2025 නව වසර

මේෂ   :   දිගු කාලයක් තිස්සේ මානසික වශයෙන් තිබුණු ව්‍යාකුලතා, මානසික වශයෙන් තිබුණු අසහනකාරි තත්්ත්වයන්, (ප්‍රේමය විවාහය රැකියා සහ ආදයම් මාර්ග වෙන්න පුළුවන්) මේ සම්බන්ධව තිබුණු ගැටලු නිරාකරණය කරගෙන ඉතා යහපත් විදිහේ ආර්ථික තත්ත්වයකට යාමට හැකියාව ලැබේ.   

වෘෂභ   :  අධ්‍යාපනයට ඉතා සුබ වසරකි. ව්‍යාපාරිකයන්ට ද හොඳ ආයෝජන තෝරාගෙන නිසි මුදල් යොදා  ඉහළ ආදායම් ලැබිය හැකි කාලයකි. ලංකාව තුළ සිටිමින් විදෙස් ධනයද ඉපයීමේ හැකියාව පවතී.  

මිථුන   :  රැකීරක්ෂා කටයුතු, ව්‍යාපාර ආර්ථික පැත්තෙන් කෙටි කලකදී ජයග්‍රහණ ලබාගත හැකි අවස්ථා උදා වනු ඇත. 

කටක  : විදේශ ධනය ඉපයීමේ හැකියව පවතිනවා. විදේශ  ගතවෙන්න බලාපොරොත්තුවෙන් සිටියා නම්ඊට තිබූ බාධා ඉවත් වෙනවා.  

සිංහ  :   ඉහළපෙළේ ජයග්‍රහණ ප්‍රසාදවලට ලක්වීමේ වාසනාවද හිමි වේ. ඒ වගේම උරුමයෙන් ලැබිය යුතු ව තිබූ දේපළක් ලැබිමේ වාසනාවටද සෙනසුරු උදව් කරනු ඇත 

කන්‍යා  :  පරිපාලන ක්ෂේත්‍රයේ, දේශපාලන ක්ෂේත්‍රයේ,    ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිටින කන්‍යා ලග්න හිමියන් වැඩි වේගයකින් තමන්ගේ බලය තහවුරු කරගැනීමේ වාසනාව උදා වනු ඇත. කාලයක් මුළුගැන්විලා සිටියා නම් වේගයෙන් තමන්ගේ ජයග්‍රහණ කරා නැවත පිවිසෙනවා.

තුලා   :  ව්‍යාපාරවලට හොඳ කාලයකි.  රැකියාවන්හි දියුණුව ඇති වේ. ගුප්ත ශ්‍රාස්ත්‍රය වැනි විෂයන් හදාරන තුලා ලග්න හිමියන්ට එම විෂයයන් වල ගැඹුරට හැදෑරීමටත්, අලුත් විෂයයන් ඉගෙන ගැනීමටත් ඒ ලබාගත් දැනුම හොඳින් සමාජගත කිරීමටත් ඒවායින් කීර්තිය ප්‍රශංසාව ලැබීමේ වාසනාව උදා වේ.

වෘශ්චික  :   රැකියාවට, අධ්‍යාපනයට වෙනස් කිරීමක් නොකොට දිගටම කරගෙන ගියොත්  සාර්ථක වනු  ඇත. නමුත් ක්ෂේත්‍රය හෝ අධ්‍යාපනයේ විෂයයන් මාරු කළහොත් කඩාවැටීම් සිදු වේ.

ධනු     :    ජීවිතේ මෙතෙක් මුණ ගැසී නැති ප්‍රභු පුද්ගලයෙක් මුණ ගැසීමට, ගුරුවරුන් මුණ ගැසීමට ධනු ලග්න හිමියන්ට අවස්ථාව උදා වනු ඇත. ඒ වගේම යහපත් සමාජ සම්බන්ධතා ද ගොඩ නැගෙනු ඇත.

මකර  :   කියාව, වෘත්තිය, ව්‍යාපාර, අධ්‍යාපනය යන හතරටම ඉතා සුබදායක ලෙස ක්‍රියාත්මක වනු ඇත. තමන්ගේ සහජ හැකියාවන් ඉස්මතු කොට ගෙන වෘත්තීය මට්ටමින් කැපීපෙනෙන නායකත්වයක් ලබාගැනීමටත් මකර ලග්න හිමියාට හැකි වනු ඇත.   

කුම්භ   :    මානසික වශයෙන් සැහැල්ලුවෙන් කටයුතු කිරිමට කුම්භ ලග්න හිමියන්ට අවස්ථාව හිමිවනවා. ඒ වගේම ස්ථාවර ධනය , යුගජීවිතය, අධ්‍යාපනය, පැති වලින් තිරසාර පිළිවෙළකට යොමු විමට හැකියාව ලැබෙනු ඇත.

මීන   :    අධ්‍යාපනය හදාරන, යම් විෂයන් ගවේෂණය කරන මීන ලග්න හිමියන්ට සුබ වේ. විභාගවලින් ජය අත් වේ . රැකියාව තුළ ඉතා ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් දියුණුව ඇති වේ. ධනය අතින් තමාගෙන් ගිලිහුණු නායකත්වයන් වෘත්තිමය වශයෙන් අත්පත් ගැනීමේ හැකියව ඔවුන් ලබනවා.

  •  වැඩි විස්තර ස‌දහා  2024 දෙසැම්බර් 30 සිරිකත පුවත්පත බලන්න.
  • ඉදිරිපත් කිරීම - 
    කේ.සී.ජේ රත්නායක මහතා

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි  Read Previous

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි. Read Next

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

Realted Post

Leave a comment