Suraj ගේ විවාහය

රංගනයට වගේම නර්තනයටත් දක්ෂ සුරාජ් මාපා කාලයක් පුරාවටම තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙස තබා ගැනීමට සමත්ව සිටින කලාකරුවෙක්. ඔහුත් සමග අපි කළ කතාබහක සටහනක් මේ,

  • පුංචි තිරයේ නිර්මාණ කිහිපයකම ඉන්නවා නේද?

පසුගිය දවස්වල සුසුම් රස්තියාදුව, උන්මාදනී කියන ටෙලි නාට්‍ය දෙකට සම්බන්ධවීමට අවස්ථාව ලැබුණා. මේ වෙද්දී සිරස රූපවාහිනියේ සර්කස්කාරයෝ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. එහි චරිතය වෙනස්ම විදිහෙ එකක්.

  • ඔබ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටත් යොමු වුණා නේද?

මගේ කුලුඳුල්  අධ්‍යක්ෂණය‘‘නොනිමි’’ ටෙලි නාට්‍යය. හිතපු නැති විදියට ටෙලි නාට්‍යය ජනප්‍රිය වුණා. මට ඕනෑ වුණේ යුද්ධය අවසන් වුවත් තවම මිනිසුන්ගේ හදවත්වල යුද්ධය අවසන්  නැහැ. තවම සිංහල, දෙමළ මිනිසුන් තුළ  චකිතයක් තියෙනවා. ඒ සම්බන්ධව යහපත්ව කතා කරන්නයි.
සුමති ටෙලි සම්මාන උලෙළෙදීත් සම්මාන රැසකට නිර්දේශ වුණා. මේ දිනවලත් මම අලුත් ටෙලි තිරපිටපතක් ලියමින් ඉන්නේ. මේ  අවුරුද්ද තුළ චිත්‍රපටියක් කිරීමේ ආසාවකුත් තියෙනවා.

  • වැඩි කැමැත්ත රංගනයට ද නර්තනය ද අධ්‍යක්ෂණයට ද?

මෙම අංශ තුනටම මම එක ලෙස ගරු කරනවා. රංගනය තුළින් ජීවිතය සහ සමාජය පිළිබඳවත් නර්තනය තුළින් ස්වභාව ධර්මයේ රිද්මය පිළිබඳවත් මම බොහෝ දේ ඉගෙන ගන්නවා. අධ්‍යක්ෂණය කියන්නේ සොයාගෙන යන දෙයක් කියලයි මම හිතන්නෙ.

  • ව්‍යාපාර කටයුතුවලත් නියැළෙනවා නේද?

මම පොඩි කාලේ ඉඳලම විලාසිතා සඳහා වැඩි කැමැත්තක් දක්වනවා. විලාසිතා නිරූපණ  ශිල්පියකු වශයෙන් කාලයක් විවිධ සන්නාම නියෝජනය කළා. එම නිසා කාන්තා/ පිරිමි ඇඟලුම් ව්‍යාපාරයකට අතගසා තිබෙනවා. එය පියවරෙන් පියවර ඉදිරියට ගොඩනගා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

  • තවමත් රඟපාන්න බැරිවුණු චරිතයක් හිතේ තියෙනවද?


 කලාකරුවා කියන්නෙ හැමදාම ඉගෙන ගනිමින් ඉන්න කෙනෙක්. තවම මගේ රඟපෑම ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබී තිබෙන්නේ පොඩි ප්‍රමාණයක්. තව බොහෝ දේ කරන්න පුළුවන්. වාසනාව කියන දෙය මම තරයේ විශ්වාස කරනවා. හැමදේටම වාසනාව සහ වේලාව තියෙන්න ඕනෑ. රංගනයට එද්දී මම කිසිම දෙයක් දැනගෙන නෙවෙයි ආවේ. බොහෝ දේ ඉගෙන ගනිමින් වගේම හදාරමිනුයි දැනටත් ක්ෂේත්‍රයේ ඉන්නෙ.

  •  නර්තන කටයුතු කොහොමද?

සවුදි අරාබියේ රියාද්වල ප්‍රසංගයකට සහභාගී වුණා. එහි නර්තනය සහ නිවේදන කියන අංශ දෙකටම ආරාධනා ලැබුණා. මේ වසරේ නර්තන ප්‍රසංගයක් කරන්නත් හිතාගෙන ඉන්නවා.

  • සිනමා නිර්මාණවලට දායකවෙන්නේ අඩුවෙන් නේද?

චිත්‍රපටි දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.

  • සම්මාන බලාගෙනද රඟපාන්නේ?

කොහෙත්ම නැහැ. නළුවෙකුට සම්මාන ගැන හිතලා රඟපාන්න අමාරුයි. හේතුව අධ්‍යක්ෂවරයා යටතේ ඒ නිර්මාණය තුළ  නළුවා, නිළිය රඟපාන්නේ. එතනදි අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාව වගේම අනෙක් ශිල්පීන්ගේ හැකියාව මතයි නිර්මාණය සම්මානවලට පත්‍ර වෙන්නේ. සමහර ටෙලි නාට්‍ය තියෙනවා රංගන ශිල්පීන් අධික වෙහෙසක් දරලා ඉතා දක්ෂ ලෙස තමන්ගේ චරිතය නිරූපණය කරනවා. නමුත් ප්‍රේක්ෂකයෝ අතරට නිර්මාණය යන්නේ නෑ.
මම නිතරම උත්සාහ කරන්නේ  අධ්‍යක්ෂවරයාට සියයට සියයක්ම මගේ හැකියාවෙන් සාධාරණය ඉටු කරන්නයි.

  • කේන්දර විශ්වාස කරනවාද?

මම සියයට සීයක්ම විශ්වාස කරන්නෙ නැහැ. මම  විශ්වය විශ්වාස කරනවා. ඒ පිළිබඳ හැදැරීම් කරනවා. විශේෂයෙන් බෞද්ධයකු ලෙස  කුසල්, අකුසල් විශ්වාස කරනවා.

  • තවම තනිකඩ ඇයි?

හීනයක් තියෙනවා. ඒ දෙය කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා. මම දෛවය විශ්වාස කරනවා.  සුදුසු කෙනා ලැබුණම මමත්  විවාහ වේවි.


    

 

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment