සුපිරි බොලිවුඩ් නළු ෂාරුක්ට 60යි

ජනකාන්ත සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ 60 වන ජන්ම දිනය පසුගියදා යෙදී  (02) යෙදී තිබුණා. 

ඒ වෙනුවෙන් සුබ පැතීමට ෂාරුක්ගේ රසිකයින් ඔහුගේ නිවස ඉදිරිපිටට පැමිණ සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. 

බොලිවුඩ් සිනමාවේ කිරුළු පැළඳූ රජු 'King Khan'මෙන්ම 'King of Romance'ලෙස සහ SKR යන අන්වර්ථ නාමයන්ගෙන් ඔහුගේ ප්‍රේක්ෂකයින් ෂාරුක් ඛාන්ව හඳුන්වනවා. 

සෑම වසරක මෙන්ම මෙවරද ඔහුගේ රසිකයන් මුම්බායි හි මන්නත් නිවස සමීපයේ රැස්ව ප්‍රීතිඝෝෂා පවත්වමින් උපන්දින සුබපැතුම් පළ කරමින් සිටිනවා. 

එමෙන්ම සමාජ මාධ්‍ය හරහා ද ඔහුට හෘදයාංගම සුබ පැතුම් එක් කර තිබුණා.  

ලොව පුරා රසිකයන් ඔහුට මෙතරමි ආදරයක් දෙනවිට ෂාරුක් ද සිය ප්‍රේක්ෂකයන්ට තෑග්ගක් ලබා දුන්නා. 

ඒ දිගු කලක් බලා සිටි ඔහුගේ එළැඹෙන චිත්‍රපටයේ නම සහ teaser වීඩියෝ පටය එළිදැක්වීමයි. 

'King Khan'යන ඔහුගේ අන්වර්ථ නාමයටම ගැලපෙන පරිදි එම නව චිත්‍රපටය 'King' ලෙස නම් කර තිබෙනවා. 

teaser වීඩියෝ පටය දැක්වෙන ආකාරයට එය ඔහුගේ පිට පිට බ්ලොක්බස්ටර් වාර්තා තැබු පතාන් සහ ජවාන් චිත්‍රපට මෙන් ක්‍රියාදාම චිත්‍රපටයක් බව කිව හැකිය. මෙම සිනමා පටය එළෑමෙන වසරේ තිරග වීමට නියමිත බව සඳහන්. 

1965 වසරේ නොබැම්බර් මස 02 වනදා ඉන්දියාවේ නවදිල්ලි නුවර උපත ලැබූ ෂාරුක් ඛාන් 1980 දශකයේ අගභාගයේදී රූපවාහිනී කතා මාලා කිහිපයක පෙනී සිටීමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර 1992 දී දීවානා සංගීතමය ආදර කතාව සමඟින් හින්දි චිත්‍රපටයට පිවිසියා. 

ඔහු මුලින් පිළිගැනීමට ලක් වූයේ බාසිගර් (1993) සහ දර් (1993) චිත්‍රපටවල දුෂ්ට චරිත නිරූපණය කිරීම සඳහා යි. 

දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ (1995), දිල් තෝ පාගල් හේ (1997), කුච් කුච් හෝතා හේ (1998), මොහබ්බතීන් (2000), කභි කුෂි කභි ගම් (2001), කල් හෝ නා හෝ (2003), වීර්-සාරා (2004) සහ කභි අල්විද නා කෙහෙනා (2006) ඇතුළු ඉහළම ආදායම් ලබන ආදර චිත්‍රපට රැසකට ඔහු සිය රංගනය දායක වී තිබෙනවා. 

ඔහු 2002 දී තිරගත වූ ආදර චිත්‍රපටයක් වූ වූ 'දේව්දාස්' හි මත්පැන් පානය කරන්නෙකුගේ චරිතය, 2004 දී  'ස්වදේස්' හි නාසා විද්‍යාඥයෙකුගේ චරිතය, 2007 දී 'චක් දේ! ඉන්දියා' හි හොකී පුහුණුකරුවෙකුගේ චරිතය සහ 2010 දී තිරගත වූ 'මයි නේම් ඉස් ඛාන්' චිත්‍රපටයේ ඇස්පර්ජර් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන මිනිසෙකුගේ චරිතය සඳහා විචාරක පැසසුමට ලක් වුණා. 

එමෙන්ම, 'ඕම් ශාන්ති ඕම්' (2007) සහ 'රබ් නේ බානා දි ජෝඩි' (2008) ජබ් තක් හේ ජාන් (2012) යන ආදර කතා සමඟින් සහ 'චෙන්නායි එක්ස්ප්‍රස්' (2013) සහ 'හැපි නිව් ඉයර්' (2014) යන විකට චිත්‍රපට දක්වා ව්‍යාප්ත වීමත් සමඟ වාණිජමය වශයෙන් තවත් සාර්ථකත්වයක් අත්කර ගත්තා. 

කෙටි පසුබෑමකින් සහ විරාමයකින් පසුව, ඛාන් 2023 දී ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපට වන 'පතාන්' සහ 'ජවාන්' සමඟ වෘත්තීය නැවත පැමිණීමක් සිදු කළ අතර, ඒ දෙකම වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපට අතර වනවා. ජවාන් සඳහා, ඔහුට ප්‍රධාන චරිතයක හොඳම නළුවා සඳහා වන ජාතික චිත්‍රපට සම්මානය හිමි වුණා. 

ඔහුගේ රංගන හැකියාව අගයමින් හොඳම නළුවා, හොඳම දුෂ්ඨයා මෙන්ම විවිධ කාණ්ඩ යටතේ සම්මාන රැසකින් පිදුම් ලබා  තිබෙනවා. 

2015 වන විට, ඔහු  නිෂ්පාදන සමාගමක් වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් හි සහ එහි අනුබද්ධ සමාගම්වල සම-සභාපතිවරයා වන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කණ්ඩායමේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් කණ්ඩායමේ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් හි සම-හිමිකරු වනවා. 

ඛාන්ගේ පරිත්‍යාගශීලීත්වය සහ සෞඛ්‍ය සේවා සහ ආපදා සහන ලබා දීම මෙන්ම ළමා අධ්‍යාපනයට ඔහු දැක්වූ සහයෝගය වෙනුවෙන් 2011 දී යුනෙස්කෝවේ "UNESCO's Pyramide con Marni award"සහ ඉන්දියාවේ කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් 2018 දී ලෝක ආර්ථික සංසදයේ   "Crystal Award"සම්මානය ඔහුට පිරිනැමුවා. 

ඔහු ඉන්දියානු සංස්කෘතියේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගේ ලැයිස්තුගත කිරීම්වල නිතිපතා පෙනී සිටින අතර, 2008 දී 'Newsweek' ඔහුව ලෝකයේ බලවත්ම පුද්ගලයින් පනස් දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කළා. 

2022 දී, 'Empire' විසින් කරන ලද පාඨක මත විමසුමකදී ෂාරුක් ඛාන් ශ්‍රේෂ්ඨතම නළුවන් 50 දෙනාගෙන් කෙනෙකු ලෙස ප්‍රකාශ කරන ලද අතර, 2023 දී 'Time' ඔහුව ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස නම් කළා.

සටහන - කසුනි විජේසිංහ 

 

 

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය Read Previous

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය Read Next

මුහුදේ ගසාගෙන ගිය සද්ධන්තයා බේරා ගත් නාවික වික්‍රමය

Realted Post

Leave a comment