නිදහස තිබුණට හරියට භුක්ති විඳින්නේ නැති ප්‍රශ්නයක් තියනවා...

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක හා සමානව සාර්ථක කරගත් රංගන ශිල්පීන් මෙරට සිටින්නේ අතළොස්සකි. පාලිත සිල්වා ඒ අතරින් ඉදිරියේම සිටින රංගන ශිල්පියෙක්.

ඔහු බොහෝ අංශ වලින් ඔහුගේ කුසලතා දියුණු කරගෙන තිබෙනවා. ඔහු අධ්‍යක්ෂකවරයෙක්.
නිෂ්පාදකවරයෙක්. පිටපත් රචකයෙක් වගේම පොත් කර්තෘවරයෙක්.

විවිධ චරිතවලට පණ පෙවූ ඔහු මේ වන විට වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට ගණ නාවකට දායකත්වය ලබා දී තිබෙනවා. රිදී තිරයේ දී අනගාරික ධර්මපාල චරිතයට ද පණ පෙවූ ඔහු අපේ නිදහස් සැමරුම පිළිබඳ කතා කිරීමටද සිරිකත පුවත් පත සමගින් එක් වී තිබුණා. 

ඔබ හිතන විදියට ලංකාවේ නිදහසක් තියෙනවද?

නිදහස තිබෙනවා නිදහස තිබුණට හරියට භුක්ති විඳින්නේ නැති ප්‍රශ්නයක් තිබෙනවා. වෙනත් රටවල නිදහස භාවිත කරන්නේ රටේ ජාතියේ යහපත උදෙසයි. නමුත් අපේ රටේ නිදහස කියන දෙය භාවිත කරන්නේ තමන්ගේ පෞද්ගලික මතිමතාන්තර සඳහායි. ලංකාවේ එක රටක් ජාතියක් විදියට නිදහස භාවිතා කළේ යුද්ධය අවසන් වන තෙක් පමණයි. ඉන්පසු එක එක්කෙනා එක් එක් පැති වලට සම්බන්ධ වී බේද වීම් ඇතිවුණා අනෙක් රටවල නිදහස සාමූහිකව භුක්ති විඳිද්දී අපේ රටේ පමණක් නිදහස නිදහස් වන්නේ නැහැ නිදහසින් උපරිම ප්‍රයෝජන ගන්නා රටක් ලෙස ඉන්දියාව හඳුන්වන්න පුළුවන්.

අනගාරික ධර්මපාල තුමාගේ චරිතයට ඔබවම තෝරාගත්තේ ඇයි?

ඇත්තටම මම හිතුවේ නෑ මට මේ වගේ චරිතයක් ලැබෙයි කියලා. විමලජෝති ස්වාමීන් වහන්සේට ඒ ගැන ස්තූතිය පුද කරන්න ඕනේ මම රංගනයෙන් දායක වූ වීර පුරන් අප්පුගේ චරිතය හරහා මට මෙම චරිතය ලැබුණේ. මගේ සීයත් අනගාරික ධර්මපාලතුමාගේ මුහුණුවර සාමාන්‍ය ලෙස තිබුණ කෙනෙක් මේ චරිතය නිර්මාණය කරගන්න මට ගොඩක් දෙනෙක් සහාය දුන්නා. ඒ සහය නිසා සාර්ථකව එම චරිතයට රංගනය ලබා දෙන්න පුළුවන් වුණා.

ලංකාව තුළ කාන්තාවගේ නිදහස දකින්නේ කොහොමද?

කාන්තාව කියන්නේ අපේරටේ ශ්‍රම බලකාය අපේ රටේ බොහෝ ස්ථාන වල කාන්තා ප්‍රමුඛත්වය වැඩියි. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ නොයෙකුත් අංශ වලින් කාන්තාව ප්‍රමුඛත්වය ලබා දෙනවා රටේ මුල් පුරවැසියා සිට නොයෙකුත් රාජ්‍යන්තර කටයුතු දක්වා කාන්තාවගේ දායකත්වය ලැබෙනවා ඒ සඳහා අවශ්‍ය නිදහස් මානසිකත්වයක් නිදහස් වටපිටාවක් මේ වන විට කාන්තාව සතුව තිබෙනවා ඒ වගේම ලෝකයටම ආදර්ශයක් ලෙස කාන්තා නායකත්වයන් අපේ රටේ දක්නට ලැබෙනවා.


සටහන - ඉෂංකා ජයසූරිය

බඩ වැඩිද? ආස ඇඳුමක් ආස කෑමක් කන්න බැරිද? බඩ අඩුකරන ආයුර්වේද ප්‍රතිකාර මෙන්න Read Previous

බඩ වැඩිද? ආස ඇඳුමක් ආස කෑමක් කන්න බැරිද? බඩ අඩුකරන ආයුර්වේද ප්‍රතිකාර මෙන්න

දීප ව්‍යාප්ත ගද්‍ය රචනා තරගාවලියේ දෙවන ස්ථානය තුෂ්මිණීට Read Next

දීප ව්‍යාප්ත ගද්‍ය රචනා තරගාවලියේ දෙවන ස්ථානය තුෂ්මිණීට

Realted Post

Leave a comment