන්(සුදොවුන් රජු) කෙරෙහි උපන් මහා ලජ්ජාවෙන් විළි ඇතිව මා කළේ කිමිදෝහෝයි භය ඇතිව එකත්පස්ව හුන්නාය. ඒ අවස්ථාවෙි නුඹ වහන්සේ ගිහි ජිවිතය හැරපියා සසර දුකින් එතරවිම සදහා අනුගමනය කළ කුියා මාර්ගයන් මෝ තුමියද අනුගමනය කළ බව සුදොවුන් මහරජු බුදුන්වහන්සේටසැළ කළ අවස්ථාවෙි ස්වාමි දරුවෝ වනාහි වෙස්සන්තර ජාතියෙහි බමුණාට දරුවන් බැද දෙන වෙිලේහි කෘෂ්ණජිනා නමිවු පුිය දියණිය තමන්වහන්සේගේ  පය අලවාගෙන හඩන වෙිලෙහි උපන් මහා කරුණාව සේම දේවින් කෙරෙහිද පියෙකු පය අල්වාගෙන හඩන දුවක් කොට සිතා උපන් කරුණාවෙන්ම බුදුන් වහන්සේද වැඩ  හුන්නේය.

‎ඒ යශෝධරා දේවි නමි අති උත්තම ගණයේ පතිවෘතතාව ඇතුලු ශිලාදි ගුණාංගවලින් සමන්නාගතව අතිත භවයන් පිළිබඳව පුර්වාපර සන්ධි ගළපා බුදුන් වහන්සේ දේසනා කළේ මෙසේය.
‎පෙර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්යට මාගේ බුදුන් වහන්සේට පළමුවන නියත විවරණ දුන්නාවු දිපංකර බුදුන් වහන්සේ සමයේ රම්‍යවති නමි නුවර බහුධන කුලයෙක "සුමිතුා"  නමි කුලස්තුියක් ඒ බුදුන්වහන්සේ ගිහි කල අගමෙහෙසි පදුමා නමි බිසවුන්ගේ අසුරියන් ගෙයි පාන්නොලවන ශරිර පුභා හා රුපශුි දැක මමද මෙසේවු රුසිරි ලදින්නේ නමි මැනවයි සිතා රු ලබන පින් දනුමතියන් අතින් විචාරා ශිලය ආරක්ෂාකළ කල ස්තුි රුපයෙන් අගුවෙතියි අසා තොමෝද බොහොු් ධන හැර තවුස් ගෙන පරිබුාජිකාව ශිලය ආරක්ෂා කරන්නි මෙි පිණින් මම මතු රුපයෙන් අගුව එක්තරා බුදුකෙනෙකුන් බුදුවන ජාතියෙහි මෙි "පදුමා" නමි අග බිසවුන් සේම දහස් ගණන් ස්තුින් පිරිවරා අගමෙහෙසින් වෙමිවයි පත පතා නොයෙක් කුසල් රැස් කරන්නාවුඒ පරිබුාජිකාවෝ එදවස් මාගේ බෝධිසත්වයින් කාලයෙහි බුදුන් වහන්සේ පෙර මගට මල් ඇගැද, පාන් ඇගැද,ුලත් ඇගැද, මල් තොරන්, පාක් තාරණ, බුලත් තොරණ, මල් මිටි,මල් කදු,සුවඳ කදු ගෙන පින් ලෝභයෙන් ඔවුනොවුන් පරයා දිවන මිනිසුන් දැක තුමුද මහනෙල් මල් කළඹක් මුදුනෙහි තබාගෙන බුදුන් පෙර මගට දිව ඒ බුදුන්වහන්සේගේ අසු රියන් බුදු බදින් දිවෙන සවණක රසින් හා බුදුන්ගේ රුපශුි හා දෙතිස්  අසු ලකුණු දැක පිනා මෙි ලෝකයෙහි පින්වත්වු ස්තුිනමි මෙබදුවු ස්වාමියෙක් හට පක්ෂපාතවු ස්තුියක්මයයි කිය කියා බලන තැනැත්ති පස්සෙහි වඩනා "උසභක්ඛන්ධ" නමි වු පුත් මහ තෙරුන් සදටඅනුවු නකත් තරුවක් සේ  දිළිසෙන්නවුන් දැක බුදුන්ගේ ශුි මුඛය හා පුතනුවන් වහන්සේගේ ශුි මුඛය හා එක්වැනි සේ බලබලා බුදුකෙනෙකුන් හා එක්වැනිවු මෙවැනි පුත් රුවණක් වදාපිම බුදුකෙනෙකුන් වැදුවා වැන්න. මෙසිරි මටත් වාසනාවෙිවායි පුාර්ථනා කළාය.සෙසු ස්තුින්ගේ රුපශුිබලා මෙි රුප ශුි මටත් වෙිවයි සිතිමද පුරුෂයන්ගේ විකුම බලා මෙි පුරුෂයා මට වල්ලභ වෙිවයි සිතිමද අනිත් දරුවන්ගෙ සුරතල් බලා මෙවැනි දරු සිරි මටත් වෙිවායි සිතිමද සියලු ස්තුින්ගේ ස්වභාව ධර්මයක්මය. මෙසේ බුද්ධ ශුි බල බලා පුත් මහ තෙරුන් එන ලිලාව බලබලා පදුමා නමි බිසවුන් ලද දරුවන් සිතසිතා දොහොත්මුදුන්දි බුදුන් වැද වැද එන්නාවු ඒ පරිබුාජිකාවෝ දිළිහි දාළිහි වැදහොත් බෝධිසත්වයින් දැක මෙි සුමෙිධ තාපසයෝ මහණෙනි මතු ගෞතම නමිබුදු වෙතියි කියා පෙර කිසේ බුදුන් වදාළ විවරණ කථා අසා මාගේ පුාර්ථනාව අද මෙි විර පුරුෂයා නිසා ඒකාන්තයෙන් සිද්ධවන්නේය එම විටම බෝසතුන් කෙරෙහි පෙු්මබැද තමා ගෙනයන මහනෙල් මල් අට කළඹින් පස් කළඹක් ගෙන තෙල පිණින් පස් මරුන් බින්දමැනවයි කියන්නාසේ බෝසතුන් නමට පුදා මතු තුන්පායෙහි එක්ව සුව විදිමටකාරණා පානිනාසේ තුන් කළඹක් තමන් නමට පුදා" මෙි ස්වාමිහු මතු බුදුවන කල් දක්වා ඔහු සිත්සේ වාසය කොට මෙම
‎බුදුන්ගේ ජාතියේ මෙි බුදුන් දැක විවරණ කථාවෙහි වදාල " යශෝධරා" නමි අග බිසෝ  මටම ලැබෙිවායිද තවද මෙි බුදුන් වදාළ රාහුල නමි පුත් රුවන මාගේ කුසින් වදා දෙමිවයි තමන් තුන්යලක් පැදකුණුකොට පුාර්ථනා කළාහුය..මෙි අවස්ථාවෙි කිසිබාධාවක් නොකොට ඉවසුයෙන් මා කළාවු පුාර්ථනාව ඒකාන්තයෙන් සිද්ධ වන්නේයයි අතිශයින් සතුටුව  ඒ පරිබුාජිකාවෝ නමි මෙි යශෝධරා දේවිමය . සෙසු අසුමහසවු අගුශුාවකාදි මහා ශුාවකයින් පවා කල්ප ලක්ෂයක් පෙරඅමිපුරා ආවාහුමය.


‎⁣මෙි යශෝධරා දේවි දුරේ නිධානයෙහිදිම පුාර්ථනා කොට මෙි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි බුදුන් සමග බුදුන් අත් නොහැර බුදුන් වහන්සේටම පක්ෂපාතවම ආවාහුය.මෙි බුදධ ශාසනයෙහි. මෙි යශෝධරා දේවින්ට විනාහේතු සමිපත් ඇතිව බුදුන් වහන්සේ හා එක්ව පින්කළ කෙනෙක් අනික් කිසිකෙනෙක් නැත්මය.බුදුන් වහන්සේ සමග පන්සාළිස් අවුරුද්ද මුළුල්ලේ දෙවියෙකු බඹෙකු අතගාපිය නුහුණුවා වු ඒ ශුිපාද නමැති පියුමි දෙක ස්තුිව සිට ඒ යශෝධරා දේවින් අල්වාගත් වෙිලේහි මෙි පුර්ව  චරිත පරික්ෂා කොට. බුදුන්වහන්සේ  කිසිත්ම නොකියා වැඩහුන්සේක.

‎උදයභද්ද ජාතකයේ එන කථා පුවතේ එි යශෝධරා දේවි උත්තමාවියගේ පතිවෘතතා ධර්මය පිළිබඳව මොනවට පැහැදිළිකරයි. උදයභද්ද ජාතකයෙහි ලෝකා ලෝක දිවාකරවු මාගේ බෝසතාණන් වහන්සේ උදය නමි රජව  දශරාජ ධර්මයන් පුරණය කළ සමයෙහි කනක රුපයක්(රත්රන් රුපයක්)  වැනිවු ස්තුි රුපයෙන් සත්සියයක් අවුරුදු එකයානේ සැතපි එක දවසෙකත් බුහ්මචර්යාවට අන්තරායක් නොකොට අප දෙදෙනා අතුරෙන් පළමුව මිය පරලොව ගිය නෛක් අවුදින් උපන් තැන් පුතිඤාකොට පළමුව බෝසතාණන් වහන්සේ මිය ශකුදේවෙින්දුව( සක් දෙවිඳුන් වි) ඉපිද පෙර කළ පුතිඥාවෙන් මිදෙමියි තමන් වහන්සේගේ සිල්වත්කමත් පරික්ෂා කෙරෙමියි ලක්ෂයක් අගනා රන් තලියක් අනර්ඝවු ඝන රනින් පුරවා අත්ලෙහි තබාගෙන මධ්‍යම රාතුියෙහි සඳැල්ලට බැස ඇගේ සිවිසැටක් පමණ ස්තුි ලක්ෂණ වර්ණනා කොට කියන්නාහු" තොපගේ දිගු පුළුලැස් නමැති නිලුපුලයෙන් හා දත් නමැති කොද කැකුළෙන් හා මුඛ නමැති පද්මයෙන් හා මාගේ කාම නමැති කෞමුදයන් පුබෝධ කරව.සොඳුර දෙදෙවිලොව දෙවියන්ට අධිපතිවු සක්දෙවි රජ නමි මමය. මාගේ ආයු තුන්කෙළක් පුරගණන් හැර තොප කෙරේ ලෝභයෙන් අයිමි. තොපගේ සමණන් මළ හෙයින් තොපට පරදාර නැත.මෙි ලකෂයක් ඝන රන් පිරවු. ලක්ෂයක් අගනා ඝන රන්තලිය තොපට පණයමි කියා දෙමි. අද මෙි එක රැයට මට අවසරයක් දෙවයි" කි වෙිලේහි "දිව්‍ය රජෙකු වෙිවයි මනුෂ්‍ය රාජයෙකු වෙිවයි මාගේ ස්වාමින් උදය නමි රජ්ජුරුවෝ හැර ආපසු සත්වයෙකු පුාර්ථනා නොකෙරෙමි" ශකුය (සක් දෙවිය)  තෝ අනෙක් දිසාවෙක.මෙි දිසාවෙහි නොඅවුදින් මා කෙරෙහි ආලය හරවයි"  සිංහ ගර්ජනා කොට සක් දෙවිඳු යවා, දස දහසක් අවුරුද්ද මුලුල්ලෙහි පතිවෘතතා ධර්මය. මළ සමණන් වහන්සේ නමට රක්ෂා කළාවු ඒ  උදය භද්ද දේවි නමි මෙි යශෝධරා දේවිමය. චපල නොවි තම ශිලයත් පතිවෘතතා ධර්මයත් පණ මෙන් රැකි ඒ යශෝධරා දේවිය උත්තම ගණයේ උත්තමාවියක්. ආදර්ශමත් උත්තමාවියක්.

‎දශරථ ජාතකයෙහි තිුභුවන චුඩා මාණික්‍යවු අපගේ මහ බෝසතාණන් වහන්සේ දඹදිව දශරාජ ධර්මයෙන් රාජ්‍ය කොට ශෝක කිරිමෙහි ආදිනව ලෝවැසියන්ට දක්වා ලෝවැඩ කළ සමයෙහි සොළොස් දහසක් හවුරුදු මුළුල්ලෙහි අඛණ්ඩව පතිවෘතතා ධර්මය රක්ෂා කළ ඒ  ඒ සිතා නමි දේවි මෙි යශෝධරා දේවින්මය.
‎චමිපෙය්‍ය ජාතකයෙහි කරඅණා නිධාන වු අපමහා බෝසතාණන් චමිපෙය්‍ය නමි නාග රාජයන්ව නාගභවනයෙහිදි සිල් රක්ෂා කළ නොහැකි හෙයින් මනුෂ්‍ය ලෝකයට එකලාව අවුදින් පෙහෙවස් ඉටා නෛෂ්කුම්‍ය පාරමිතාවය,අධිෂ්ඨාන පාරමිතාවය, ක්ෂාන්ති පාරමිතාවය,ශිල පාරමිතාවය යන පාරමිතාවන් සතරදෙනාගේම මුදුන් දුටුවාවු සමයෙහ අහිගුණ්ඨිකයෙකු අතට සමිපුාප්තව තිස් දවසක් මුළුල්ලේ ගොදුරු  නොලදින් නිරාහාරයෙන් මහදුක් ගත්තදා තුමු සොළොස්✨️ දහසක්නයාංගණාවන්ට නායකව නාග භවනයෙහි සමණන්වහන්සේ නොදැක උපන් මහා ශෝකයෙන් එකලාව නික්ම ඉස අත තබාගෙන හඩ හඩා මංසළකුණු බලබලා සමණන්වහන්සේ ගෙනගිය මග නොවරවා ගොස් රජ පිරිස් මැද කෙළවන්නා දැක රජහු බලබලා සිටියදි මහ හඬින් හඩ හඩා වැළප ඒසා පිරිසවස්මයට පත් කරවා සමණන්වහන්සේ වු පරිදිත් තමන්වු පරදිත් රජහට කියකියා රජු පහදවාගෙන  බෝසතුන් ගලවා  නාගභවනයටම ගෙන ගොස් මෙසේ බොහෝ කලක් ඔවුනොවුන් කෙරෙහි කරුණා ඇතිව එක්වම දිව්‍ය ශුි විදිමින් ඉන්නාවු සමයෙහි ඒ සුමනා නමි අගදේවි නමි මෙි යශෝධරා දේවිමය.

‎ජයදිදිස ජාතකයෙහි කරුණා පුවාහ වු අප මහ බෝසතාණන් අලිනසත්තු නමි රාජකුමාරව පිය මහ රජ්ජුරුවන් මාරුවෙහි ජිවිතය පුජාකොට පිතු පටිඨානයෙහි කෙළ පැමිණියාවු සමයෙහි පෝරිසාද නමි මිනිස් යකුට ගියදා මම මාගේ ස්වාමින්ට ඒකාන්තයෙන් පක්ෂපාතවිමි නමි පතිවෘතතා ධර්මය රක්ෂා කෙළෙමි නමි ඒ සබමය.. හේතුකොට ගෙන සමණන්වහන්සේට ඒ යක්ෂයාගෙන් අද කිසි උපදුවයක්.නොවෙිවායි සත්‍යකුියා කොට තමන් කළ සත්‍යකුියා බලයෙන්ම එදා බෝසතුන් යක්ෂයා කෙරෙහි ගලවා ගෙන බොහෝ දවසක් එක්ව රාජ්‍ය කළාවු ඒ අගමෙහෙසිය වු දේවිය මෙි යශෝධරා දේවිමය.
‎මහාජනක ජාතකයෙහි කරුණා ආකරවු අපමහා බෝසතාණන් මහාජනක  නමි රජව මුලු දඹදිව රාජ්‍ය හැර තපසට නික්මුණු සමයේ සිවිරග සෙන් සමග පසු පස්සෙහි ගොසින් නොයෙක් ලෙස ඇවටිළි කොට රඳවා ගෙන නොහි මග අවුරාවැද ගෙන හඩ හඩාශුාන්තව මුසපත්ව වැදහොත් අවස්ථාවෙහි බෝසතුන් සොරා පලාගිය කලආගිය අතක් නොදැන බෝසතුන් හා සමග තමන් කථා කළකළතැන නැවත නැවතද තැන බෝසතුන් සිටි සිටි තැන දාගැබි බදවා නැවත නුවරට අවුදින් පුගණුවන්ට රාජ්‍ය පාවා දි තුමු ඉසකේ කපා මහනව සමණන් දකිමිවයි පතමිවයි කිය කියා බොහෝ දවසක් සිල් රක්ෂා කළා වු ඒ සිවලි දේවි නමි මෙි යශෝධරා දේවිමය
‎ඛණ්ඩපාල ජාතකයෙහි ලෝකාධිපති වු අප මහ බෝසතාණන් චන්දු නමි දෙවදත්තයාගේ පුයොගයෙන් යාගවාටයෙහි බැද ගෙන මරා යාග කරමිහයි අල්වාගත්දා තමන් කළ දත්‍යකිුයා බලයෙන් ශක්ර භවනය කමිපාකොට සක් දෙවිඳු ගෙන්වා ඔහුගේ අනුබලයෙන් සමණන් වහන්සේ ගලවත්තාවු ඒ චන්දුා දේවි දැන් මෙි යශෝධරා දේවිමය.

‎මණිචෝර ජාතකයෙහි ලෝකා ලෝක දිවාකරවු අපමහ බෝසතාණන් සිටු කුලයෙහි ඉපද දැහැමෙන් වැස දවසෙක රථාලංකාරයකට පැනනැගි දෙමහල්ලන් රාජවිථි මධ්‍යයෙන් යන වෙිලේහි ස්තුි ලෝභයෙන්චුඩා මාණික්‍යය රථයෙහි සඟවා බෝසතුන් සොරවා මරා මැ අග මෙහෙසුන් කෙරෙමියි සිතා බරණැස් රජහු බෝසතුන්ට වධ යොදාපු වෙිලේහි එතෙනෙට දෙවියන් ගෙන්වා දෙවියන් ලවා බෝසතුන්ට පැමිණි වධ රජ හට පමුණුවා රජහට පැමිණි රාජ්‍යය බෝසතුන්ට පමුණුවා තුමුද අගමෙහෙසින්ව බොහෝ කලක් පුිය වාසයෙන් විසු ඒ  පතිවෘතා දේවි දැන් මෙි යශෝධරා දේවිමය.

‎අනනුසොචිය ජාතකයෙහි තෛුලෝක්‍ය චින්තා මාණික්‍යවු අප මහ බෝසතාණන්  බමුණු මහසල් කුලයක ඉපද නිධාන කොට තිබු අසුකෙළක් ධනය හැර තපසට ගිය සමයෙහි තුමුද අසාමහත් සැපත් හැර බෝසතුන් හා එක්වම ගොස් එක්වම මහණව ඔවුනොවුන් සානුරාගයෙන් ඇස දල්වාත් බලා නොපියා එක පන්සලෙහි වැස බොහෝ කලක් පරිශුදධ ශිලය රක්ෂා කළාවු ඒ පරිබුාජිකාවෝ දැන්මෙි යශෝධරා දේවිමය.
‎විඝයිහ ජාතකයෙහි ලෝකා ලෝක නිශාකරවු අපමහ බෝසතාණන් විඝයිහ නමි ධනසිටුව  දඹදිව සියලු යාචකයන් රැස්කොට මහදන්වතුරු දි නැතැයි යන බසක් දිවග නොවකා දාන පාරමිතාවෙහි කුලු ගත්තාවු සමයෙහි සියලු සැපත් දන්දි ක්ෂයව ගිය කළ කඳක් හා දායක් ගෙන  තණ දා ගෙනවුත් තණ වෙළදාමි කොට ලද දෙයකින් තුමුද රැකි යාචකයන්ටද නැතැයි නොකියා  දන්දි පස්දා සදා  දන් නිසාම සයින් හිද දනෙහිම නොපසු බැස දුක් ගන්නා කල පවා එක දවසෙකවත් කුසිතකමක් නැතිව බෝසතුන් හා එක් සිත්ව බොහෝ කලක් පින් රැස්කළාවු ඒ සිටු දේවි දැන් මෙි යශෝධරා දේවිමය.

‎සුචි ජාතකයෙහි පුඥසාගරවු අපමහ බෝසතාණන් ස්වර්ණකාරව ඉපද සුක්ෂම වු  කර්මාන්තයෙන් ලෝකය  විශ්මය පත් කොට කඹුරු බොරුවෙහි ඉඳිකටු වික්කාසේ යන ව්‍යවහාරයද ලොව උපදවා පුඥාපාරමිතාව කුළු ගෙනෙපු සමයෙහි ස්වර්ණාකාර  ජ්‍යෙෂ්ඨයක්හට  දුව දවසෙක බෝසතුන් දැක පුිය කථා කොට පියාණන්හාද කථා කරවා බෝසතුන්ගේ වික්‍රම දක්වාඒ වික්‍රමයෙන් පුසන්න වු පියාණන් තමන් සරණපාවා දුන්කල බොහෝ කලක් පුිය වාසය කොට එකල ඒසා සැපත් ගෙනදුන්නාවු ඒ ස්වර්ණකාර දේවි දැන් මෙි යශෝධරා දේවිමය.
‎මනෝජ ජාතකයෙහි ශාක්‍යසිංහවු අපමහ බෝසතාණන් සිංහරාජව ඉපද  ස්වර්ණ ගුහායෙහි වාසය කරන කල පවා බෝසතුන්ට දරු දෙදෙනෙකු ලදින්  පෙු්ම සහිතව විසු ඒ  සිංහ ධෙිනුව දැන් මෙි යශෝධරා දේවිමය.
‎මහාසුසිම ජාතකයෙහි සංසාරසේතුවු අපමහා බෝසතාණන් සුසිම නමි පුඓා්හිත බුාහ්මණව පුරෝහිත ධර්මයන්  පුරණය කරන සමයෙහි රජහට අනුශාසනා කරනදවසෙක මහ පෙරහරින් විථි මධ්‍යයෙහි යන⁣ බෝධිසත්වයින් ඒ රජ්ජුරුවන්ගේ මැණියෝ ‎සිහඤජරයෙන් දැක බෝසතුන් කෙරෙහි පෙු්ම බැද අනුන්ට කියන්න ලජ්ජාවෙන් "මෙවැනි පුරුෂයක්හු නොලදින්  නමි " මට ජිවිතයෙන් කමි නැතැයි යහන් මතුයෙහි නොකා නොබි හොත්හ.පුතණුවෝ මැණියන් ලෙඩ යයි අසා ඇතුළට  වැද  මැණියන් දැක විචාරා තමන්ට නොකියන හෙයින් නැවත අවුදින් පරිවාර ස්තුින් ලවා මායමින් විචාරවා තත්වය දැන පුරෝහිතයන් ගෙන්වා " ආචාරිනි, මා කෙරෙහි පෙු්ම ඇතයා නමි අනික් බසක් නොකි යවයි" බෝසතුන් නොකැමති කරවාම ඔටුණු පළඳවා රාජ්‍ය පාවාදි මැණියන්ද අගමෙහෙසුන් කෙට තුමු යුවරජ වුහ.එකල බෝධිසත්වයෝ රාජ්‍ය කෙරෙති. රජ්ජුරුවන් මැණියෝ සොළොස් දහසක් ස්තුින්ට නායකව බෝසතුන් කෙරෙහි බුහුමානයෙන් වෙසෙති.බෝසතුන්ට නර නැත,බාලයහ, බිසවු මැහැල්ලහ, නර ඇත,එක් දවසෙක බිසවු බෝසතුන් ඉස බලන අයුරින් ඉස බලබලා , තොප ඉස නර  බලව. " මෙි රජ තමා බාල හෙයින් මා මැහැළි හෙයින් කරුණා මද වි  නමිනපුර මොහුගේ කරුණාව වඩවා ගනිමියි සිතා තමන් ඉසින් නරයක් ( පැසුණු ඉසකෙයාගසක්) බෝසතුන් අල්ලෙහිලා" ස්වාමිනි තොප ඉස නර බලව, තොප ඉසත් නරය. මා ඉසත් නරය,තෙපිත්  මහල්ලව, මමත් මැහැල්ලෙමි, මෙතැන් පටන් මා මැහැල්ල යයි නොසිතව මටම පෙු්ම කරවයි කිහ.එවෙිලෙහි බෝධිසත්වයෝ නරකෙස දැක අනිත් ලකුණු උපදවා මරණ මාකරා දුතයෙකු එවිය .මා උපේක්ෂා වනු නොයෙදෙයි. තපසට වලට දැන්ම යෙමියි නික්මුණුදැය.එවෙිලෙහි බිසවු," මා කළ සොරකම මටම සහගසාපියයි වියෝදුකින් වෙවුලා හිමි තොප ඉස නරයෙක් නොවෙයි. මා ඉසින් කඩාගත් නරය. තොප කෙරෙහි පේමයෙන් බොරු කිමි. තෙපි තව බාලයව.ඉතා ළදරුවය. තපසට නොයවයි බෝසතුන් වැද දෙපය ගත්හ.එවෙිළෙහි බෝසතාණෝ තොප කියන්නේ බොරුය. මා ඉස නරමයයි කියා නොගිවිස රාජ්‍ය හැර එදාම වලට ගොස් මහණව බොහෝ කලක් ශිල පාරමිතාව පිරු දැය. දෙවිද මහත්වු  ශෝක කොට බෝසතුන් ගිය තැන් පටන් බෝසතුන් නමටම පතිවෘතතා ධර්මය රක්ෂා කළාහුමය. එකල ඒ රාජමාතාවු අගමෙහෙසුන් දේවි දැන් මෙකල මෙි යශෝධරා දේවිමය.

‎චුල්ලබෝධි ජාතකයෙහි ලෝකාචාර්ය වු අපමහ බෝසතාණන් බුාහ්මණසාර සැපත් හැර වල් ගොස් මහණව ක්ෂාන්ති පාරමිතාව කුළුගත් සමයෙහිතුමුද සමගව වල් ගොස් මහණව එකචිජන්දිකව තපස් කරන කල බරණැස් රජහු තමන්ගේ රුපශුි දැක ලෝභයෙන් බෝසතුන් බලබලා හින්දදි බලාත්කාරයෙන් රජගෙට ගෙන ගොස් නොයෙක් ආකාරයෙන් ශිල භේදයක්කොට ගත නොහි තමන් කෙරෙහි පුසන්නව නැවත බෝසතුන්ටම පාවාද ගය කලද එතැන් පටන් දස අවුරුද්දක් මුළුල්ලේ රජත භාජනයක කිරින් පිරුකල නිර්මල වුවාසේ බෝසතුන් හා සමග නිර්මල ශිලය එක ස්ථානයක වැස අඛණ්ඩකොට රක්ෂා කළාවු ඒ සමිමිල්ලභාසිනි නමි පරිබුාජිකාවෝ දැන් මෙි යශෝධරා දේවිමය.

‎චන්දකින්නර ජාතකයෙහි ලෝකාධාරවු අපමහා බෝසතාණන් හිමාල වෙනෙහි සදකිදුරුව ඉපද නන්වැලි තලාවල සැතපි සැතපි නන් මල් පැළඳ දොළවල කෙළ කෙළ මිහිරි දියකදුරුවලින් පැන් බිබි ඇවිදිනා සමයෙහි බරණැස් රජු කින්නරාංගනාවන් කෙරෙහි කළ ලෝභයෙන් බෝසතුන් විද හෙළා පියා" සොදුර, බරණැස්නුවර පිළියක් රජනමි මමය. ති කෙරෙහිකළ ලෝභයෙන් තෙලෙ සදකාදුරා මරාගත්  පිමි.තෙලෙ තිරිසනු තිට කුමටද? මාහා වර? සොළොස් දහසක් පුරස්තුින්ට ති අගමෙහෙසුන් කෙරෙමියි"" කිය කියා රජු කැදවාලු වෙිලෙහි ඔහු කියන පෙු්ම බස් තමා කන යහුල් බානා සේ සිතා එතනින් දිව පසුව රජහු පලාගියකල මළ සමණන් වඩාගෙන පර්වතයක් මුදුනට නැගි කොළ ඇතිරියක් අතුට සෙමෙන් සෙමෙන් එහි සතපා බෝසතුන් හිස තමා ඔර(උකුලෙහි) තබාගෙන දෙපයදිගුකොටලා පවනඹල ලියක් සේ වැනි වැනි වන දෙවියන් අයද තමා ළෙන් පැනනැගි ශෝකාග්නියෙන් සක් දෙවිදුගේ භවනය හුණු කොට එතනට ඔහු ගෙන්වා ඒ සක් දෙවිදුගේ ආනුභාවයෙන් බෝසතුන්ගේ ජිවිතය රක්ෂා කොට එතැන් පටන් ඒ සද  නමි පර්වතයට පැනනැගි බොහෝ කලක් පුිය වාසය කළාවු ඒසද නමි කින්නරාංගනාවෝ දැන් මෙ යශෝධරා දේවිමය.

‎උමිමග්ග ජාතකයෙහි පැනසරවු අපමහ බෝසතාණන් මහෞෂධ නමි පණ්ඩිතව නුවණ පාරමිතා නමැති යසලිය මල් ගන්වාපු සමයෙහි ඒ සා සැපත් ඉපදවිමෙහි අනුබලව පතිවෘතතා ධර්මය රක්ෂා කළාවු සේනකාදි පණ්ඩිතවරුන් සතර දෙන අනර්ඝවු  රුවන් ගෙන තමන් කරා ගියදාද ශිලභෙදයක් නොකොට තමන්ගේ නුවණ බලපරාක්ක්‍රම පැවාවු රක්ෂා කරන දා  තමන්  පරික්ෂා කෙරෙමියි දහසින් බැදි පියලි දි චරපුරුෂයන් යැවු වෙිලේහි මෙි මසුදහස නමි මාගේ ස්වාමිහුගේ පාදරජසකුත් නොවටනේයයි කියා සිංහනාද කොට පතිවෘතතාව නොබින්දාවු උළුකැන් බත් කැවුමි බමට දමා තුන එක්කොට පයින් මිරිකා තමන් ඉස පටන්සර්වාංගයෙහි ගල්වාල අවිවෙහි සිටුවයි කියාතමාගේ ක්ෂමා පරික්ෂාකළ වෙිලෙහි පවා දොමිනස් සිතකින් බෝසතුන් මුහුණ බලා නුපුවාවු එකල ඒ " අමරාද්වි"  දැන් මෙකල මෙි  යශෝධරා දේවිමය.
‎මහා වෙස්සන්තර ජාතකයෙහි දානපුවාහවු අපමහ බෝසතාණන් වහන්සේ " වෙස්සන්තර" නමි රජව දාන පාරමිතා නමැති මහා පුාසාදයෙහි කොත් පළදවාපු සමයෙහි රජය හැර තපසට වංකගිරි පර්වතයට නික්මුණු වෙිලෙහි කෘෂ්ණජිනාවන් වඩාගෙන ජාලිය කුමාරයන් ඇගිල්ල අල්වාගෙන  තුමු පළමුව නික්ම රථයට පැන නැගි" වහා වැඩිය මැනවයි ස්වාමිනි" කියාලා ආ පස්ස බලබලා සිටියාවු රාජසුඛුමාලයෙන් වැඩි තිස්යොදුන් මග ගෙවා බෝසතුන් හා සමග නුකුසිවම ගියාවු, තවද වංකගිරිපර්වතයෙහිදි සත් මසක් මුළුල්ලෙහි බෝසතුන්පන්සලින් පිටත යා නොදි ස්තුිව සිට වෙනෙහි ඇවිද අලමුල්  කලන් සාරා ඵලාඵල පැස් පුරා තමන් ඉසින් ඇද පක්ෂපාතවම අත්පා මෙහෙ කළාවු නැවත"ජුජක" නසි බමුණාට දරු දෙදෙනා බැද දුන්දා තුන්යමි රාතුිය මුළුල්ලේ ඒ සා වනය තුන්යලක් සිසාරා ඇවිද දරු දෙදෙනා නොදැක දණ්ඩෙන්ක ගැසු කිකිළියක සේ දිව අවුදින් පාවිට වැටිහි මුසපත්වු වෙිලේහි" මන්දුිදේවි" එකලාව මෙි වන මැද මියගියෝදෝයි යන ශෝකයෙන් හුනස්නෙන් පැන නැගි කමඩලාවෙන් පැන් මුහුණට ඉසඔර ඉස තබාගෙන බෝසතුන් තමන් හදවත අල්වාලු වෙිලේහි බෝසතුන්ගෙන් මෙි ආශ්වාදය ලදින් ගිනි කදෙක ඇල් පැන් නැමුවාසේ ශෝක ගිනි නිවාගෙන එකෙනෙහි" මම තපස්විමි වෙිදැයි සිතා පැනනැගි" හිමි මදරඅවෝ කොයිදැයි" කි කල" සොදුර, දිළින්දක්හට දන් දිනිමි. පින් අනුමෝදන්වෙවයි" කි බස  හා සමග මෙි රුමන්දාරාදින් එකවිට වෙවුල්වා තුන් යලක් සාධුකාරදුන්නාවු නැවත එම වෙිලෙහිම සක්දෙවුරජහු බමුණුවෙස් ගෙන අවුදින් " හිමි, තෙලෙ මන්දුි දේවින් මට දන් දෙවයි" කි කල බෝසතුන් තමන් මුහුණ බැලු බැලුම හා සමගම හිරු රැස් දුටු පද්මයක් සේ සන්තෝෂයෙන් පිරුණාවු තමන් මුහුණින් බෝසතුන් මුහුණ බලා සිනාසි " ස්වාමිනි, නුඹ වහන්සේට වැඩෙක්ල වෙිනමි කැමැත්තක්හට මා දනිදි වදාළ මැනවයි" කියා එම සක්දෙවි ලවා සාධුකාර දෙවාපු එකල ඒ " මන්දුිදේවි" මෙකල මෙි යශෝධරා දේවිමය ‎බුදුන්වහන්සේ ජිවමානව වැඩ සිටියදිම භික්ෂුණි ශාසනයේ පැවිදිව භද්දකචිජායනා මහතෙරණින් වහන්සේ නමින් පුසිද්ධ වන්නේ චසදහසක් අවුරුදු පතිවෘතතා ධර්මය හා ශිලය ආරක්ෂා කර ගත් සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් උපතලද ‎දිනයේම උපත ලද පෙරුමිපුරාගෙන ආ ඒ යශෝධරා දේවි නමි උත්තමාවියයි.


උඩුගමිපොළ එල්.ඩබිලිවි.ආරියරත්න

රසට කනකොට ඇහැ රැකෙන කෑම Read Previous

රසට කනකොට ඇහැ රැකෙන කෑම

ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් වීරියෙන් යන මැටි කර්මාන්තයේ සිටින ලදුන් Read Next

ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් වීරියෙන් යන මැටි කර්මාන්තයේ සිටින ලදුන්

Realted Post

Leave a comment