සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට

තෙල්දෙණිය පොලිස් වසමේ  වික්ටෝරියා  ජලාශය ආසන්නයේ පිහිටි හෝටලක් රාත්‍රී වැටලූ තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඩී එම් චන්ද්‍රපාල මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක්  එහි  සිටි  පුද්ගලයන්  41ක් සමග අයිෂ් හෑෂ් ගංජා මත් පෙති  20ක් නීති විරෝධී දුම්වැටි තොගයක්, බීර බෝතල්  28ක්  විවිධ වර්ගයේ මත් පැන් බෝතල්  12ක් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතර  තරුණියන්  05  ක් සිටි බව පොලීසිය පවසයි.පොලීසියට ලද රහසිගත තොරතුරක් මත වැටලීම සිදු  කරන ලද බව පොලීසිය පවසයි.

අත් අඩංගුවට ගත් පිරිස  ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මුහූණු පොත හරහා මෙම සාදයට සහභාගි වී ඇති බව  පොලිස් පරීක්ෂණ වලදී  හෙළිව  ඇත.

⁣මධ්‍යම දිසාව භාර ජේය්‍ය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ලලිත් පතිනායක ,නියෝජ්‍ය පොලිස්පති  සුදත් මාසිංහ,තෙල්දෙණිය ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී  හර්ෂ ලොකුගේ   යන  මහත්වරුන්ගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම් චන්ද්‍රපාල මහතා  සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට  වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.

ජේ.ඒ.එල්. ජයසිංහ..

රහස් ප්‍රදේශේට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව Read Previous

රහස් ප්‍රදේශේට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ Read Next

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

Realted Post

Leave a comment