අවුරුදු 200කින් පණ එන අයිස් කරපු මිනිස්සු

මරණය කියන්නේ හැමෝටම උරුම දෙයක්. නමුත් මරණය පරාජය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සු කොටසකුත් ඉන්නවා. ඒ අය තමන්ගේ මරණයෙන් පසු සිරුර අයිස් කර තැන්පත් කරගන්නවා. ආදාහනය හෝ වළදැමීමක් සිදු කරන්නේ නැහැ.

ඔවුන් මෙසේ කරන්න හේතුව තමයි තව අවුරුදු 100කින් හෝ 200කින් මියගිය සිරුරුවලට නැවත පණ දෙන්න පුළුවන් වෙයි කියන එක. ලෝකයේ දියුණුවන වෛද්‍ය විද්‍යාවත් සමඟ ඒ කාලයේ සිටින විද්‍යාඥයින්ට මේ දේ කරන්න හැකිවෙයි යන විශ්වාසය ඔවුන් ළඟ තිබෙනවා.

මිනිසා මිය යාමෙන් පසු එම සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 190 ක් දක්වා අඩු කර දියර නයිට්‍රජන් පිර වූ විශාල වානේ ටැංකිවල ඒවා තැන්පත් කරනවා. සිරුරේ රුධිරය ඉවත් කර විශේෂ රසායනික ද්‍රව්‍යයක් ඇතුළු කරලා තමයි සිරුර අයිස් කරන්නේ. මේ ක්‍රියාවලිය හරහා සිරුර වීදුරු තත්ත්වයට පත් වී වසර සිය ගණනක් වුවත් ආරක්ෂිතව තබා ගන්න පුළුවන් බව ඔවුන් විශ්වාස කරනවා.

1967 දී මියගිය මහාචාර්ය ජේම්ස් බෙඩ්ෆර්ඩිගේ නිසල සිරුර අදටත් Alcor ආයතනයේ සුරක්ෂිතව තිබෙනවා. මේ වනවිට Alcor සහ Cryonics Institute වැනි ආයතනවල මෙසේ අයිස්වල තැන්පත් කළ සිරුරු 500කට අධිකයි.

උපුටා ගැනීම - අන්තර්ජාලය ඇසුරිනි

සටහන - සහශ්‍රිකා දයානන්ද

පාසැල් දරුවන්ට නොමිළේ  ඇස් කණ්ණාඩි Read Previous

පාසැල් දරුවන්ට නොමිළේ ඇස් කණ්ණාඩි

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග Read Next

දරුවාගේ සහජ කුසලතා වර්ධනයට ගර්භනී කාලයේදී මව ලබාගත යුතු ආහාර වර්ග

Realted Post

Leave a comment