සෞභාගය්‍යයේ උත්සවය

ආසියාව කියන්නේ විවිධ සංස්කෘතීන්ගෙන් පිරිච්ච කලාපයක්.විවිධ ජාතීන් ජීවත් වන රටවල් තුල වසර පුර විවිධ උත්සව සැමරුම් දකින්න පුලුවන්.වසර ලබනවාත් සමග සෑම  වසරකම ජනවාරී මස  තෛපොන්ගල් උත්සවය  හින්දු බැතිමතුන් විසින් සමරනවා.

සූර්‍ය දෙවියන්ට, සොබා දහමට සහ කෘෂි කර්මාන්තය සහ කෘෂි කර්මාන්තයේ කටයුතු වලට දායක වුණ මිනිසුන්ට ස්තූති කරමින් වගේම  රටේ සමෘද්ධිය සහ මිනිස් පැවැත්ම ආදීයට ආශීර්වාද කිරීම අරමුණු කර ගනිමින් පොංගල් උත්සවය පවත්වයි.

"පොංගල් "වචනයේ තේරුම "ඉතිරි යාම "යන්නයි.එය සෞභාග්‍යයේ සහ සමෘද්ධියේ උත්සවය ලෙසත් හදුන්වයි.

අස්වනු නෙළීමේ උත්සවය ලෙස ද හඳුන්වන පොංගල් උත්සවය චාරිත්‍රානුකූලව දින තුනක් ඉන්දියාවේ පවත්වන අතර ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල එක් දිනක් හෝ දෙකක් පවත්වනු ලබයි.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් සූදානම් වෙන්නේ පැරණි බඩු බාහිරාදිය ඉවත ලමින් නිවාස පිරිසිදු කරමින් දෙවියන් වෙනුවෙන් බැතිමතුන් පේ වීම සිදු කරමින් ය.


වසරේ ඉදිරි කාලය තුළ
අස්වනු සාර වීමට බහුල වැසි බලාපොරොත්තු වෙමින් ඉන්ද්‍ර දෙවියන් සදහා යාඥා කරනු ලබයි. පසුව දෙවියන් වෙනුවෙන් පොංගල් කෑම පිසින අතර සූර්ය දෙවියන්ට සහ ගණ දෙවියන්ට පූජා කිරීමෙන් අනතුරුව රැස්ව සිටින පවුලේ අයට සහ මිතුරන් සමඟින් බෙදා හදා ගනිමින් තෛපොංගල් උත්සවය  සමරනු ලබයි.


තවත් විශේෂ චාරිත්‍රයක් ලෙස කාන්තාවන් සහ තරුණ ගැහැණු ළමයින් විසින් පොංගල්  දිනයේදී නිවසෙන් පිටත කහ පැළයක් තබා කපුටන් වෙත පොංගල් කෑමක් ආහාර ලෙස ලබා දී තම සහෝදරයන්ගේ යහ පැවැත්ම වෙනුවෙන් දෙවියන් ට යාඥා කරයි. සහෝදරයන්ද තම සහෝදරීයන්ට තෑගී ලබා දෙමින් උපහාර දක්වයි.


සශ්‍රීකත්වය,සෞභාග්‍යය සහ සමෘද්ධිය ,වගේම මිනිස් ජීවිත වලට යහපත ප්‍රාර්ථනා කරමින් තෛපොංගල් උත්සවය සමරන ඔබ සැමට සුභ සුව යහපත් තෛපොංගල් උත්සවයක් වේවා.

 

සටහන  දුල්ෂරා මධුවන්ති

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ Read Previous

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය Read Next

සැම කළට උවැසි විශාකාවගේ කළමනාකරණය

Realted Post

Leave a comment