පාට දෙකක සපත්තු දැම්ම නිසා මට බැන්නා

වෙනස් චරිතයක්, වෙනස් තරුණයෙක්, වෙනස් Style එකක් සමඟ වෙනස් ම වූ කතා බහක් වෙනුවෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රිය චරිතයක් ලංකාදීප Online කතාව with Ash සමඟ සම්බන්ධ වුණා. ඒ රූපලාවණ්‍ය ශිල්පි දිනුක් මදුමාධව. මේ ඔහු සමඟ සිදු කළ සංවාදයක සටහනක්.

ඔබේ ෆැෂන් සම්බන්ධව මිනිසුන්ගෙ විවේචන මොනවාද ?

මූණට තාම මොකුත් කියල නැති වුණත් Facebook ඒකේ නම් වයිරල් යනව ගොඩක් වීඩියෝස්. ඒ මගේ වෙනස් ෆැෂන් එක හේතුවෙන්මයි. ඒත් ඒවට බනින්න නරකයි. වරක් පාට දෙකක සපත්තු දෙකක් පැළඳගෙන සිටීම නිසා මිනිස්සු ගොඩක් බැනලා තිබ්බා. Socoial media දියුණු වුණාට මිනිස්සු ඒ ෆැෂන් අනික් අයගෙන් දකින්නෙ නැතුව ඇති. ගොඩක් වෙලාවට මේ Style එක කට්ටිය පාවිච්චි කරනවා. එක්තරා ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් මේ Style එක භාවිත කරනවා.

හැමවෙලාවක ම තමන් තමන් විය යුතුයි නේද ?

ඔව්. කාවවත් Follow කරන්න හොඳ නැ. තමන්ට මුලින් ම target එකක් තියාගන්න ඕනි. මම ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්තෙ නෑ. මං ආසම ෆැෂන් පැත්තට. කොණ්ඩෙ කපන්න ගියත් මං අනික් අයගෙ කොණ්ඩෙ කපන දිහා ආසාවෙන් බලන් ඉන්නවා. ඉගෙනීම මඟ දි නතර වුණත් අපිට ඉස්සරහට යන්න ඕනි තරම Course තියනවා. ලංකාවෙ තරම් දියුණු මිනිස්සු නැ. ලංකාවෙ ඉන්නෙ වෙනස් ම දේවල් කරන මිනිස්සු. ඒ ගොල්ලො ඒක හරියට තේරුම් අරන් නැතිකම තමා ගැටලුව.

ගොඩක් දෙනෙක් සමහර ෆැෂන් කරන්න කැමති වුණත් සංස්කෘතික ප්‍රශ්න නිසා ඒව කරන්නෙ නෑ. මේ දේ ගැන මොකක් ද ඔබ හිතන්නෙ ?

ඒක ඉස්සර ඉඳන් ම තිබ්බ ගැටලුවක්. ඒක හැදෙන්නෙ ම නැති දෙයක්. මුල්කාලෙ පච්චවලට බැන්නා. දැන් ටැටූවලට බනිනවා. දැන් ලංකාවෙ 90%ක් වගේ ම ගැහැනු පිරිමි දෙපාර්ශවය ම ටැටූ කරල ඉන්නෙ. ටැටූ ගහපු කෙනත් අනික් අයට බනිනවා. ලංකාව Social Media වලින් දියුණු වුණත් තාම මනසින් දියුණු නෑ.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රය කොල්ලෙක්ට හොඳ ක්ෂේත්‍රයක් ද ස්ථාවරත්වයක් ගොඩනඟා ගන්න ?

අනිවාර්‍යෙන්ම. හැබැයි ඒ දේ හරියට කරන්න ඕනි. පාසල් අධ්‍යාපනය හොඳින් නිම කරල ඊළඟට අවුරුදු 5ක් 6ක් හොඳ පුහුණුවක් ලබාගන්න ඕන. ලංකාවෙන් එහා ගිය දෙයක් Follow කරන්න ඕනි. ඒ විදිහට හැඩගැහෙන්න ඕනි. එහෙම වුණොත් ඉතින් ලොකු ගමනක් යන්න පුලුවන්.


උපුටා ගැනීම - ලංකාදීප Online කතාව with Ash

සටහන - සහශ්‍රිකා දයානන්ද

ජනප්‍රිය නිළි අනුෂා සොනාලි  දිවි සැරියෙන් සමු ගනියි..... Read Previous

ජනප්‍රිය නිළි අනුෂා සොනාලි දිවි සැරියෙන් සමු ගනියි.....

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් සමුගනී Read Next

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් සමුගනී

Realted Post

Leave a comment