අදත් ඉන්නට කැමති අප්පච්චිගේ හෙවනැල්ලයට


"අප්පච්චි ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක්. ලොකු සංයමයකින් සාවධානව අනික් කෙනාට සවන් දෙනවා. අම්මා කලබල වෙලා කෑගැහුවත් අප්පච්චි කවදාවත් කලබල වෙන්නේ නැහැ. ඒ දේවල්වලට හිතලා බලලා පිළිතුරු දෙනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුට ආදරයෙන් කතා කරනවා. කිසිම කෙනෙකුගේ හිතක් රිදවන්නෙ නැහැ."

"අපට තිබුණු ආර්ථික අපහසුතා නිසා මට වයස අවුරුදු 3 12 ක් වන විට අප්පච්චිට විදේශ රටක රැකියාවකට යන්න වුණා අප්පච්චි අවුරුදු 5 12ක් එහි රැකියාව කළා. මගේ කුඩා කාලය අප්පච්චි ළඟ දැවටි දැවටී ඉන්න ඉඩ ලැබුණේ නැහැ"

මේ විදිහට තමන්ගේ ආදරණීය අප්පච්චි ගැන හැඟීම් අපට කියන්නට එක් වූයේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ජනනාත් වරකාගොඩ ඔහුගේ ආදරණීය අප්පච්චි විජේරත්න වරකාගොඩ ඔහු ප්‍රවීණ ගුවන් විදුලි රූපවාහිනී චිත්‍රපට හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකි.


මම අද මේ ඉන්න තත්ත්වයට එන්න අප්පච්චි මට ලොකු ශක්තියක් වුණා අප්පච්චි යෝධ හෙවණැල්ලක් වගේ. මට මේ ක්ෂේත්‍රයට එන්න ලංකාවේ සිටින හොඳම සංගීත ගුරුවරුන් ළඟට යවා උගන්වන්න අප්පච්චි දෙවරක් හිතුවෙ නෑ මට අවශ්‍ය සෑම දෙයක්ම හොඳම ආකාරයෙන් ලබා දුන්නා. අද මේ මම ඉන්න තත්ත්වයට මූලික එකම හේතුව අප්පච්චි.

මේ වගේ රටක් ලෝකයක් ආදරේ කරන අප්පච්ච කෙනෙක් මට ලැබීම මගේ භාග්‍යයක් මං ඒ තරමට පින් කරලා තිබෙනවා. හැම ආත්මයකම මගේම අප්පච්චි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


සටහහ - ඉෂංකා ජයසූරිය

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Previous

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

මා නිවත්ථ අභික්ඛම - ජාතික භික්ෂු දිනය අදයි Read Next

මා නිවත්ථ අභික්ඛම - ජාතික භික්ෂු දිනය අදයි

Realted Post

Leave a comment