Set එකේ tension වැඩි කළ හොලිවුඩ් තරු

ඕනෑම සිනමා කෘතියක තිරය ඉදිරිපස සිටින පිරිස හැමෝගෙම දැනගන්නා පිරිසක් බවට පත් වුණාට එහි පිටුපස එම නිර්මාණය සාර්ථක කර ගැනීම උදෙසා කැප වන විශාල පිරිසක් සිටී. හොලිවුඩ් කියන්නේ කැමරා ඉදිරියේ දිලිසෙන තරු ලෝකයක් විතරක් නෙවෙයි, නිර්මාණය වටා සිටින බොහෝ පිරිස් දිවා රෑ නොබලා වැඩ කරනවා. අතිශය තරඟකාරී සිනමා කර්මාන්තයක් වන හොලිවුඩයේ කාලයක් තිස්සේ ටිකක් වැඩ කරන්න අමාරුයි කියලා කියවෙන හොලිවුඩ් තරු ඉන්නවා. ඔවුන්ගේ අධික කෝපය, සෙට් එකේ ඇති වන විවිධ ප්‍රශ්න, අනෙක් අය සමග ඔවුන් විවිධ ප්‍රශ්න ඇති කරගෙන තිබෙනවා. 

ක්‍රිස්ටියන් බේල් 

‘Terminator Salvation’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ක්‍රිස්ටියන් බේල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට බරපතළ ලෙස කෑගැසූ හඬ පටයක් 2009දී අන්තර්ජාලයට නිකුත් වුණා. ඒ සිදුවීම හොලිවුඩ් ඉතිහාසයේ ප්‍රසිද්ධම “on set meltdown” එකක් ලෙස සැලකෙනවා. පසුව ඔහු සමාව ඉල්ලුවත්, බේල් සමඟ වැඩ කිරීම අතිශය පීඩනකාරී අත්දැකීමක් විය හැකි බවට අදහසක් එයින් තවත් ශක්තිමත් වුණා. එහෙත්, ඔහුගේ රංගන ප්‍රතිඵල ගැන විවාදයක් නැහැ.

කැතරින් හයිගල් 

කැතරින් හයිගල්ගේ “difficult actress” යන ලේබලය බොහෝ දුරට ආරම්භ වුණේ ඇය ‘Knocked Up’ චිත්‍රපටය සහ ‘Grey’s Anatomy’ කතා මාලාවේ ලියවිලි පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය කළ පසුයි. හොලිවුඩ් ඇයව ඉක්මනින්ම “අමාරු” නිළියක් ලෙස හඳුන්වන්න පටන් ගත්තා. නමුත් වසර ගණනාවකට පසුවත් බොහෝ දෙනා කියන්නේ, ඇයව විවේචනයට ලක්වුණේ නරක හැසිරීමකට වඩා, සාමාන්‍යයෙන් නිහඬව සිටීමට බලාපොරොත්තු වන කාන්තා නළු නිළියන් අතරින් ඇය විවෘතව අදහස් ප්‍රකාශ කළ නිසයි කියලා.

ජෙනිෆර් ලෝපස් 

ජෙනිෆර් ලෝපස් ගැන වසර ගණනාවක් තිස්සේ විවිධ කතා පැතිරෙනවා. සම්පූර්ණයෙන්ම සුදු පැහැති dressing rooms, අතිශය විශේෂ hospitality ඉල්ලීම්, සහ ඇය වෙනුවෙන් සහායකයින් පමණක් කතා කරන බවට පවා කතා තිබුණා. මේ සියල්ලම “J.Lo diva” යන ජනප්‍රිය ප්‍රතිරූපයේ කොටසක් බවට පත්වුණා. 

ලියා මිශෙල් 

‘Glee’ කතාමාලාව අවසන් වූ වසර කිහිපයකට පසුව, ලියා මිශෙල් සමඟ වැඩ කළ අය බොහෝ දෙනෙක් තම අත්දැකීම් ප්‍රසිද්ධියේ කතා කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම අභාවප්‍රාප්ත නයා රිවේරා, ඇගේ ‘Sorry Not Sorry’ මතක සටහන් පොතේ සඳහන් කළේ, තම චරිතයට වැඩි අවධානයක් ලැබෙත්ම මිශෙල්ගේ හැසිරීම වෙනස් වූ බවයි. “ලියා spotlight එක share කරන්න කැමති වුණේ නැහැ,” යන අදහස එහි ඉතා ප්‍රසිද්ධ වුණා.

ෆේ ඩනවේ 

ෆේ ඩනවේ කියන්නේ හොලිවුඩ් ඉතිහාසයේ අතිශය දක්ෂ නිළියක්. නමුත් ඇගේ දැඩි පරිපූර්ණවාදී ස්වභාවය සහ කෝපය නිසා, ඇගේ රංගන දක්ෂතාවයට වඩා ඇගේ හැසිරීම ගැන කතා බහුල වුණා. රූගත කිරීම් අතරතුර ඇති වූ කෑගැසීම්, අධික ඉල්ලීම් සහ අතිශය ආතතිමය වාතාවරණය ගැන බොහෝ දෙනෙක් පසුව කතා කර තිබෙනවා.

ඇය සමඟ වැඩ කළ ප්‍රවීණ නිළි බෙට් ඩේවිස් පවා 1988දී ‘The Tonight Show’ වැඩසටහනේදී ඩනවේ “සම්පූර්ණයෙන්ම impossible” බවත්, “සහයෝගයෙන් කටයුතු නොකරන” බවත් ප්‍රසිද්ධියේ කියා තිබුණා. “මෙම පුටුවට ඔබ ගෙනෙන ඕනෑම කෙනෙක් ඇය ගැන එකම දේ කියයි,” යන ඇගේ ප්‍රකාශය අදටත් ප්‍රසිද්ධයි.

හොලිවුඩ් ලෝකයේ ජනප්‍රියත්වය, දක්ෂතාවය සහ පෞද්ගලික හැසිරීම් අතර සම්බන්ධය හැමවිටම සංකීර්ණයි. සමහරුන්ට “difficult” යන ලේබලය සාධාරණ විය හැකි අතර, තවත් සමහරුන්ට එය අසාධාරණ විය හැකියි. නමුත් එක් දෙයක් පැහැදිලිය. ඒ කැමරාව ඉදිරියේ දිලිසෙන හැම තරුවක්ම, කැමරාව පිටුපසත් එකම ලෙස දිලිසෙන්නේ නැති බව.

අශන්ති වරුණසූරිය - www.msn.com ඇසුරින්

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ? Read Previous

’’Miaz’’ ලංකාවට ඇවිත්: අපේ සංස්කෘතියට සහ සදාචාරයට ඇත්තටම මොකද වෙන්නේ?

මාළු මිරිසට කාලා එපා වෙලාද? එහෙනම් මේ විදිහට හදලා බලන්න... Read Next

මාළු මිරිසට කාලා එපා වෙලාද? එහෙනම් මේ විදිහට හදලා බලන්න...

Realted Post

Leave a comment