කාන්තාව ගැන සමාජයේ ඇති දුර් මත

අතීත සමාජය ඉතාම පටු සීමාවක සිට කාන්තාව නිර්වචනය කර තිබේ. පවුල  පුරුෂ මූලිකව නිර්මාණය වී පැවතීම මත පැරණි මෙන්ම නූතන සමාජය තුළද කාන්තාව අඩු වැඩි වශයෙන් පීඩාවට ලක් වේ.  මේ තත්ත්වය වර්තමානයේ ලිහිල් වූවත් අතීතයේ දරුණුවටම පැවත තිබේ. වර්තමාන සමාජය තුළ කාන්තාවට යම් ගෞරවයක් සහ අභිමානනීයත්වයක් සමාජය විසින්ම හිමිකර දුන්නත් අප මේ සඳහන් කිරීමට යන ඉතිහාස කරුණුවල නම් කාන්තාව එක් අංශුමාත්‍රයකින් හෝ පිළිගැනීමට මෙන්ම ගෞරවයට  පාත්‍ර කොට නොතිබේ.    

විවිධ සමාජවල කාන්තාවට හිමි වූ තැන

ග්‍රීක දාර්ශනිකයකු වන සොක්‍රටීස් කාන්තාව පිළිබඳව පවසා ඇත්තේ ”කාන්තාවන් සිටීම ලොව පරිහානියට ප්‍රබල හේතුකාරකයක් බවයි.
ග්‍රීක සංස්කෘතියට නොදෙවෙනි රෝම සංස්කෘතිය තුළද කාන්තාව, පණ නැති වස්තුවක් වශයෙන් සලකනු ලැබීම නිසා එම සමාජය තුළ කාන්තාවට කිසිදු ගෞරවයක් හෝ සැලකිල්ලක් හිමි නොවීය.
එසේම රෝම නීතිය තුළ ස්ත්‍රියට කිසිසේත්ම ස්වාධීන පැවැත්මක් හිමි නොවුණු අතර ඇය සදාකාලිකවම භාරකාරයෙකුගේ පාලනයට යටත් විය.
ඉන්දියාවේ හින්දු වැසියන් අතර පවතින චාරිත්‍රයක් වන, සති පූජාවේදී තම ස්වාමියා මිය ගිය පසු එම මෘත දේහය ආදාහනය කරන මොහොතේ ඔහුගේ බිරිඳ ද එම ගිඅන්නටම පැන මිය යා යුතුය.” එනම් තම ස්වාමියාගෙන් තොර ලෝකයක් පිළිබඳ සිතීමට පවා නොහැකි බවට මෙම චාරිත්‍ර මගින් පෙන්වා දෙයි.
චීන ජාතිකයන්, කාන්තාව ධනයත්, භාග්‍යයත් අහිමි කරවන දුර්භාග්‍යමත් කාරණයක් ලෙස සලකනු ලැබූ අතර සියල්ලට විපත ගෙන එන ජලයට ඇය සමාන කරන ලදී.

ලොව විප්ලවකාරීන් වන යුදෙව්වන් එදා කාන්තාව සැලකුවේ සියලුම ආකාරයේ පාපයන්ට උරුමකම් කියන පිරිසක් වශයෙනි. ඇය ආදම්ව නොමඟ යවා තහනම් ගසේ ගෙඩි කන්නට සැලැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිස් සමාජය බිහිවී දුක් විඳින්නට සිදුවී ඇති බවත් ඔවුන් විසින් විශ්වාස කරන අතර කාන්තාව ස්වභාවයෙන්ම අපිරිසුදු මැවීමක් බවත් ඇය සිටින නිවසත් ඇයගේ ස්පර්ශයට හසුවන සියල්ලමත් අපිරිසුදු තත්ත්වයට පත්වන බවත් ඔවුහු විශ්වාස කරති.

ක්‍රිස්තියානිවරුන් කාන්තාව ෂෙයිතාන්ගේ (නපුරෙහි) දොරකඩ ලෙස සලකනු ලැබ ඇත.
වර්තමාන බෞද්ධ ආගමික භාවිතාව තුළ රන් වැටකින් වටවී ඉහළ මළුවේ වැජඹෙන බෝධීන් වහන්සේ අසලට පැන් කළයක් රැගෙන යන්නට කාන්තාවන්ට වරම් ලැබෙන්නේ නැත. තම කෙස් වැටියේ සඟවාගෙන දන්ත ධාතුව ලංකාවට වැඩම කරවූයේ හේමමාලා කුමරිය වුවද උන්වහන්සේ වැඩ සිටින මාලිගය හෙවත් පත්තිරිප්පුවට ගොඩ වීම කාන්තාවන්ට අකැපය. එසේම දළදා පෙරහැරට සහ දළදා මාලිගයේ තේවාවන් සඳහාද කිසිම විටෙක කාන්තාවන් සහභාගී කර නොගනී. මේ සෑම දේකටම හේතුව වශයෙන් දක්වන්නේ ගැහැනිය අපිරිසුදු යැයි පවතින සමාජ මතය වේ.
ඉස්ලාම් ආගමික කාන්තාවන්ට තම මුළු සිරුරම කළුලෝගුවකින් වසාගෙන සිටීමට නියමවී ඇත. එමෙන්ම ඇගේ විවාහය බොහෝවිට තීන්දු වන්නේ තම පියාට හා වැඩිමහල් සොහොයුරන්ට අවශ්‍ය පරිදිය. ඔවුන් පවසන ඕනෑම අයෙකු සමග විවාහ වීමට ඉස්ලාම් කාන්තාවන්ට සිදු වේ. එම ආගමට අනුව වයස අවුරුදු 12ට වැඩි ඕනෑම කාන්තාවක් විවාහ කර දීමට අවසර ඇත. පිරිමියා බහු විවාහ සිදු කළත් කාන්තාවට ඒ අයිතිය අහිමිය.
ලෝකය බිහිවී ඇත්තේ හිරුගේ රශ්මියෙන් සහ මවගේ කිරිවලිනි. යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් ඇත්තේ ලෝකයේ පැවැත්මට සූර්ය කිරණ සේම කාන්තාව ද වටිනා බැවිනි. නමුත් මව,  දියණිය, කාන්තාව, යෙහෙළිය සඳහා මෙලෙස පහත් කොට හෝ අතීත දුර්මතයන්ගෙන්ම සැලකීම සමාජීය පරිහානියට ද හේතුවකි.
වසර 1979 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇති කරගනු ලැබූ ස්ත්‍රීන්ට එරෙහිව සියලු ආකාර වෙනස්කම් පිටු දැකීමේ සම්මුතියේ  5 වැනි වගන්තිය මෙම තත්ත්වය පිටු දැකීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.  එහි 5 වැනි වගන්තියේ දක්වා ඇත්තේ කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු යන්නයි. නමුත් තවමත් අහෝසි නොවුණු කාන්තා අගතීන් හා දුර්මත සමාජයෙන් තුරන් කිරීමට කාලය එළැඹ ඇත.
සෑම මිනිසෙක් සහ ගැහැනියක්ම මෙලොවට බිහි වී ඇත්තේ ගැහැනියකගේ කුස තුළින් වුවත් සමාජය තුළ කාන්තාව පහත් කොට සලකනු ලබන්නේ ආගම හෝ සංස්කෘතිය තුළ තිබෙන දෙයක් නිසා නොව මිනිසාගේ සිතුවිලි සහ ආකල්ප හේතු කොටගෙන බව ඇතැම් ආකල්ප මත තහවුරු වේ.

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

හිතටත් ගතටත් වද දෙන නඟන Read Next

හිතටත් ගතටත් වද දෙන නඟන

Realted Post

Leave a comment