අලියා අපි වගේම දුක් වෙනවා. මිනිස් අවධානය හොදින් තේරුම් ගන්නවා

අලියා කියන්නේ ශරීරයෙන් විශාල සත්වයෙක් විතරක් නොවන බව ඔවුන්ගේ සමාජ ජීවිතය, මතකය, සන්නිවේදනය සහ සංවේදී හැසිරීම් පිළිබඳව ලෝකයේ විද්‍යාඥයන් දශක ගණනාවක් සිදු කර ඇති පර්යේෂණවලින් ඔප්පු වී තිබෙන කරුණක්.

අලියා මිනිස්සුන්ට බයයි, මිනිස්සු අලින්ට බයයි. මේ නිසාත් බොහෝ ගැටුම්කාරී තත්වයන් ඇති වෙනවා. අලි ගැන ලෝකයේ සිදු කර ඇති පරේක්ෂණ සටහන් නිරීක්ෂණය කිරීමේදී අලි ගැන කියවෙන්නේ හරිම අපූරු දේවල් ගොඩක්. 

ඒ අනුව අද වන විට සිදු කර ඇති පර්යේෂණවලින් පෙනී යන්නේ අලින්ට ඉතා ශක්තිමත් පවුල් සහ සමාජ බැඳීම් තිබෙන බව. විශේෂයෙන් මව් අලියා සහ පැටවා අතර බැඳීම, පවුලේ අනෙකුත් ගැහැණු අලින්ගේ සහයෝගය සහ රැළ තුළ එකිනෙකා ආරක්ෂා කරගැනීම ඔවුන්ගේ සමාජ ජීවිතයේ වැදගත් කොටස්.

1987 දී Animal Behaviour සඟරාවේ පළ වූ පර්යේෂණයකදී, පැටවුන් අනතුරකට හෝ පීඩනයකට ලක් වූ විට ඔවුන්ගේ සහෝදරියන් සහ තරුණ කෙනර  අලි ඔවුන්ට ආරක්ෂාව, සහයෝගය සහ සැනසීම ලබාදෙන බව නිරීක්ෂණය කර තිබුණා. පර්යේෂකයන් මෙවැනි ගැහැණු අලින් “allomothers” ලෙස හඳුන්වා තිබෙනවා. (ScienceDirect)

මරණය සහ ශෝකය

අලින්ගේ මරණය සම්බන්ධ හැසිරීම් පිළිබඳවද විද්‍යාත්මක වාර්තා තිබෙනවා. මියගිය අලියෙකුගේ සිරුර අසල රැඳී සිටීම, හොඬවැලෙන් සිරුර ස්පර්ශ කිරීම, සිරුර පරීක්ෂා කිරීම සහ සමහර අවස්ථාවල කොළ, අතු හෝ පස් සිරුර මත තැබීම වැනි හැසිරීම් පර්යේෂකයන් විසින් වාර්තා කර තිබෙනවා.

විශේෂයෙන්ම මියයමින් සිටි හෝ මියගිය matriarch අලියෙකු සම්බන්ධයෙන් කළ ක්ෂේත්‍ර නිරීක්ෂණයකදී, සමීප ඥාතීන් පමණක් නොව වෙනත් අලින්ද විශේෂ අවධානයක් සහ උපකාරක හැසිරීම් පෙන්වූ බව වාර්තා වී තිබෙනවා. (ScienceDirect)

මෙය “අලියා මිනිසෙකු වගේම ශෝක වෙනවා” කියා සරලව නිගමනය කිරීමට ප්‍රමාණවත් සාක්ෂියක් නොවුණත්, මරණය සම්බන්ධයෙන් අලින්ගේ හැසිරීම් සාමාන්‍ය දෛනික හැසිරීම්වලට වඩා වෙනස් සහ සංකීර්ණ බව පර්යේෂණවලින් පැහැදිලි වෙනවා.

මතකය සහ සමාජ බුද්ධිය

අලින්ගේ විශාල මොළය ගැන විතරක් නෙමෙයි, ඔවුන්ගේ සමාජ බුද්ධිය ගැනත් පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. අලින්ට තමන්ගේ පවුලේ සාමාජිකයන් හඳුනාගැනීමට, විවිධ සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට සහ කාලයත් සමඟ සමාජ ජාල වෙනස් කරගැනීමට හැකි බව පර්යේෂණවලින් පෙනී යනවා.

ඒ නිසා මව් අලියෙකු අහිමි වීම වැනි සිදුවීමක් අලියෙකුගේ ජීවිතයට සරල “අහිමිවීමක්” පමණක් නොවෙයි. එය ආහාර සෙවීම, ආරක්ෂාව, සමාජ සම්බන්ධතා සහ ඉගෙනීම වැනි දේවලටද බලපාන්න පුළුවන්.

උදාහරණයක් ලෙස, මව්වරුන් අහිමි වූ ගැහැණු අලි පිළිබඳ 2017 Scientific Reports පර්යේෂණයකින් පෙන්වා දී තිබුණේ ඔවුන්ගේ සමාජ සම්බන්ධතා වෙනස් වන බවත්, වැඩිහිටි ගැහැණු අලින් සමඟ තිබිය යුතු සම්බන්ධතාවලට ප්‍රවේශය අඩුවන බවත්ය. ඒ වෙනුවට ඔවුන් සහෝදරියන්, සම වයසේ අලින් සහ පිරිමි අලින් සමඟ වැඩි සම්බන්ධතා ගොඩනගා ගන්නා ආකාරය නිරීක්ෂණය කර තිබුණා. (Nature)

අලින්ට අපේ අවධානයත් තේරුම් ගන්න පුළුවන්ද?

මේක තවත් පුදුම සහගත කරුණක්. 2025 දී Scientific Reports හි පළ වූ පර්යේෂණයකදී, Asian elephants මිනිසෙකුගේ ශරීරය සහ මුහුණ හැරී ඇති දිශාව භාවිත කරමින් එම මිනිසා තමන් දෙස අවධානය යොමු කර තිබේද යන්න හඳුනාගන්නා ආකාරය පරීක්ෂා කර තිබුණා.

පර්යේෂණයේදී අලින් මිනිසාගේ ශරීරය සහ මුහුණ තමන් දෙසට හැරී තිබෙන විට වැඩි communication signals පෙන්වූ බව හඳුනාගෙන තිබෙනවා. එයින් පෙනී යන්නේ මිනිසාගේ visual attention ඔවුන්ගේ සන්නිවේදනයට වැදගත් බව අලින්ට තේරුම්ගත හැකි බවයි. (Nature)

තමන් ගැන අවබෝධයක්?

තවත් පර්යේෂණවලදී Asian elephants තමන්ගේ ශරීරය කාර්යයකට බාධාවක් බව හඳුනාගෙන ඒ අනුව තම ශරීරයේ පිහිටීම වෙනස් කරන ආකාරය නිරීක්ෂණය කර තිබෙනවා. එවැනි පර්යේෂණ self-awareness හෙවත් තමන්ගේ ශරීරය සහ තමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධය ගැන අලින්ගේ හැකියාව තේරුම් ගැනීමට වැදගත් සාක්ෂි ලබා දෙනවා. (Nature)

සියල්ල අපි අවසානයේදී ඔවුන්ගේ හැඟීම් ගැන අපි සැලකිලිමත් විය යුතු ඇයි? යන්නද අප කතා කළ යුතුය.

අලින්ට “මිනිස් විශාදය” තියෙනවා කියලා විද්‍යාත්මකව සරලව කියන්න බැහැ. ඒ වගේම ඔවුන් ශෝකයෙන් ආහාර නොගෙන “හිත හදාගෙන මිය යනවා” කියන ජනප්‍රිය ප්‍රකාශයත් විද්‍යාත්මක කරුණක් ලෙස ඉදිරිපත් කිරීම නිවැරදි නැති බවත් මේ ගැන සොයාගෙන යනකොට සමහරු පල කර ඇති අදහස්වල සදහන් වෙනවා.

නමුත් මව්වරුන් අහිමි වීමෙන් පසු සමාජ සම්බන්ධතා වෙනස් වීම, මරණය අසලදී විශේෂ හැසිරීම් පෙන්වීම, distress එකට ප්‍රතිචාර දැක්වීම සහ සමීප සමාජ බැඳීම් පවත්වා ගැනීම වැනි දේවල් පර්යේෂණවලින් නිරීක්ෂණය වී තිබෙනවා. (Nature)

ඒ නිසා අලියා ගැන අපි දන්නා තරමට වඩා අපි තවම නොදන්නා දේවල් බොහෝමයි.

අලියා කියන්නේ විශාල ශරීරයක් පමණක් නෙමෙයි.

 

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් Read Previous

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින්

සිහින අමුණන අද්භූත රෙදි වියන්නියෝ Read Next

සිහින අමුණන අද්භූත රෙදි වියන්නියෝ

Realted Post

Leave a comment