ඇමසන් වනාන්තරයේ සැඟවුණු අගනගරය

ඇමසන් වැසි වනාන්තරයේ නඟරයක් කිව්වම මෙය අමුතු හැඟීමක් ඇති කරනවා නේද? 

බ්‍රසීලයේ ඇමසෝනාස් ප්‍රාන්තයේ අගනුවර වන මනාවුස් නඟරය සමස්ත ඇමසන් වැසි වනාන්තරයේ විශාලතම නගරය වනවා. 

මනවුස් වර්ග කිලෝමීටර් 11,401 ක දැවැන්ත ප්‍රදේශයක් ආවරණය කරනවා. හරියටම ලංකාවෙ ප්‍ර්මාණයෙන් 1/6ක්. ජනගහනය මිලියන 2.3 කට අධික පදිංචිකරුවන් සිටින මනාවුස් යනු නාගරික වනාන්තරයක්. එය බ්‍රසීලයේ 7 වන විශාලතම නගරය වගේම ඇමසන් ද්‍රෝණියේ ඇති  අගනගරය විදිහටත් හැඳින්වෙනවා.

ඒ වගේම මේ නඟරය බ්‍රසීලයේ ආර්ථික මධ්‍යස්ථාන වලින් එකක්. එහි නිදහස් වෙළඳ කලාපයේ (සෝනා ෆ්‍රැන්කා ඩි මැනවුස්)  ඉලෙක්ට්‍රොනික උපකරණ, යතුරුපැදි, විවිධ උපකරණ නිපදවන සැම්සුන්, එල්ජී සහ හොන්ඩා වගේ ගෝලීය සමාගම් පවා පිහිටා තිබෙනවා.

මේ නගරය ප්‍රධාන වශයෙන් ගංගා වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ඇමසන් වෙත පිවිසෙන ප්‍රධාන දොරටුව විදිහට කටයුතු කරනවා. එහි ආර්ථිකය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 22 කට වඩා වැඩියි. එය උතුරු බ්‍රසීලයේ ආර්ථික හදවත බවට පත් කරනවා.

උතුරු බ්‍රසීලයේ කාර්යබහුලම ගුවන් තොටුපල වලින් එකක් වන එඩ්වාඩෝ ගෝමස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MAO) හරහා මනවුස් ලෝකයට සම්බන්ධ වනවා.

එය වසරකට මගීන් මිලියන 2-3 කට අධික සංඛ්‍යාවක් හසුරුවන අතර  සාඕ පවුලෝ, රියෝ, මියාමි, පැනමා නගරය සහ අනෙකුත් ප්‍රධාන ගමනාන්ත සමඟ සම්බන්ධ වනවා.

වැසි වනාන්තරවලින් වටවී තිබුණත්, මනවුස් සාමාන්‍යයෙන් ඉතා නවීන නඟරයක් විදිහට සැලකෙනවා. අහස උසට ගොඩනැගිලි, සාප්පු මධ්‍යස්ථාන සහ විශ්ව විද්‍යාල සමඟ  එය තවත් ජනාකීර්ණ වෙනවා. නමුත් එහි හුදකලාව බව පවතිනවා.  මේ නඟරයෙන් පිටතට යන ප්‍රධාන මාර්ගයක් පමණක් ඇති අතර බොහෝ සැපයුම් ගුවන් මගින් හෝ ගංගා බෝට්ටු මගින් සිදු කරනවා. 

කෙසේ වෙතත්, මැනවුස් ද විශාල ගැටළු වලට මුහුණ දෙනවා. ඒ වගේම වන විනාශය, දරිද්‍රතාවය සහ අධික ආර්ද්‍රතාවය වගේ දේවල් වලට මුහුණ දෙනවා.  ඊට අමතරව ගංවතුර සහ දූෂණය, නගරයට සහ අවට වැසි වනාන්තර පරිසර පද්ධතියට තර්ජනයක් වෙලා තියෙනවා.

ඒ වගේම තමයි මනාවුස්  නගර මධ්‍යයේ ඉඳන් මිනිත්තු 30 ක පමණ කාලයකින් බෝට්ටුවකින් ඇමසන් වැසි වනාන්තරයකට ගමන් කළ හැකි ලෝකයේ තිබෙන  නගර කිහිපියෙන් එකක් විදිහටද සැලකෙනවා.

ඔබ කවදා හෝ ඇමසන් වෙත යාමට අදහස් කරනවා නම්, මනාවුස් නඟරය තමයි ඔබේ දොරටුව වන්නේ.

සටහන - කසුනි විජේසිංහ 

සිය දිවි නසා ගන්නා යුවතියකගේ මානසිකත්වය විඳි ඈ තම ජීවිතය ඉදිරියේ වූ අභියෝගයත් පිළිගත්තාය Read Previous

සිය දිවි නසා ගන්නා යුවතියකගේ මානසිකත්වය විඳි ඈ තම ජීවිතය ඉදිරියේ වූ අභියෝගයත් පිළිගත්තාය

බෞද්ධයන්ට වැදගත් ඉල් පුණු පොහොදා Read Next

බෞද්ධයන්ට වැදගත් ඉල් පුණු පොහොදා

Realted Post

Leave a comment