හැමෝම ඇඟිලි ගනිමින් බලාගෙන හිටපු සුන්දර මංගල්‍ය

කලා ලොවේ හැමෝගෙම ආදරය දිනාගත්ත, තාරුණ්‍යයේ සිහින කුමරිය ශනුද්‍රි ප්‍රියසාද් ගැන පසුගිය කාලයේ ලොකු කතාබහක් ඇතිවුණා. 

ශනු කවද්ද බඳින්නේ?කියන ප්‍රශ්නය ඇයගේ හැම රසිකයෙක්ගෙම හිතේ තිබුණු දෙයක්. ඉතින්, ඔන්න ඒ බලාපොරොත්තුවලට තිත තියමින්, මුළු කලා ක්ෂේත්‍රයම මවිතයට පත් කරමින් ශනුද්‍රි තමන්ගේ ජීවිතයේ අලුත් ගමන ආරම්භ කරලා තියෙනවා.

ශනුද්‍රිගේ අත ගත්තේ වෙන කවුරුත් නෙවෙයි, තරුණ පරපුරේ අතිශය ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් ගමගේ. කාලයක් තිස්සේ මේ දෙන්නා අතරේ පෙම් කතාවක් තියෙනවා කියලා හැමෝම දැනගෙන හිටියත් මේ දෙන්නා එක වහලක් යටට එන්නේ කවද්ද කියලනේ හැමෝම බලාගෙන හිටියේ ... ඉතින් දෙන්නම ඒ ගැන නිහඬවයි හිටියේ. ඒත් මේ දෙන්නගේ සුසංයෝගය කලා ලොවට අමුත්තක් නෙවෙයි.

මේ ආදරණීය මංගල්‍යය පවත්වන්න තෝරාගෙන තිබුණේ ලංකාවේ ලස්සනම නගරයක් වන නුවරඑළිය. මීදුම අතරින් පෙනෙන මනස්කාන්ත පරිසරයක, බොහොම පෞද්ගලික මට්ටමින් සහ ඉතාමත් චාම් විදිහට මේ විවාහ උත්සවය පවත්වා තිබෙනවා. ශනුද්‍රි නුවරඑළියේ සීතල මැද සුරංගනාවියක් වගේ දිස්වුණු බවයි ආරංචි වෙන්නේ.

ශනුද්‍රි විවාහ වෙන්නේ කවද්ද කියලා මඟ බලාගෙන හිටපු ඇයගේ ලක්ෂ සංඛ්‍යාත රසිකයන්ට මේක ඇත්තටම සතුටුදායක පුවතක්. කලා ලොවේ සුපිරි තරු දෙකක් මෙලෙස යුග දිවියට එළඹීම ගැන මේ වන විටත් මුළු අන්තර්ජාලයම උණුසුම් වෙමින් පවතිනවා..

ඉතින්, හැමෝම ඇඟිලි ගනිමින් බලාගෙන හිටපු මේ සුන්දර මංගල්‍යයේ අපූරු සොඳුරු මතකයන් සහ මෙතෙක් කිසිවෙකු නොදුටු ඡායාරූප පෙළ ඉදිරියේදීත් අප ඔබ වෙත රැගෙන එන්නට සූදානම්. සියල්ල රහසක්ව තබාගෙන, සීතල මීදුම මැදින් ඇරඹුණු දිනේෂ් - ශනුද්‍රි මේ අලුත් ආදර ලෝකයට අපිත් හදවතින්ම සුබ පතමු!

ජනශක්ති අවු.18ට අඩු දරුවන්ට ලබා දෙන  සෞඛ්‍ය පහසුකම් පුළුල් කරයි Read Previous

ජනශක්ති අවු.18ට අඩු දරුවන්ට ලබා දෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කරයි

ලෝකයම කතා වෙන Tang Weiගේ අලුත් වෙනස Read Next

ලෝකයම කතා වෙන Tang Weiගේ අලුත් වෙනස

Realted Post

Leave a comment